The Leader News
BREAKING
Top Ad
පුවත්

'මැද පෙරදිග යුද්ධයේ බලපෑම ලෝක ආර්ථිකයට තුන් ආකාරයකින් බලපානවා' - IMF

T

The Leader Desk

March 11, 2026 • 10:07 AM

'මැද පෙරදිග යුද්ධයේ බලපෑම ලෝක ආර්ථිකයට තුන් ආකාරයකින් බලපානවා' - IMF

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම ලෝක ආර්ථිකයට තුන් ආකාරයකින් බලපාන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා ප්‍රකාශ කළාය.
  • මේ නිසා ගෝලීය ආර්ථිකයට උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවිය හැකිය.
  • ආහාර සහ අනෙකුත් භාණ්ඩ සහ සේවා මිල ගණන් කෙටි කාලීනව ඉහළ යාමට ඉඩ ඇති බව ඇය පැවසුවාය.
  • දෙවනුව ගෝලීය සමාජ ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වය ඉහළ යෑමට බලපායි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම ලෝක ආර්ථිකයට තුන් ආකාරයකින් බලපාන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා ප්‍රකාශ කළාය.

එම බලපෑම් අතර,

* පළමුවැන්න ගෝලීය ඉන්ධන (තෙල් සහ ගෑස්) මිල ගණන් ඉහළ යෑමයි. මේ නිසා ගෝලීය ආර්ථිකයට උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවිය හැකිය. ආහාර සහ අනෙකුත් භාණ්ඩ සහ සේවා මිල ගණන් කෙටි කාලීනව ඉහළ යාමට ඉඩ ඇති බව ඇය පැවසුවාය.

* දෙවනුව ගෝලීය සමාජ ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වය ඉහළ යෑමට බලපායි. ඉහළ ගෝලීය අවිනිශ්තිතතාවයක් පැවතීම ආයෝජන, වෙළෙඳ හා නිෂ්පාදන කටයුතු වලට අහිතකර බලපෑම් එල්ල කළ හැකි වේ. විශේෂයෙන් අවිනිශ්තතාවය හේතුවෙන් මූල්‍ය වෙළෙඳ පොළ සහ ප්‍රාග්ධන වෙළෙඳ පොලවල් බිඳ වැටීමට හේතුවේ.

* තුන්වෙනුව වත්මන් යුද මෙහෙයුම හේතුවෙන් වෙළෙඳ, සංචාරක සහ ජාත්‍යන්තර ගමනාගමන කටයුතු අඩපණ වීමෙන් ලෝක ආර්ථික වර්ධනයට සෘණාත්මක බලපෑමක් එල්ල කරයි.

මැද පෙරදිග යුද්ධය ඉහත සඳහන් තුන් ආකාරයකට ලෝක ආර්ථිකයට බලපෑම් කරන අතර එහි තරම මූලික වශයෙන්ම තීරණය වන්නේ යුද්ධය කොතෙක් කලක් පවතීවිද යන්න මත බවත් අධ්‍යක්ෂවරිය කීවාය.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...