The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

ආණ්ඩුවේ ලොක්කන්ගේ දූෂණ ගැන මන්ත්‍රී අර්චුනා IMF ලොක්කන්ගේ මුණටම කියයි !

T

The Leader Desk

April 4, 2026 • 4:48 AM

ආණ්ඩුවේ ලොක්කන්ගේ දූෂණ ගැන මන්ත්‍රී අර්චුනා IMF ලොක්කන්ගේ මුණටම කියයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය කර ඇත්තේ මූල්‍ය අරමුදලේ ප්‍රධානින් ශ්‍රී ලංකාවේ දූෂණ වැළැක්වීම සම්බන්ධව කරුණු සමාලෝචනය කිරීමේදීය.
  • මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති අර්චුනා මන්ත්‍රීවරයා, ප්‍රධාන හේතු තුනක් මත වත්මන් ආණ්ඩුවට දූෂණය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වන පසුබිමක දූෂණය වැළැක්වීම ගැන කතා කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර ඇත.
  • ඉන් පළමු චෝදනාව එල්ල වන්නේ සභානායක සහ කැබිනට් අමාත්‍ය බිමල් රත්නායකට බව පවසා ඇති හෙතෙම, ඇමතිවරයාගේ දැනුවත්භාවය යටතේ නීති විරෝධී ලෙස වරායෙන් කන්ටේනර් 323 නිදහස් කිරීම බරපතළ දූෂණයක් බව අවධාරණය කර තිබේ.
  • එසේම කැබිනට් ඇමති කුමාර ජයකොඩිට ගල් අඟුරු ආනයනයේදී රුපියල් කෝටි සිය ගණනක් අවභාවිතය සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය කර ඇත්තේ මූල්‍ය අරමුදලේ ප්‍රධානින් ශ්‍රී ලංකාවේ දූෂණ වැළැක්වීම සම්බන්ධව කරුණු සමාලෝචනය කිරීමේදීය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති අර්චුනා මන්ත්‍රීවරයා, ප්‍රධාන හේතු තුනක් මත වත්මන් ආණ්ඩුවට දූෂණය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වන පසුබිමක දූෂණය වැළැක්වීම ගැන කතා කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර ඇත.

ඉන් පළමු චෝදනාව එල්ල වන්නේ සභානායක සහ කැබිනට් අමාත්‍ය බිමල් රත්නායකට බව පවසා ඇති හෙතෙම,  ඇමතිවරයාගේ දැනුවත්භාවය යටතේ නීති විරෝධී ලෙස වරායෙන් කන්ටේනර් 323 නිදහස් කිරීම බරපතළ දූෂණයක් බව අවධාරණය කර තිබේ.

එසේම කැබිනට් ඇමති කුමාර ජයකොඩිට ගල් අඟුරු ආනයනයේදී රුපියල් කෝටි සිය ගණනක් අවභාවිතය සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

මීට අමතරව කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ද බරපතළ දූෂණ චෝදනා එල්ල වී ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

ආණ්ඩුවේ ප්‍රබලයන් විසින් සිදුකරන ලද මෙම දූෂණ ක්‍රියා සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තොරතුරු දන්නේදැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇති අර්චුනා මන්ත්‍රීවරයාට මූල්‍ය අරමුදල් නියෝජිතයින් පවසා ඇත්තේ, තමන්ට ඒ පිළිබඳව කිසියම් දැනීමක් ඇති බවයි. ඒ අවස්ථාවේදී රැස්වීමේ සිටි මුදල් නියෝජ්‍ය‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ආණ්ඩුව වෙනුවෙන් කරුණු දක්වා තිබේ.


නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මුලසුන දැරූ මෙම රැස්වීමට සෙසු මැති ඇමතිවරුන් සමග රවී කරුණානායක, මනෝ ගනේශන්, හිස්බුල්ලා ඇතුළු පිරිසක් ද සහභාගී වුහ. මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ නායක එවන් පැපජෝජියෝ සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද මීට සහභාගි වේ සිටියහ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් වාර්තාවන තොරතුරු අනුව මන්ත්‍රී අර්චුනා මතු කළ චෝදනා හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත් වූ පත්වු බව ඇමති අනිල් ජයන්ත ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන්ට පැමිණිලි කර තිබේ.

| lankalokaya 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...