පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර LGBTQ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ආගන්තුකයන්ට ආරක්ෂිතව සිටිය හැකි ‘ප්‍රයිඩ් නිවහන’ -
Pride House - සෙන් ගංගාව මත දිග බෝට්ටුවක දැන් දියත් කර තිබෙනවා.
මේ පාරුව රඳවා තිබෙන්නේ පැරිස් නගරය මැද Grand Palais සහ Place de la Concorde අතර.
මේ පාරුව රඳවා තිබෙන්නේ පැරිස් නගරය මැද Grand Palais සහ Place de la Concorde අතර
ඔලිම්පික් උත්සව සිරිය සියළු දෙනාටම අයිති දෙයක් බවට ප්‍රංශය සහතික වනු ඇතැයි ප්‍රංශයේ සමානතාවේ ඇමති Aurore Berge ඔලිම්පික් ‘ප්‍රයිඩ් නිවහන’ විවෘත කරමින් ප්‍රකාශ කළා.
පළමු ඔලිම්පික් ‘ප්‍රයිඩ් නිවහන’ ස්ථාපිත කෙරුනේ කැනඩාවේ Vancouver නුවර පැවති 2010 ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ.
මෙය, LGBTQ ජනතාවගේ අයිතීන් ප්‍රධාන ක්‍රීඩා උත්සව හරහා ඉදිරියට තල්ලු කිරීමේ පළල් මෙහෙයුමකට මුල පිරීමේ ක්‍රියාවලියේ එක් කොටසක්. පළමු ඔලිම්පික් ‘ප්‍රයිඩ් නිවහන’ ස්ථාපිත කෙරුනේ කැනඩාවේ Vancouver නුවර පැවති 2010 ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ. එහි පූර්වාදර්ශය 2021Tokyo ඔලිම්පික් ක්‍රීඩා උළෙල වූ අතර එහිදී LGBTQ අන්තර්ගතයේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කෙරුනා.
“පැරිස් ඔලිම්පික් උළෙලට එන ක්‍රීඩකයන් අතර තමන්ව සම්පූර්ණයෙන්ම පිළිගත් රටකට කිසිදා නොගිය ක්‍රීඩකයන් ඉන්න ඉඩ තිබෙනවා. මෙහෙදී ඔවුන්ට ඔවුන්ගේ විදියට ඉන්න පුළුවන් බව වටහා ගත්තාම ඔවුන්ට ලොකු සහනයක් දැනේවි” යැයි වියට්නාමයේ LGBTQ ක්‍රීඩකයෙකු හා ‘ප්‍රයිඩ් නිවහන’ තානාපතිවරයෙකු වන Amazin Le Thi පවසනවා.
සමලිංගිකයන්ගේ විශ්වාසයන් හා අනන්‍යතාවන් ප්‍රකාශ කිරීම සීමා කරමින් කළින් පනවා තිබූ නීති ජගත් ඔලිම්පික් කමිටුව විසින් 2021 වසරේදී ලිහිල් කළා.
සමලිංගිකයන්ගේ විශ්වාසයන් හා අනන්‍යතාවන් ප්‍රකාශ කිරීම සීමා කරමින් කළින් පනවා තිබූ නීති ජගත් ඔලිම්පික් කමිටුව විසින් 2021 වසරේදී ලිහිල් කළා. මේ වෙනස නිසා ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී දේදුනු වර්ණ පැළඳීමට අවස්ථාව උදාවූ අතර 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ද තරග නොකරණ අවස්ථාවලදී ක්‍රීඩකයන්ට නිදහසේ ඔවුන් සිතන දේ පළ කර සිටීමට අවස්ථාව ලැබෙනවා.
‘ප්‍රයිඩ් නිවහන’ ආගන්තුකයන් සඳහා විවෘත වීමට නියමිතව තිබෙන්නේ ජූලි 26 වැනිදා පැවැත්වෙන ඔලිම්පික් සමාරම්භක උත්සවයෙන් පසුව.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
