leader s

ඇමරිකානු අරමුදල් මත යැපෙන ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාවේ සමාජ එකමුතුභාවය විස්ථායී-කොට වැඩසටහන ප්‍රතිසංස්කරණය කරනවා ද?

 

ආගමික සංවර්තිතය උදෙසා පුද්ගලයන් බඳවා ගැනීම අරමුණුකොට ගත් ශ්‍රී ලංකාවේ ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායමක් විසින් කාන්තාවන් සහ සමරිසි (LGBT+) පුද්ගලයන්ට එරෙහි වෛරී ව්‍යාපාරයක් රැගෙන යන බව වාර්තා වේ. 

මෙම වෛරී ව්‍යාපාරයට කතෝලික සභාව විරෝධය ප්‍රකාශ කරයි. සමරිසි (LGBT+) පුද්ගලයන් සාපරාධීකරණයට ලක්කරන නීති “පාපතර” බව ශුද්ධ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් ප්‍රකාශ කර ඇත.

ලක්ෂ 15 ක සමරිසි ඡන්දදායකයෝ පාර්ලිමේන්තු තීන්දුව ගැන විමසිල්ලෙන් !

 

මෑත මාස කිහිපය තුළ, ඇමරිකානු අරමුදල් මත යැපෙන ශ්‍රී ලංකාවේ ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායම් විසින්, මෙරට ආගමික සහ සමාජීය සංහිඳියාවට බරපතල අන්දමින් තර්ජනයක් එල්ලවන ආකාරයේ ක්‍රියාකාරකම් ආරම්භකොට ඇත. 

 

PHOTO 2024 07 22 11 29 51 2
ඇමරිකානු ආධාරක ඉවැන්ජලික ක්‍රිස්තියානුවන්ගේ මූල්‍ය ආධාර යහමින් ලැබෙන මෙම කණ්ඩායම්, ආගම තම වාසියට හරවා ගනු ලබන ආගමික සංවර්තිතයක් උදෙසා පුද්ගලයන් බඳවා ගන්නා බවට තොරතුරු වාර්තා වී ඇති අතර, මොවුන් විසින් එකී ක්‍රියාකාරකම් දියත් කරනු ලබන්නේ විශේෂයෙන්ම කතෝලික, බෞද්ධ, හින්දු සහ මුස්ලිම් ජනතාවට එරෙහිව ය. 

PHOTO 2024 07 22 11 29 51මෑතකාලීනව, මෙම කණ්ඩායම් ශ්‍රී ලංකාවේ සමරිසි (LGBT+) ප්‍රජාව සහ කාන්තාවන්ගේ ප්‍රජනන හා සෞඛ්‍ය අයිතිවාසිකම්වලට එරෙහිව සාවද්‍ය තොරතුරු සහ කතාන්දර ප්‍රචාරණය කරන ව්‍යාපාරයක් දියත් කිරීමට යොමුව තිබේ. මෙම උපායමාර්ග ඔවුන් විසින් දියත් කරනු ලබන්නේ, විශේෂයෙන්ම එවන් ප්‍රජාවන්ගේ ගැටළු පිළිබඳ අවබෝධයක් නොමැති අනෙකුත් ආගම්වල පුද්ගලයන්ගේ අවධානය දිනා ගැනීම සඳහාවන අතර, ඒ තුළින් ජන මතය මුළා කොට ආගමික සංවර්තිත අභිලාෂයන් කෙරේ පුද්ගලයන් බඳවා ගැනීමේ අලෙවිකරණ වැඩපිළිවෙලක් දියත් කිරීමට මෙකී කණ්ඩායම් විසින් කටයුතු කර තිබේ. 

උපායමාර්ග සහ ක්‍රමවේද 

 

evanj1
මෙහි නවතම ව්‍යාපාරය දියත්කොට තිබෙන්නේ අගේප් (Agape) දේවගැති-ධුරයේ පාස්ටර් ෂානුක එලංගසේකර නැමැති තැනැත්තාගේ නායකත්වයෙනි. අගේප් හි මූලාරම්භය පවතින්නේ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ය. සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා, මව්වරුන්ගේ පෙරමුණ (Mother’s Movement) නමින් ආගමික සංවර්තිතය උදෙසා පුද්ගලයන් බඳවා ගන්නා ව්‍යාපාරයක් ඔහු විසින් නිර්මාණය කර තිබේ.

 

Meeting of the Southern Mothers Front 1991දකුණු මව්වරුන්ගේ පෙරමුණේ රැස්වීම. ඡායාරූපය: Stephen Champion (බොහෝ විට 1991)

PHOTO 2024 07 22 13 23 55

මව්වරුන්ගේ පෙරමුණ (Mother’s Movement) විසින් අනුකරණය කරනු ලබන්නේ, ශ්‍රී ලංකාවේ පළමු විවෘත සමරිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙන්ම අමාත්‍යවරයා වූ දිවංගත මංගල සමරවීරගේ ප්‍රචාරණ උපායමාර්ගයි. සමරවීරගේ මව්වරුන්ගේ පෙරමුණ (Mother’s Front), 1980 ගණන්වල ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල ආරම්භ වූ සමයේ, ශ්‍රී ලංකාවේ අතුරුදන් වූ දරුවන්ගේ මව්වරුන් වෙනුවෙන් ව්‍යාපාරයක නිරත වූයේය. ඊට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගනිමින්, එලංගසේකරගේ මව්වරුන්ගේ පෙරමුණ (Mother’s Movement) ආගමික සංවර්තිතය උදෙසා සිය ආගම වෙත පුද්ගලයන් බඳවා ගැනීමේ අරමුණින් වෛරී සහගත හා සාවද්‍ය ප්‍රචාරණයන් දියත් කරමින් සිටියි. 

PHOTO 2024 07 22 11 29 49 2

 

ශ්‍රී ලංකාවේ ඉවැන්ජලික කණ්ඩායම්, ආගමික සංවර්තිතය උදෙසා බහුවිධ ප්‍රවේශ ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලති. මොවුහු බොහෝ විට අධ්‍යාපනය, යහපත් සෞඛ්‍යය, සහ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙලවල් දියත් කරන පුණ්‍යායතන මුවාවෙන් සිය සැබෑ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරති. මේ අන්දමින් ජනතාව මුලා කරන උපායමාර්ග අනුගමනය කරන මෙම කණ්ඩායම්, තම ආගමික සංවර්තිත අභිලාෂයන් සඳහා පුද්ගලයන් යොමුකරවීමට ප්‍රථම එමඟින් ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනඟා ගැනීම සිදුකරති. 

සමරිසි (LGBT+)-විරෝධී කතාන්දර ප්‍රචාරණය

 

සමරිසි කාන්තාවක ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඓතිහාසික පෙත්සමක්
සංවර්තිත ප්‍රයද්නයන්ට සමඟාමීව, මෙම ඉවැන්ජලික කණ්ඩායම් සමරිසි (LGBT+) විරෝධී කතාන්දර ප්‍රචාරණය කිරීම කෙර් ද යොමුවෙති. සමරිසි (LGBT+) අයිතිවාසිකම්වලට එරෙහිව සටන් වැදීම සහ ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන් කෙරේ බිය ඉපදවීම, සහ ඒ ඔස්සේ ආගමික සංවර්තිතය ප්‍රවර්ධනය කොට සිය ක්‍රිස්තියානි සන්නාමය වෙත පුද්ගලයන් බඳවා ගැනීම සඳහා ලොව විවිධ රටවල දක්නට ලැබෙන, ඇමරිකානු ආගමික සංවිධාන විසින් මිලියන ගණනින් මුදල් ආයෝජනය කරනු ලබන දැවැන්ත ගෝලීය න්‍යාය පත්‍රයක එක් කොටසක් ලෙස මෙම ව්‍යාපාරය සැලකිය හැකි ය. උදාහරණයක් ලෙස, අහිංසක සමරිසි (LGBT+) පුද්ගලයන්ට මරණීය දණ්ඩනය පැනවීම සඳහා උගන්ඩාවේ සම්මතකළ නීති සම්පාදනය සඳහා සහාය වීමට ද මෙවන් කණ්ඩායම් කටයුතු කළහ.

PHOTO 2024 07 22 11 29 50මෑතකාලීනව, ශ්‍රී ලංකාවේ සම්මුතිගත සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා ඉදිරිපත්කළ පනත් කෙටුම්පතට විරෝධය පාමින් ඊට එරෙහිව විරෝධතා සංවිධානය කිරීම සඳහා මෙම කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාව තුළ සිය සංවර්තිත ප්‍රයද්නයන් උත්සන්නකොට තිබේ. සමරිසි (LGBT+) ප්‍රජාවට එරෙහිව සාවද්‍ය චෝදනා එල්ලකරන ප්‍රචාරණ වැඩපිළිවෙලක් දියත් කරමින්, ජනතාව මුලාකරන ව්‍යාජ ව්‍යාපාරයක් මොවුන් විසින් සංවිධානය කර තිබේ. සැලකීමට බඳුන්කළ යුතු කරුණ වන්නේ, ඇතැම් බෞද්ධ සහ මුස්ලිම් කණ්ඩායම්වල සහාය ද මෙම ව්‍යාපාරය වෙත ලබා ගැනීමට ඔවුන් සමත් වීමයි. මෙමඟින්, මෙවන් ඉවැන්ජලික කණ්ඩායම්වල සැබෑ සංවර්තිත අභිලාෂයන් පිළිබඳ ඔවුන් තුළ පවතින දැනුවත්භාවයේ මඳකමෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට ඔවුන් සමත්ව තිබේ. 

රෝමානු කතෝලික සභාව සමරිසි (LGBT+)-විරෝධී වෛරී ව්‍යාපාරවලට විරුද්ධයි 

මෙවන් ඉවැන්ජලික කණ්ඩායම් සහ රෝමානු කතෝලික සභාව අතර පවතින වෙනස පහදා දීම අත්‍යාවශ්‍යයි. සමරිසි (LGBT+) පුද්ගලයන් අපරාධකරුවන් කරනු ලබන නීති අයුක්ති සහගත බව පෙන්වා දෙමින් සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කිරීම වෙනුවෙන් ශුද්ධ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් නිරන්තරයෙන් හඬ අවදිකර තිබේ. සමරිසි (LGBT+) පුද්ගලයන් පිළිගත යුතු බවත් ඔවුනට එරෙහිව වෙනස්කොට සැලකීම් සිදුනොකළ යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ. 

 



මෑත දින නිකුත්කළ නිවේදනයක් ඔස්සේ, “සමලිංගික හැඟීම් පවතින පුද්ගලයන් දෙවියන් වහන්සේගේ දරුවන් ය. දෙවියන් වහන්සේ ඔවුනට ආදරය කරයි. මෙවන් පුද්ගලයකු නොසළකා හැරීම පාපයකි. සමලිංගික හැඟීම් පවතින පුද්ගලයන් අපරාධකරුවන් බවට පත් කිරීම අයුක්තිසහගතයි,” යනුවෙන් ශුද්ධ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සඳහන් කළහ (Persons with homosexual tendencies are children of God. God loves them. Condemning a person like this is a sin. Criminalising people with homosexual tendencies is an injustice). මෙම සානුකම්පිත ස්ථාවරය, රෝමානු කතෝලික සභාව, වෛරය සහ බිය බඳවා ගැනීමේ උපාංගයක් ලෙස භාවිතා කරන වඩාත් අන්තවාදී ඉවැන්ජලික කණ්ඩායම්වලින් වෙන්කොට තබන බව සඳහන්කළ යුතු ය.

සමාජීය බලපෑම

PHOTO 2024 07 22 11 29 51 3මෙම කලහකාරී, පුද්ගලයන් අන්‍යාගම් වෙත හරවා ගන්නා ඉවැන්ජලික කණ්ඩායම් ශ්‍රී ලංකාවේ උරුමයට තර්ජනයක් වනවා පමණක් නොව ආගමික ගැටුම් ඇති කිරීමේ අවදානමක් ද නිර්මාණය කර ඇති බව සඳහන්කළ යුතු ය. මෙවන් ක්‍රියාකාරකම් තුළින් විවිධ ආගමික හා සංස්කෘතික ප්‍රජාවන් අතර නොසන්සුන්තාවයක් ඇති කරන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ පවතින ආගමික සංහිඳියාවේ ඓතිහාසික සන්දර්භය අවදානමේ හෙළා ඇත. තව ද, සමරිසි (LGBT+)-විරෝධී මතවාදයන් ප්‍රචාරණය කිරීම තුළින් සමාජීය ප්‍රගතිය සහ මානව හිමිකම් හෑල්ලුවට ලක්කරන අතර, එමඟින් වෙනස්කොට සැලකීම සහ නොඉවසීම ප්‍රවර්ධනය වේ. 

ඇමරිකානු අරමුදල් මත යැපෙන ශ්‍රී ලංකාවේ ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායම් විසින් සිදුකරනු ලබන මෙවන් ක්‍රියාකාරකම් රජයේ අවධානයට යොමු නොවීම තුළින් රටේ ආගමික සංහිඳියාවට මෙන්ම කාන්තාවන් හා සමරිසි (LGBT+) ප්‍රජාව වැනි ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් කෙරේ විශාල තර්ජනයක් ඇතිකළ හැකි ය. පුද්ගලයකුගේ ආගම, වර්ගය, සමාජභාවය හෝ ලිංගික දිශානතිය කුමක් වූව ද, සියලු දෙනාට ගරුකරන ඇතුළත්භාවයෙන් යුතු සමාජයක් ගොඩනැඟීම ජාතියේ දිගු-කාලීන ස්ථායීතාව සහ ප්‍රගතිය කෙරේ අතිශයින්ම වැදගත් ය.