ලංකාවට අනුව සමලිංගිකත්වය පිළිබඳ වැදගත් ම කරුණ වන්නේ ඊට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් වන 'සාපරාධී ක්‍රියාවක්' ය යන්න ඉවත් කිරීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම කරුණ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ එම නීතිය තවමත් ඉවත් කර නොමැති බවයි. එමෙන් ම සම ලිංගික විවාහය පිළිබඳ ලාංකීය සමාජය මෙන් ම සමලිංගික ප්‍රජාව ද තවමත් පරිණත වී නොමැති බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ සමලිංගිකත්වය යනු ද ලෞකික ජීවිතය සමග සබැඳි කරුණක් වන අතර ලංකාව නමැති රාජ්‍යය ද ලෞකික රාජ්‍යයක් බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)

