සත්සර නිමේෂ් යනු මීට මාස කිහිපයකට පෙර වැලිකඩ පොලිසිය විසින් අනීතිකව අත්අඩංගුවට ගෙන, වද හිංසා පමුණුවා ඝාතනයට ලක් කළ තරුණයෙකි.
නමුත් ඔහු එලෙස ඝාතනය කළේ ඇයි ද යන්න පිළිබඳ තවමත් අබිරහසකි. ඒම අබිරහස හෙළිකර ගැනිමට කටයුතු කිරීමේ දී නිතිය රකින්නට සිටින පොලිසිය සත්සර නිමේෂ් යනු සමරිසි පුද්ගලයකු යැයි ප්‍රචාරය කරන්නට විය.
ඒ අනුව පොලිසිය පවසන්නේ සමරිසි පුද්ගලයින් ඝාතනය කළ යුතු බව ද...?
එපමණක් නොව මෙම ඝාතනය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නට අදාළ රාජ්‍ය නිලධාරින් ද පසුබසමිනි සිටියි. ඒයට හේතුව කුමක් ද?
සත්සර නිමේෂ්ගේ මව මේ වන විටත් සිය පුතාගේ මරණය පිලිබඳ සාධාරණ විනිශ්චයක් ඉල්ලමින් සිටින්නී ය.
මතු පළ වන්නේ ඇය සිය පුතාගේ මරණය සම්බන්ධයෙන් ඇගේ දුක සහ රාජ්‍යයක් ලෙස එම මරණය පිළිබඳ අවධානය නොකිරිම සම්බන්ධයෙක් කළ ප්‍රකාශයක් අන්තර්ගත වීඩියෝවකි.

