මංජු නැදගමුව විසින් රචිත ''Yes I'm a gay'' නවකතාව ජනගත කිරීම අගෝස්තු 30වන දින සවස 03.00ට කොළඹ නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මෙහි දී: පූජ්‍ය ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි සහ ට්‍රෝයි මහමොහොට්ටාල මුඛ්‍ය දෙසුම් පවත්වන අතර කෘතිය පිළිබඳ සාහිත චිකිත්සාව ඉදිරිපත් කරන්නේ ජයසිරි අලවත්ත ය.
සභාව මෙහෙයවනු ලබන්නේ නුවන් පළිහවඩන විසිනි.
''එක් පුද්ගලයෙක් විරුද්ධ ලිංගිකත්වයට වඩාත් කැමති වෙද්දි තවත් පුද්ගලයෙක් සම ලිංගිකත්වයට කැමති වෙන්න පුළුවන්; ඔය අතර තවත් පුද්ගලයෙක් බහු ලිංගිකත්වයට කැමති වෙන්න පුළුවන්. ඒ කිසිම තත්ත්වයක් ඒ අය පූරුවෙ පතාගෙන ආපු විදිය නෙවෙයි; එක් එක් පුද්ගලයාගේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක්.''
සාහිත ළැදි සැමට විවෘත ආරාධනා...!


