leader s

සම්ප්‍රදායික ආකල්ප සහ අගයයන් ප්‍රමුඛ කරගත් බොහෝ සමාජවල විශාල පිරිසක් අතර සෑම විටම සාකච්ඡා වෙන එක මිත්‍යාවක් නම්, පුද්ගලයන් සමරිසි වීම නිසාම එම සමාජවල ජනගහන වර්ධනය අඩු විය හැකි බවයි. නමුත් විද්‍යාත්මක සාක්ෂි හා ජනගහණ දත්ත මගින් පෙන්වා දෙන්නේ, මෙම ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම නිවැරදි නොවන බවයි.

 

මිනිසුන් තුළ පවතින මෙම වැරදි විශ්වාසය අනුව, සමරිසිභාවය නීතියෙන් පිළිගන්නා සමාජවලදී වැඩි පිරිසක් “සමරිසි” වන අතර එය දරුවන් ස්වභාවික ක්‍රමවේදයකින් උපදවා ගැනීම කෙරෙහි බාධාවක් වේ. නමුත් මෙවැනි අදහස්  මූලික සාක්ෂි මත පදනම්ව නැත. මෙය සමරිසි භීතිකාව, වෛරීප්‍රකාශන සහ නිසි ප‍්‍රවේශමකින් තොර සමාජ දෘෂ්ටිකෝණයන් මත පදනම්ව මතු වූ අදහසකි.

 ලක්ෂ 15 ක සමරිසි ඡන්දදායකයෝ පාර්ලිමේන්තු තීන්දුව ගැන විමසිල්ලෙන් !

 

ලිංගිකත්වය යනු අප කවුරුන්ද යන අපගේ අනන්‍යතාවයේ ස්වාභාවික කොටසක් වන අතර, තේරීමක් හෝ වෙනස් කළ හැකි දෙයක් නොවේ. කිසිම පුද්ගලයෙකුට තමන් සමරිසි වෙනවද, විෂමරිසි වෙනවා ද යන්න තෝරාගත නොහැක. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔවුන්ගේ ජාන සහ හෝමෝන සැකැස්ම අනුව වෙනස් විය හැකි තත්වයකි. ඇමරිකානු මනෝවිද්‍යාත්මක සංගමය (APA) පවසන පරිදි, "ලිංගික ආකර්ෂණය පුද්ගලයෙකුගේ ස්වභාවයේ ස්වාභාවික කොටසකි. එය සමාජ පිළිගැනීමෙන් වෙනස් කළ නොහැක." සමරිසි පුද්ගලයින්ට ඔවුන්ගේ අනන්‍යතාවයට ගැලපෙන ලෙස ජිවත් වීමට ඉඩ සැලැස්වීම යනු සමාජය සමරිසි කිරීමක් නොවේ.

සමරිසිභාවය පිළිගැනීම හෝ නීතිමය වශයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මගින් අනිත් පුද්ගලයන් සමරිසි වෙන්නේ නැත. පර්යේෂණ සහ ජනගහණ අධ්‍යයන වලින් පෙන්වා දෙන ආකාරයට ලෝකයේ ජනගහණ ප්‍රතිශතයක් ලෙස සැලකු විට සමරිසි ස්ත්‍රීන් සහ පුරුෂයන් සියල්ල එකතු කළද එය 2% -6% ත් අතර ප්‍රමාණයක් පමණි. එයින් අදහස් වන්නේ අවම වශයෙන් සෑම රටකට 94%ක්වත් පුද්ගලයන් විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වන අතර, අනාගත පරම්පරාවට අවශ්‍ය දරුවන් බිහිකිරීම සහ ප්‍රජනන ක්‍රියාවලියට දායක වීමට ඇති තරම් මිනිසුන් සිටින බවයි.

සමරිසි පාපන්දු ක්‍රීඩිකා යුවලට පිරිමි දරුවෙක්

 

LGBTQ+ පුද්ගලයින්ගේ පැවැත්ම හෝ පිළිගැනීම උපත් අනුපාතවලට බලපාන්නේ නැත. ජනගහන වර්ධනයට බලපාන්නේ බොහෝ සංකීර්ණ සමාජ, ආර්ථික සහ පාරිසරික සාධක මිස, මිනිසුන්ට ඔවුන්ගේ සැබෑ ස්වභාවයන් ලෙස ජීවත් වීමට අවසර තිබේද යන්න මත නොවේ. මෙහිදී, ජනගහන අඩුවීමට හෝ අසමතුලිතතාවයට ප්‍රධාන හේතු අතර ආර්ථික වශයෙන් තරුණ විරැකියාව, ඉහළ ජීවන වියදම, නාගරික තදබදය සහ අනාරක්ෂිත රැකියා වෙළඳපොළ වැනි සාධක බලපායි. මන්ද බොහෝ පවුල් මූල්‍ය අවිනිශ්චිතතාවය හේතුවෙන් දරුවන් ලැබීම ප්‍රමාද කරයි හෝ වළක්වා ගනී.

 

එමෙන්ම, ලෝකයේ බොහෝ රටවල් දැන් ළමා නිවාසවල සිටින දරුවන් කුලවද්දා ගැනීමට සමරිසි යුවලවලට අවසර ලබාදෙන අතර, සමහර සමරිසි යුවලවල් නවීන තාක්ෂණය භාවිතා කරමින් තමන්ගේම ජාන සහිත දරුවන් බිහිකරගැනීමට උදව් කරන කාන්තාවන් හෝ පුරුෂයන් මගින් දරුවන් ඇතුළත් පවුලක් නිර්මාණය කරගනී.

 

සමරිසි (LGBT+) අයිතිවාසිකම් සඳහා තුනෙන් දෙකකගේ සහාය

LGBTQ+ පුද්ගලයින් සෑම සමාජයකම සැමවිටම සිට ඇති අතර, ඔවුන්ට ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන් ජීවත් වීමට ඉඩ දීම සමස්ත ජනගහන වර්ධනයට බලපාන්නේ නැත. උපත් අනුපාත පහත වැටීම සඳහා සමරිසි පුද්ගලයින්ට දොස් පැවරීම විද්‍යාත්මකව වැරදි වන අතර ආමන්ත්‍රණය කළ යුතු සැබෑ ආර්ථික හා සමාජීය අභියෝග පිළිබඳ  සිතීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම එමගින් අඩපන කරයි. එබැවින්, ජනගහන ප්‍රවණතා ගැන අප සැබවින්ම සැලකිලිමත් වන්නේ නම්, කාන්තාවන් සවිබල ගැන්වීම, අධ්‍යාපනය වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය සහතික කිරීම, දරිද්‍රතාවය අඩු කිරීම සහ පවුල්වලට සහාය වන ආර්ථික තත්වයන් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය : බෙලි ඇහිඳින්නට සිසුන්ට ඇරියුම් කළ සීයා

ලෝක ඉතිහාසය ආරම්භයේ සිටම සමරිසි පුද්ගලයන්, සංක්‍රාන්ති සමාජභාවිය පුද්ගලයන් සිට ඇති අතර, ඔවුන්ගේ අයිතිවාසිකම් විවිධ ආකාරයෙන් තර්ජනයට ලක්වී ඇත. ඔවුන්ට, සමාජයේ අනෙක් පුද්ගලයන් මෙන් ජීවත්වීමට අවස්ථාව අහිමිකර ඇත. ඔවුන් පිළිබඳව භීතිකාවක් ඇති කිරීමට සහ සමාජයෙන් ඔවුන් තව තවත් කොන්කිරීමට යොදාගන්නා මිත්‍යාවන් අතර එකක් වන්නේ මෙම ජනගහන වර්ධනයයි. සමරිසි පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන ලද කිසිම රටක ජනගහණ වර්ධනයට බලපෑමක් වී නොමැත. මන්ද, මානව විවිධත්වය නිර්මාණය වී තිබෙන්නේ එක්තරා රටාවක් අනුව නිසාය. සමරිසි පුද්ගලයන් බලහත්කාරයෙන් විවාහ කර දී ඔවුන්ගෙන් අනාගත පරම්පරාව නිර්මාණය කරගැනීමට විශ්වාස කිරීමම මෝඩකමක් වන්නේ, එමගින් සමස්ත පවුල් සංස්ථාවම බිඳී යා හැකි නිසාය. පවුල් අතර ප්‍රචණ්ඩත්වය ඉහළ යා හැකි නිසාය.

"සමාජය යහපත් කිරීමට නම්, හැමෝටම ගෞරවය සහ අවකාශය හිමි විය යුතුය. සංඛ්‍යාත්මක බියක් මත, අයිතිවාසිකම් සීමා නොකළ යුතුය."

සටහන : දිලේකා කාංචනමාලා

(ඉක්විටි ආයතනය වෙනුවෙන්) 

 

whatsapp 202507155