රට තුළ පැවතිය යුත්තේ විෂම ලිංගිකත්වය පමණක් යන මතය දරමින් සමරිසි ප්‍රජාවට හිමි ආදරය කිරීමේ අයිතිය නොදී ඉන්නට
ඇතැම් පිරිස් උත්සාහ කරන බව සමාජ ක්‍රියාකාරී, ලේඛක චින්තන ධර්මදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පසු ගිය පස්වන දින පැවති සිවුවන මංගලානුස්මරණ අවස්ථාවට සහභාගි වෙමිනි.
සමරිසි ප්‍රජාවගේ අයිතිය ලබා දීම ව්‍යවස්ථා විරෝධි නොවන බව අධිකරණය ද පවසා ඇති බව ද චින්තන මේ අව්ථාවේ දී අවධාරණය කළේ ය.
මෙම සාකච්ඡාවට සහභාගි වූ මහාචාර්ය රොහාන් සමරජිව පැවසුවේ සමරිසි විවාහ සම්බන්ධයෙන් ලංකාවේ මෙතෙක් කතාබහක් ඇති වී නොමැති අතර කාදිනල්තුමා මෙම කරුණු දෙක පටලවාගෙන ඊනියා විරෝධතාවක නියැළෙමින් සිටින බවයි.

