තරුණයකු වන තමන්ට සම වයසේ තරුණයකු පිළිබඳ කැමැත්තක් ඇති වූයේ වයස දොළහේ දී පමණ යැයි අරිත වික්‍රමසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lakvahini youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දි වැඩි දුරටත් අදහස් දක්වමින් අරිත පැවසුවේ එම වයසේ දී තමාගේ අදහස පවසාගැනිම පමණක් නොව ඒ කැමැත්ත, ආසක්ත භාවය හඳුන්වන්නේ කෙසේ ද යන්න පවා ඔහු දැන නොසිටි බවයි.
වයස පහළොව පමණ වන විට තමාගේ කැමැත්ත හෙවත් ආශාව රැඳී ඇත්තේ සම ලිංගිකත්වය කෙරෙහි බව තමා වටහාගත් බව හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ අරිත වික්‍රමසිංහ සිය අදහස් පළ කළ සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවන ලද්දේ කවී වික්‍රමසිංහ විසිනි.

