2023 බුකර් ත්‍යාගයේ අවසන් වටයේ නිර්දේශිත කෘති 6 පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ අනුව කෙටි ලැයිස්තුගත කෘති මෙසේය,

Chetna Maroo විසින් රචිත Western Lane 
Paul Lynch විසින් රචිත Prophet Song
Paul Murray විසින් රචිත The Bee Sting 
Sarah Bernstein විසින් රචිත Study for Obedience
Jonathan Escoffery විසින් රචිත If I Survive You
Paul Harding විසින් රචිත This Other Eden

Western Lane සහ If I Survive You යන කෘතීන් Chetna Maroo සහ Jonathan Escoffery ගේ කුළුඳුල් නවකතා වන අතර ඔවුන් දෙදෙනා ගෙන් අයෙක් ජයගතහොත් බුකර් ත්‍යාගය දිනාගත් හය වැනි කුළුඳුල් නවකතාකරු බවට එම ලේඛකයා හෝ ලේඛිකාව පත්වනු ඇත.  

බුකර් ත්‍යාගයේ ජයග්‍රාහකයා නොවැම්බර් 26 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.  

ශෙහාන් කරුණාතිලක

එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත නවකතා බුකර් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන අතර ඕනෑම රටක ලේඛකයෙක්ට එය විවෘත වේ.

2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගත්තේ ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක විසිනි. ඒ ඔහුගේ දෙවැනි නවකතාව වන 'සෙවන් මූන්ස් ඔෆ් මලී අල්මේදා' (Seven moons of Mali Almeida) කෘතිය වෙනුවෙනි.
     

සබැඳි පුවත් :

ලොව පිළිගත් බුකර් සම්මානය වසර 30කට පසු යළිත් ලාංකිකයෙකුට 

2022 බුකර් ත්‍යාගය : ශෙහාන් කරුණාතිලක ගේ නවකතාව අවසන් වටයට

ශෙහාන් කරුණාතිලක ලියූ කෘතියක් 2022 බුකර් ත්‍යාගයේ දිගු ලැයිස්තුවට

2021 බුකර් ත්‍යාගය : ශ්‍රී ලාංකීය නවකතාකරු අනුක්ගේ "A Passage North" අවසන් වටයට


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්