මලයාලම් සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු වන කේ.ජී ජෝර්ජ් අභාවප්‍රාප්ත වී තිබේ.


මියයන විට 77 හැවිරිදි වියේ පසුවූ ඔහු වසර කිහිපයක් රෝගාතූර වී සිටියේ ය.

කේරලයේ පතානම්තිට්ටා ප්‍රදේශයේ උපත ලද කේ.ජී ජෝර්ජ් සිනමාවට පිවිසියේ ස්වාප්නාදනම් සිනමාපටය 1975 නිර්මාණය කරමිනි. එම චිත්‍රපටය හොඳම මලයාලම් චිත්‍රපටය සඳහා වන ජාතික සම්මානයටද පාත්‍රවී තිබේ.

එසේම, කේ.ජී ජෝර්ජ් කේරළ ප්‍රාන්ත සම්මාන 09ක් දිනාගෙන ඇති අධ්‍යක්ෂකවරයෙකි.

ඔහුගේ අවසන් කටයුතු අද (26) දින සිදු කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර යි.

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්