දෙස් විදෙස් සම්මානිත සිනමා අධ්‍යක්ෂවරයෙක් වන සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළ ''ආසු'' චිත්‍රපටය ඔක්තෝබර් 11 වැනිදා සිට PVR ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල දී තිරගත

කිරීමට කටයුතු යොදා තිබේ. 

ආසු චිත්‍රපටයේ මංගල දර්ශනය ද ඔක්තෝබර් 11 වැනිදා සම්භාව්‍ය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් One Galle Face හි PVR සිනමා සංකීර්ණයේ සිදු කිරීමට නියමිතව ඇත.

මෙරට හිටපු පාර්ලිමේන්තු කතානායක කරු ජයසූරිය ගේ දෙවැනි දියණිය වූ, පරාර්ථකාමී කැප කිරීමක් කරමින් දිවි ගමන නිමා කළ ඉන්දිරා ජයසූරිය ගේ ජීවිත කතාවෙන් අනුප්‍රාණය ලබමින් මෙම සිනමාපටය නිර්මාණය වී තිබේ.

අමිල් අබේසුන්දර සම නිෂ්පාදනයෙන් දායක වූ ආසු චිත්‍රපටයට උදාරි වර්ණකුලසූරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා පුංචිහේවා, චාන්දනී සෙනෙවිරත්න සහ සෝමරත්න දිසානායක ඇතුළු රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වී ඇත.

ආසු චිත්‍රපටයේ සංස්කරණය අජිත් රාමනායක වන අතර සංගීත නිර්මාණය කර ඇත්තේ අජිත් කුමාරසිරි සහ නාමිනි පංචාලි විසිනි. ඇඳුම් නිර්මාණය අජන්ත අලකකෝන් වන අතර කලා අධ්‍යක්ෂණය පූර්ණ ජයශ්‍රී සිදුකර තිබේ. ආසු සංජීව පුෂ්පකුමාර සහ සංගීතා නිල්නදී ගොඩගමගේ සම තිර රචනයකි.  

.

/p>

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්