අන්තර්ජාතික සම්මානය පාත්‍ර වූ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' (වැලි) සිනමා කෘතියේ සීමිත දර්ශන වාර ප්‍රමාණයක් තෝරාගත් සිනමාශාලා කිහිපයක ළඟදීම

ප්‍රදර්ශනය කෙරෙන බවට වාර්තා වේ.

රොටර්ඩෑම් සිනමා උළෙලේ ප්‍රධාන අංශය වූ ටයිගර් අංශයේ ජූරි සම්මානය, බෙන්ගලුරු සිනමා උළෙලේ දෙවැනි හොඳම සිනමාපටය සහ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවැත්වුණු 22 වැනි ඉමැජින් ඉන්ඩියා ජාත්‍යන්තර සිනමා උළෙලේ (IIIFF) හොඳම සිනමාපටය ලෙස 'මනල්' සිනමා කෘතියට ජාත්‍යන්තර සම්මාන හිමිවිය.

e08697d0 ac58 11ed 8f65 71bfa0525ce3
'මනල්' සිනමා කෘතිය පාදකකර ගෙන ඇත්තේ, පශ්චාත් යුද්ධ සමයේ වසර පහක් සිරගතවීමෙන් පසු නිදහස ලැබූ තරුණයෙකු සිය අතීතය සොයා යද්දී ලබන අත්දැකීම් ගොන්නකි.

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් 2013 වසරේ දී 'ෆ්‍රැන්ජිපානි' සහ 2018 වසරේ දී 'පාංශු' නමින් සිනමා කෘති දෙකක් නිර්මාණය කළේ ය.




worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image