ගුරු අමරදේවයන්ගේ 7 වැනි ගුණ සමරු උත්සවය හෙට (3 නොවැම්බර්) සවස 3ට ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

එදින වැඩසටහන මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටි විසිනි.

මහින්ද බණ්ඩාර සහ වාද්‍ය වෘන්දය සංගීතය මෙහෙයවන අතර ගායනා ජගත් වික්‍රමසිංහ, නාලක අංජන කුමාර, ක්‍රිෂාන්ත එරන්දක, අසිත් අතපත්තු, සුභානි අමරදේව, රංජන අමරදේව, සුනිර සුමංග විසිනි.

එදින දෙසුම් ආචාර්ය සරත් අමුණුගම, ආචාර්ය ඩබ් ඒ. අබේසිංහ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, ආචාර්ය රෝහණ වීරසිංහ, දිලීප අබේසේකර, අරුණ ගුණවර්ධන විසින් සිදු කෙරේ.

''ගුරු අමර සර සමර'' අමරදේව ඇකඩමියේ ඉදිරිපත් කිරීමකි.    

395696586 7459630467394912 8874600572688237793 n 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image