ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනි රශ්මිකා මන්දනා ගේ මුහුණ යොදා ගනිමින් නිර්මාණය කළ ව්‍යාජ වීඩියෝ පටයකට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව ප්‍රවීණ බොලිවුඩ් රංගන

ශිල්පී අමිතාබ් බච්චන් කියා සිටියි.

සාරා පටෙල් නම් බ්‍රිතාන්‍ය-ඉන්දීය ජාතික කාන්තාවක් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කළ වීඩියෝවකට රශ්මිකා මන්දනා ගේ මුහුණ යොදා සැකසු වීඩියෝවක් පසුගිය දිනවල දී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට පටන් ගෙන තිබූ අතර ඊට විරෝධය පළ කරමින් ඔහු මේ බව සිය X (ට්විටර්) සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහන් කර තිබුණි.

තාක්‍ෂණයේ අනිසි භාවිතය අතිශය බියකරුයි 

rashmika mandanna Deepfake video
සෝපානයකට ගොඩවන ආකාරය දැක්වෙන මෙම වීඩියෝ පටය ගැන අදහස් දක්වමින් 27 හැවිරිදි රශ්මිකා ප්‍රකාශ කර තිබුණේ ''තාක්ෂණය අවභාවිතය අතිශය බියකරු'' බව යි.

“මට විතරක් නෙවෙයි, තාක්‍ෂණය අවභාවිතය නිසා වින්දිතයින් බවට පත්වෙන අප සෑම කෙනෙකුටම මෙය බියජනකයි.”

"මම පාසලේ හෝ විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේ මේක සිද්ධ වුණා නම්, මොකක් කරන්නද කියලා මට හිතාගන්න බැරිවෙයි."

මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගත යුතු බව ඉල්ලා සිටි රශ්මිකා මෙම සිදුවීමේ දී සිය පවුලෙන් මෙන්ම යහළුවන්ගෙන් ලැබූ සහයෝගය වැඩිදුරටත් අගය කර සිටියා ය. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image