20 වන ජනාධිපති සිනමා සම්මාන උලෙළ අඟහරුවාදා (නොවැ: 14) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

geter
මෙවර ජනාධිපති සිනමා සම්මාන උලෙළ පැවැත්වුණේ, වසර 3කට පසුව වන අතර, 2019 සහ 2020 දෙවසර තුළ තිරගත වූ සිනමා නිර්මාණ වෙනුවෙන් සම්මාන පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

2019 වසරේ තිරගත වූ චිත්‍රපට 30ක් සහ 2020 වසරේ ප්‍රදර්ශිත චිත්‍රපට 12ක් ලෙස චිත්‍රපට 42ක් පාදක කර ගනිමින්, රංගන හා කාර්මික ශිල්පීන් වෙනුවෙන් සම්මාන 44ක් සහ සාම්ප්‍රදායිකව පිරිනැමෙන විශේෂ සම්මාන 9ක් මෙහිදී පිරිනැමිණි.

එහිදී පිරිනැමුණු ප්‍රධාන සම්මාන සම්මාන මෙසේය.

2019 වසරේ හොඳ ම නළුවා - කමල් අද්දරආරච්චි (ගින්නෙන් උපන් සීතල)

2020 වසරේ හොඳ ම නළුවා - කුමාර තිරිමාදුර (ද නිව්ස්පේපර්)

2019 වසරේ හොඳ ම නිළිය - සමාධි ලක්සිරි (දැකල පුරුදු කෙනෙක්)

2020 වසරේ හොඳ ම නිළිය - නීටා ප්‍රනාන්දු (පාංශු)

2019 වසරේ හොඳ ම අධ්‍යක්ෂණය - අනුරුද්ධ ජයසිංහ (ගින්නෙන් උපන් සීතල)

2020 වසරේ හොඳ ම අධ්‍යක්ෂණය - විසාකේස චන්ද්‍රසේකරම් (පාංශු)

2019 වසරේ හොඳ ම චිත්‍රපටය - ගින්නෙන් උපන් සීතල

2020 වසරේ හොඳ ම චිත්‍රපටය - The newspaper

Film Award 2023 3

Film Award 2023 4

Film Award 2023 2

මෙහිදී, 2020 වසරේ හොඳ ම චිත්‍රපට පසුබිම් ගායනය වෙනුවෙන් ආචාර්ය නන්දා මාලිනීට හිමි වූ සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇය අසුන්ගෙන සිටි ස්ථානයට ම ගොස් පිරිනැමීම සුවිශේෂී සිදුවීමක් විය.

xfge444

ෆේස්බුක් හි සටහනක් තබමින් සම්මාන උලෙළේ පුරකවරයෙකු ලෙස කටයුතු කළ ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි පවසා තිබුණේ සම්මාන දීමේදී තමන් විසින් ක්ෂණිකව යෝජනා කරන ලද ඇරයුමකට ජනාධිපතිවරයා එකඟ වූ හෙයින් එලෙස එම සම්මානය පිරිනැමූ බවයි.

saman athaudahetti FB


විවේචන සහ සම්මාන පිළිබඳ වාද විවාද

වසර 3කට පසුව පැවති ජනාධිපති සිනමා සම්මාන උලෙළේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඇතැමෙකු විරෝධය පළ කර තිබූ අතර ඇතැමෙකු උපහාසාත්මක ප්‍රතිචාර දක්වා තිබිණි.

එවැනි කතාබහකට ලක්වූ එක් කරුණක් වූයේ, සිනමා සම්මාන උලෙළේ ජූරි සභාවය. මෙවර ජනාධිපති සිනමා සම්මාන උලෙළේ ජූරි සභාව සභිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත විය.

ඒ, ආචාර්ය ශර්මාල් විජේවර්ධන, බුද්ධදාස ගලප්පත්ති, පියල් කාරියවසම්, ආචාර්ය හංසමාලා රිටිගහපොළ, චතුර ජයතිලක, දීප්ති කුමාර ගුණරත්න සහ රංග දසනායකයි.

ඔවුන් අතරින් කිහිප දෙනෙකුට සිනමාව සම්බන්ධයෙන් පවතින දැනුම පිළිබඳව සමාජ මාධ්‍යවල ප්‍රශ්න කර තිබිණි.

ඔවුන්ගේ තෝරා ගැනීම් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබිණි.ඒ පිළිබඳව, මීට පෙර සිනමා සම්මාන උලෙළවල් රැසක ජූරි සභාව නියෝජනය කර ඇති ප්‍රවීණ චිත්‍රපට විචාරක ගුණසිරි සිල්වා බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේය.

"මේ ජූරි සභාවේ සිනමාව ගැන දන්න අයත් ඉන්නවා. නොදන්න අයත් ඉන්නවා. මම නම් ඔවුන් තෝරපු දේවල් ගැන දොස් කියන්නෙ නෑ. මොකද රුචිකත්වය කියන්නේ සාපේක්ෂ දෙයක්. මට හොඳ දේ වෙන කෙනෙකුට නරක වෙන්න පුළුවන්. මෙතනදි වරද කරලා තියෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව. ඔවුන් දැන ගන්න ඕන සුදුස්සන්ව ජූරි සභාවට පත් කරන්න. ඒ නිසා මම නම් දොස් කියන්නේ, චිත්‍රපට සංස්ථාවට," ගුණසිරි සිල්වා පවසයි.



"මගේ පෞද්ගලික කියවීම අනුව හොඳ ම චිත්‍රපටය 'ගින්නෙන් උපන් සීතල' නෙවෙයි. මට හිතෙන්නේ පිටපත ගත්තත්, සමස්ත චිත්‍රපටය ගත්තත් 'දැකල පුරුදු කෙනෙක්' චිත්‍රපටය ඉදිරියෙන් ඉන්නවා. අනික් අතට 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටයේ විජේවීරගේ බිරිඳගේ චරිතයට පණ පෙවූ සුලෝචනා වීරසිංහටත් සම නැගී එන නිළිය සම්මානය දෙන්න තිබුණා. ඇගේ රංගනය විශිෂ්ට මට්ටමක තිබුණා. හැබැයි මේ මගේ මතය. අර ජූරි සභාවට ඊට වඩා වෙනස් මතයක් තියෙන්න පුළුවන්. ජූරි සභාවේ අවුලක් තියෙනවා නම් ඒකට වග කියන්න ඕන චිත්‍රපට සංස්ථාව," ඔහු වැඩිදුරටත් පැවසීය.

film
මෙවර පැවති ජනාධිපති සිනමා සම්මාන උලෙළ "තනිකර ම කොමඩියක්" බව ප්‍රවීණ චිත්‍රපට විචාරක ගුණසිරි සිල්වා පවසයි.

ඔහු එම සම්මාන උලෙළේ ආරාධිත අමුත්තෙකු වූ අතර ඔහු ඊට සහභාගී විය.

එවැනි අදහසක් පළ කිරීමකට බලපෑ හේතු මොනවා ද? යනුවෙන් අපි ගුණසිරි සිල්වාගෙන් විමසුවෙමු.

'ජනපතිට වැරදුණු තැන්' තිබුණා ද?

"අවස්ථා කිහිපයක් ම තිබුණා හාස්‍යය උපදවන. එකක් තමයි, 'රන් මුතු දූව' චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා රඟපෑවා කියපු එක," ඔහු පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ මෙසේය.

"රන් මුතු දූවේ මාලිනී ෆොන්සේකා මෙතන ඉන්නවා. තාම මතකයි, 'පිපී පිපී රේණු නටන' සින්දුව."

එහෙත්, ගුණසිරි සිල්වා පැවසුවේ, රන් මුතු දූව චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකා රංගනයෙන් දායක නොවූ අතර එහි ප්‍රධාන භූමිකාව ජීවරාණී විසින් රගපානු ලැබූ බවය.

බීබීසී සිංහල විසින් කළ සොයා බැලීමකදී ද තහවුරු වුයේ මයික් ජේ විල්සන් අධ්‍යක්ෂණය කරන ලද, සෙරන්ඩිබ් චිත්‍රපට ඉදිරිපත් කළ ශේෂා පලිහක්කාර සහ ආතර් සී. ක්ලාක් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ මුල්ම අංග සම්පුර්ණ වර්ණ චිත්‍රපටය ලෙස හැඳින්වෙන රන් මුතු දූව චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම ඇතුළු පිරිස සමග එහි ප්‍රධාන නිළි භූමිකාවට පණ පොවා ඇත්තේ ජීවරාණී කුරුකුලසූරිය බවයි.

xdgs423ගාමිණී ෆොන්සේකා සමග ජීවරාණී කුරුකුලසූරිය 'රන් මුතු දූව' චිත්‍රපටයේ


මේ අතර ජනාධිපතිවරයාට දැක් වූ තවත් අදහසක් විවාදයට පාත්‍ර වී තිබේ. ඒ නන්දා මාලිනීට සම්මානය ලබාදෙන මොහොතේ ජනාධිපතිවරයා කියන ලද කරුණක් සම්බන්ධයෙනි.



"1963 සරසවි සම්මාන උළෙලේ එතුමිය මුල්ම සම්මානය ගනිද්දී මම එතැන හිටියා. අද අවුරුදු 60කට පස්සෙ මට එතුමියට සම්මානයක් දෙන්න ලැබුණා. ගම්පෙරළිය චිත්‍රපටයේ දොයිය බබා නැළැවිලි ගීතය එතුමියගේ හඬින් අහපු අවස්ථාව මගේ හිතේ තවමත් තියෙනවා. ගම්පෙරළිය චිත්‍රපටයේ සංගීතයක් ලෙස තිබුණේ ඒ නැළවිලි ගීතයයි, Over the Waves වාදනයයි විතරයි. මෙතුමියගේ සංගීතය අප රස විඳිනවා. එතුමිය කළ සේවයට මගෙත්, මුළු රටේම ජනතාවගේත් ස්තුතිය මම පුද කරනවා.” ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.


මේ සම්බන්ධයෙන් ගුණසිරි සිල්වා පවසන්නේ "මං දන්න තරමින් නම් ගම්පෙරළිය චිත්‍රපටයේ ගීතයක් තිබුණෙ නෑ," යනුවෙනි.

නමුත් උලෙළේ පුරකවරයෙකු ලෙස කටයුතු කළ ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටිගෙන් මේ සම්බන්ධයෙන් විමසමින් ඔහුගේ ෆෙස්ක්බුක් පොස්ටුවට එක්කොට තිබු කමෙන්ටුවකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා තිබුණේ එවන් ගායනයක් ගම්පෙරළියේ ඇති බවත්, නමුත් සිරස්තලවල නමක් සඳහන් කර නොමැති බවත් ය.

"ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවක හා නන්දක්කා හමු වූ අවස්ථාවක මම මේ ගැන වැඩි විස්තර අසා දැනගන්න උත්සාහ කරන්නම්" ඔහු එහි වැඩිදුරටත් සඳහන් කොට තිබුණි.


zdfweqfr"ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවක හා නන්දක්කා හමු වූ අවස්ථාවක මම මේ ගැන වැඩි විස්තර අසා දැනගන්න උත්සාහ කරන්නම්"


මේ සම්බන්ධව අප කළ තොරතුරු සොයා යාමේදී අපට මෙතෙක් හමුවුයේ ලෙස්ටර් ජෙම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ගම්පෙරළිය චිත්‍රපටය 'ගීත රහිත ප්‍රථම සිංහල චිත්‍රපටය' ලෙස ඉතිහාසයට එක්ව ඇති බවත්, චිත්‍රපටය වෙනුවෙන් ඩබ්ලිව්. ඩී. අමරදේව සංගීතය නිර්මාණය කොට ඇති බවත් යන්න පමණි. 'ගීත ගායනය/ නැළවිලි ගායනා ' චිත්‍රපටයේ සිරස්තල නාම ලේඛනයට ඇතුළත්ව නොතිබුණි.


dtw4tt'ගීත ගායනය/නැළවිලි ගායනා' චිත්‍රපටයේ සිරස්තල නාම ලේඛනයට ඇතුළත්ව නොතිබුණි.


කලා නිර්මාණවලින් 'වාරණය' යන වචනය ඉවත් කළ යුතුයි

මේ අතර ජනාධිපතිවරයා කලා නිර්මාණ වාරණය සම්බන්ධයෙන් ද සම්මාන උලෙළේ දී සිය අදහස් පළ කළේය.


"රැඟුම් පාලනය සම්බන්ධයෙන් නව පියවර ගැනීමට අප අපේක්ෂා කරනවා. මෙරට රැඟුම් පාලක මණ්ඩල පනත දැන් වසර සියයකටත් වඩා පැරණියි.රැගුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැගුම් වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවීමට අප සැලසුම් කර තිබෙනවා."

"එසේම කලා නිර්මාණවලින් “වාරණය” යන වචනය ඉවත් කළ යුතුයි. ඒ වගේම වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතට ගෙනෙනවා. ඒ හේතුවෙන් කලාකරුවන්ට අපහසුතාවන්ට මුහුණදීමට සිදු වෙනවා. අප මේ පිළිබඳ අලුතින් සිතියි යුතුයි. පැරණි නිතිවලට සිරවී එම කටයුතු කළ නොහැකියි. ඒ නිසා චිත්‍රපට සහ රූපවාහිනි නිෂ්පාදන පළමුව වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කිරිමේ වැඩපිළිවෙළක් සැකසීමට අපේක්ෂා කරනවා. මෙම නිති ලබන වසරේදී ඉදිරිපත් කිරීමට අප බලාපෙරොත්තු වෙනවා" හෙතෙම කියා සිටියේය.


(BBC සිංහල සේවය)

 
සබැඳි පුවත් :
නන්දක්කාට උපරිම ගෞරවය පුද කිරීමට දායකවීම ගැන මට ඇත්තේ අහිංසක සතුටකි - (සමන් අතාවුදහෙට්ටි)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image