නාට්‍යවේදී එම්. සෆීර් ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන ''මම නෙමෙයි" චිත්‍රපටය මධ්‍යම ඇමරිකාවේ කොස්තරිකා රාජ්‍යයේ පැවැති 09 වැනි සෙන්

ජෝස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ජූරියේ ඒකමතික තීරණයට අනුව පර්යේෂණාත්මක වෘතාන්ත අංශයේ හොඳම චිත්‍රපටය බවට තෝරා ගෙන ඇත. 

සමස්ත චිත්‍රපට උළෙල සඳහා චිත්‍රපට 600කට වැඩි ප්‍රමාණයක් තරග කර ඇති අතර, එයින් චිත්‍රපට 58ක් අවසන් තරගය සඳහා තෝරාගෙන තිබූ බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.

එම චිත්‍රපට 58 අතරින් චිත්‍රපට 10ක් සම්මානයට පාත්‍රවී ඇති අතර මෙම පර්යේෂණාත්මක වෘතාන්ත අංශය සඳහා නොර්වේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරග කර ඇත.  

පසුගිය ජනවාරි ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කිරීමෙන් පසු, මෙම වසරේ නොවැම්බර් මස කුවේට් හීදි පැවැත්වුනු AIU ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහාත්, ලබන දෙසැම්බර් මස ඉන්දියාවේ මුම්බායි හිදි පැවැත්වෙන Third Eye ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහාත්, ලබන ජනවාරි මස ඉන්දියාවේ, කේරලයේ දී පැවැත්වෙන 7th IFFF-International Folklore ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහාත් ජාත්‍යන්තර තරගකාරී අංශය නියෝජනය කිරිම සඳහා ''මම නෙමෙයි'' චිත්‍රපටය තේරී පත්වී තිබේ. 


403758203 6893296530759419 97850797152109892 n


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්