මිට දශයකට ප්‍රථම මා පර්යේෂණ සහකාරියක් ලෙස සේවයේ නිරත ව සිටි ආයතනයේ ප්‍රධානියා වූ අචාර්ය උදාන් ප්‍රනාන්දු විසින් ඊමේලයේ අමුණා එවූ
ආරධානාවේ මෙසේ සඳහන් විය .

"2023 ඔක්තෝම්බර් 06 වැනි දින, තමාගේ නවතම නිර්මාණය වූ  Not So Green Pastures නම් චිත්‍රපටය ලන්ඩන් නගරයේ දී එළි දක්වන බවත්, ඒ වෙනුවෙන් මා වෙත ආරාධනා කරන අතර, මෙය දීර්ඝගමානතයක් බව දන්නා නිසා, හැකියාවක් පවතීනම් පමණක් , අවස්ථාව වෙත සහභාගී වීම අගය කරණ බවය ".  

ආරධනා පත්‍රයේ මුද්‍රත අකුරු සහ පසුබිම් හි වූ මලානික නීලවර්ණය, මාගේ අවධානය සොරාගැනීමට මුලින් ම අසමත් විය. එසේම එහි වූ "Not So "රතුපැහැති මුද්‍රතය ද චිත්‍රපට කතාවේ අවධාරිත බව මාගේ මනසේ සඳහන් කිරීම ට තරම් නොවූ නමුත් "T " අකුර 'උරගයකු ලෙස පෙනී සිටීම මාගේ කල්පානාකාරී සැලකිල්ලට හේතුපාදක විය. (මාගේ උපකල්පනයට අනුව කිඹුලෙකු විය හැකි නම්, එය කතා භුමියේ සංකේතයකි )'
Greener Pastures 1
මෙසේ විවිධ පරිකල්පනයන් ගේ පැටලෙමින්, 2023 ඔක්තෝබර් 06 වැනි දින මා, චිත්‍රපටය තිරගත වීමේ ප්‍රථම අවස්ථාව වෙත සහභාගී විය. චිත්‍රපටය නරඹා අවසානයේ මැදිරියෙන් එළියට පැමිණි මාගේ ප්‍රථම ඥාන විභාගය නම්, “ඇයි , කොහොමද සහ මොකද්ද මේ උදාන් කියන දේ ?” මෙය පවතින සහ පැවති ඉතිහාසයෙන් වෙනස් වන්නේ කෙසේද ? මේ විමර්ශනයන් මත පදනම් ව මා විසින් පහත චිත්‍රපට සම්මර්ශනය ලියා තැබීමට තීරණය විය.

මෙය මුලික කාරණා 05ක් කේන්ද්‍රිය ව රචනා වේ. පළමුව , චිත්‍රපටයේ සංදර්භය පිලිබඳ කෙටි සටහනක් : දෙවනුව චිත්‍රපටයේ අන්තර් ගත දේශපාලන ආඛ්‍යානය කුමක්ද සහ එහි ප්‍රකාශනය ගැන ප්‍රේක්ශිකා අදහස : තුන්වනුව චිත්‍රපට සටහන පවතින සහ පැවති ඉතිහාසයෙන් වෙනස්වන ආකාරය පැහැදිළි කිරීම : සිව්වනුව, උදාන් ප්‍රනාන්දු චිත්‍රපට තුළ නියෝජනවන ආකාරය හැදින්වීම සහ සම්මර්ශනයේ අවසන් කිරීම.

covid 19 වසංගතයේ බලපෑම හේතුවෙන් ගෝලීය උතුරේ සංක්‍රමනික දත්තයන් ගේ විශාල වෙනස්වීමක් හඳුනා ගත හැකිව බව එංගලන්තය නිල වෙබ් අඩවිය සඳහන් කරයි (https://www.gov.uk/government/collections/migration-statistics). එයට අනුව, 2023 ජනවාරි  පළමු වැනිදා සිට මාර්තු 31 දක්වා පළමු කාර්තුවේ දී , බෝට්ටු මාර්ගයෙන් එංගලන්තය වෙත පුද්ගයන් 3,793ක් පැමිණ තිබෙන අතර එය 2022 ඔක්තෝබර් 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා වූ කාර්තුවට සාපේක්ෂව 70% අඩුවීමක් බව පෙන්වා දේ. (2022 ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා පැමිණීම් 12,726 කි ).
image 7163903582
 මෙසේ එංගලන්ත වෙරළ වෙත ඇඳෙන බෝට්ටු හි ජනයා හුදෙක්ම සරණාගතයන් නොව ආර්ථික අභිප්‍රේරණයන් සපුරාගැනීමට පැමිණෙන ජනයා වේය යන සංවාදය ප්‍රචලතය . ගෝලීය දකුණේ සිට උතුරට පැමිණෙන මේකී සංක්‍රමනික ප්‍රජාව පිලිබඳ විවිධ පැතිකඩ හරහා අධ්‍යනයන් සිදුව ඇති අතර එම විද්‍යාත්මක හැදෑරීම සහ සංවාදය තව දුරටත් අධිපති සංක්‍රමණික කතිකාව ලෙස පවතී. මෙවැනි පසුබිමක, උදාන් විසින් ගෝලීය දකුණ- දකුණ අතර සිදුවන සංක්‍රමණය විස්තර කිරීම වෙනුවෙන් "Not So Green Pasture " චිත්‍රපටය නිර්මාණය කර ඇත.
 
පැවදි ජීවිතය ගැන කළකිරී සිවුරු හැර නව ජිවිතයක් සොයා යන අජිත් , කවදා හෝ පිටරටක රැකියාවේ නිරත වීමේ සිහිනයෙන් ජිවත් වූ ලසන්ත සහ බුද්ධික, සීතල -හිම වැටෙන රටක් ලෙස ට සිතා සිට -සයුරෙන් එතෙර විත් ආර්ථික ආයෝජනයක හවුල් කරුවකු වන රණේ අය්යා සහ පැහැදිළි ප්‍රකාශ නොමැති එහෙත් ඉන්දුනීසියා වේ රැදී සිට පසුව වෙළඳාම් කිරීමට ටිමොරයට පැමිණෙන බවන් ගේ අඛ්යනයන් එකතු කරමින් , නිර්මාණය වූ “Not So Green Pasture” , "ගෝලීය දකුණු- දකුණු " සංක්‍රමණික සමාජීය යතාර්ථය විස්තර කරයි. එනයින්, උදාන් විසින්, ගෝලීය- උතුර - දකුණ පමණක් ම කේන්ද්‍රීය ව ගොඩ නගා, යටත් විජිත් කරණය ව තිබූ, සංක්‍රමනික සංවාදයේ  'අවම අවධානය ලද ' කතිකාව වෙතට දැවැන්ත ආලෝකයක් එල්ල කර ඇත.
25eb31ebe9c6cfb5ec8b93d06640427b
දීර්ඝකාලීන ව දිගහැරෙන් යුද්ධයක්, දකුණේ හන්දි අසල අර්ධ-අළුව ගිය මිනිස් ජිවිත කියා පෑ , අසමත් වූ දේශපාලන පරිවර්තන සහිත රාජ්‍යක් බවට පත් වෙමින් පැවති ශ්‍රී ලංකාවේ, 2000 න් පසු ව එළඹෙන වසර හි, ආර්ථික අවස්ථා සෝයා, කිසිදිනක නොඇසූ හෝ අසා තිබුනද ද ඒ, ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූ රාජ්‍ය පාලනය මිස , සාමාන්‍ය ජන ජිවිත සහිත දේශපාලන සහ ආර්ථික ප්‍රගමනයෙන් යුත් රාජ්‍යක් නොවූ ටිමෝරය වෙත පැමිණෙන , ශ්‍රී ලාංකීයන්, ටිමෝර සමාජය සමඟ සම්බන්ද වන දේශපාලනය ගැන ආඛ්‍යාන මෙම චිත්‍රපට සන්දර්භයේ අන්තර්ගතය.
 
විනාඩි 59: 57 ක් පුරා දිව යන්නේ,ජිවනෝපාය සරි කරගැනීම ට දෛනික ජිවිත සටනේ සිටින ජනයා වෙත භූ දේශපාලය කරන බලපෑම , එකී ජනයා ගේ හඩින් ප්‍රකාශනය වීමය.
Freddy Gamage 2023.11.26
ටිමොරයට සහයෝගය පළකරමින් සිදුවන විරෝධාතාවයට සම්බන්ද වූ අජිත් තංගල්ලෙන් කොළඹ විත්, කොරියා යෑමට පැමිණ , ඉන්දුනීසියාවට ගොස් පසුව ටිමෝරයෙන් ජීවිතය ගොඩ නගා ගන්නෙකි. එම විරෝධතාවයේම ද යන්න පැහැදිලි නොවන නමුත්, ටිමොරයට සහයෝගය පළ කරමින්, පිලිපීනයේ දී ද පසුව ශ්‍රී ලංකා ඉනිදුනීසියානු තානාපති කාර්යාලය ඉදිරියේ දී විරෝධතා දක්වන ෆ්‍රෙඩ් ගමගේ ද මෙහි තමන්ගේ ආඛ්‍යාන ඉදිරිපත් කරයි.
එහෙත් මම වඩාත්ම මානප වන්නේ,  මාධ්‍ය හෝ වෙනත් සාමාජ ප්‍රාග්ධනය නිරන්තරයෙන් හසුරවන ෆෙඩි ගමගේ වෙනුවට උපැවදිව , විකල්ප ක්‍රමය තුළ හෝ කිසිදින තමන්ගේ අඛ්යනය ප්‍රකාශන කිරීමට ලැබිය හැකි අවකාශය ගැන බලාපොරොත්තුවක් නොමැති, අජිත්, රනේ, බවන් , සහ බුද්ධික වෙත ප්‍රකාශන අවකාශය විවර වීම වෙතය. එය, මා දකින ආකාරයට, දැනුම යටත්විජිත කරණය විසංයෝජනය කිරිමයකි.

මෙකි විසංයෝජනය කිරීම හරහා උදාන් විසින්, ගොඩනාගා තිබෙන  සංක්‍රමනික සමාජ යතාර්ථය ප්‍රශ්න කිරීමට පොළඹවන ආකාරය හඳුනා ගත හැකිය. මෙම විසංයෝජනයෙහි දේශපාලනය ප්‍රශ්න කිරීමේ ආරම්භය ද සිදු වන්නේ මෙහිදිමය.

2a94cba8 3456 11e6 b997 a8e2995ff455 image hires
 චිත්‍රපටය පුරාම මා දුටුවේ, කම්කරු පංතියේ සංක්‍රමණික පිරිමින් ගේ අරගයල ඉතිහාසය තුළ සඳහන් කිරීමේ ව්‍යයාමයයි . එහිදී, මා එදා ලන්ඩන් ප්‍රේක්ෂකාගාරයේ දී ම නැගී ප්‍රශ්න ය මෙහිදී ද මතු කරමි. "ගෝලීය උතුර ගොඩ නැගී සංක්‍රමණික ඥාන කතිකාව විසංයෝජනය කරන උදාන් එය නැවතත් පිතෘ මුලික යටත් කිරීමක් වෙත ගෙන එනු ලබන්නේ ඇයි ? එය උදාන් ගේ පිතෘමුලික පිරිමි ලක්ෂණය ද? " මාගේ ප්‍රශ්න කිරීම ට උදාන් එදා ලබා දුන් පිළිතුර නම්, "මේ ආඛ්‍යානය තුළ ස්ත්‍රීන් ගේ කතාව නිරූපණය කිරීමේ කාල පරාසය අභියෝගයක් වූ බවයි. එහෙත් පසුව තමන්ට ද සිතුනේ, ස්ත්‍රීන් ගේ ආඛ්‍යාන ගෙන ඒමට යම් ක්‍රමයක් සොයා ගත හැකිව තිබු නමුත් එයට අවධානය එතරම් යොමු නොවූ බවය  ". මේ පිළිතුර ප්‍රේක්ෂකාගාරය තුළදී මෙන්ම මෙය ලියන විට ද මම භාර නොගනිමි. මාගේ ස්ත්‍රීවාදී දැනුම පවසනුයේ, "ස්ත්‍රීන් ගේ ආඛ්‍යාන නියෝජනය ස්ත්‍රීය හරහාම පමණක් නොව පුරුෂයා හරහා ද සිදු කළ හැකි අතර එයට අවශ්‍ය වන්නේ, ස්ත්‍රීවාදී මනසක් බවය."
 

උදාහරණය නම්, අජිත් විවහා වන ටිමෝර කාන්තාව, ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මුහුණ දෙන , අභ්‍යයන්තර අවතැන් වීමේ කර්කශකත්වය , අජිත් හරහා විස්තර කිරීමට හැකියාව තිබුණි. එම අවතැන් වීම, අභ්‍යන්තර සංක්‍රමනික වීමේ අවස්ථාවක් හෝ සරණාගත අවස්ථාවක් ලෙස සංදර්භය ට එක් කළ හැකිවිය. නමුත් එය මඟහැරීයන්නේ, හෝ, එය කාල පාරාසයේ සිදුවන වැදගත් දේශපාලනික සිදුවීමක් ලෙස හඳුනා නොගන්නේ  පිතෘ ඥාන බලපෑම නිසාදැයි මම නොදනිමි.

ස්ත්‍රීඥාන විභාගය මීලඟට සම්බන්ද වන්නේ, චිත්‍රපටය පවතින සහ පැවති ඉතිහාසය සමඟ සම්බන්ද වීම වටහා ගැනීමටය.  ප්‍රචණ්ඩත්ව- යටත් විජිත කරණය කළ ඉතිහාසයක්, ආර්ථික චේතනාවන් හේතුවෙන්-කිසිදු මුලික දැනුමක් නොමැතිව, ටිමෝර් භුමිය වෙත සංක්‍රමණය වූ , ඉතිහාසය ලිවීමේ බලය සිමා සහිතව හිමි, වැඩකරන පංතියේ පිරිමි හරහා නැවත මතක් කර දීම සහ අර්ථකථනය කිරීම චිත්‍රපටය පුරාම දැකිය හැකිය. 
Gerry Adams 2023.11.26
ටිමෝර් ගරිල්ලා දේශපාලන නායකත්වය Xanana Gusmao සහ අයර්ලන්ත රිපබ්ලිකන් නායක Gerry Adams ගේ පෙනීමට සමාන බව කියන, බුද්ධික හරහා,නියෝජනය වන්නේ, ටිමෝර් ගරිල්ලා දේශපාලනය "ඉතිහාසයේ වන අරගලයේ ආලබරිත " අවස්ථාවක් ලෙස, යෞවනය වැළඳ ගන්නා අවස්ථාවක් නොවේද ? එසේම යටත්විජිතකරණ ප්‍රචණ්ඩත්වය ට එදිරි "ගෝලීය දකුණේ සහයෝගිතා ව " පවසන අතර ආසියාවේ සිදුවන ප්‍රචණ්ඩත්වයන්, කුඩා දුපතකින් පිටවන ජන ජිවිත වෙත බලාපාන ආකාරය ඉතිහාසයේ සලකුණු වන අකාරය ද මෙහි දී පෙන්වා දේ.
 
අනික් අතට , එම ඉතිහාසය අර්ථකතන කිරීමට සවන් දීම ඉතාම රසවත්ය. රනේ ට අනුව, ටිමෝර් ඉතිහාසයේ ස්වාධිනත්ව සටන දේශීයවම ගොඩනැගී අතර ශ්‍රී ලංකා යුද්ධය බටහිර විශේෂයෙන් ම නෝර්වීජියානු බලපෑමෙන් ක්‍රියාත්මක වූ අවස්ථාවකි.
LTTE1
නමුත් ශ්‍රී ලංකා ඉතිහාසය නිර්වචනය එක් බල කණ්ඩායමක් වෙත කේන්ද්‍රය වීමේ දේශපාලන යථාර්තය චිත්‍රපටය තුළින්ද නියෝජනය වන බවට මට හැඟී ගියේ, දෙමළ ජාතික බවන්ට ඉතිහාසය අර්ථකථනය කිරීමේ අවස්ථාව තිබෙන බවට සාක්ෂි එහි නොවූ හෙයිනි.
මෙම චිත්‍රපටය නැවත නරඹන විට, ටිමෝර කාලරාමු මම ශ්‍රී ලංකා වේ කාලරාමු සමඟ සංසන්දනය කලෙමි. 2002 සාම සාකච්චා ,  2004 සුනාමිය, සුනාමි සහන මණ්ඩලය, LTTE විසින් යෝජිත දේශපාලන ප්‍රතිසංස්කරණ සහ 2006 දී නැවත ඇරඹෙන අමානුෂික අශිෂ්ට යුද්ධය යන ශ්‍රී ලංකා කාලරාමු තුළ, ජිවන අරගලය වෙනුවෙන් එකට එකතුවෙමින්, එකිනෙකා රැකගන්නා ජනයාගේ කතා ව පවතින ඉතිහාසයක් බවට පත් කිරීමට උදාන් උත්සුක වී තිබෙන බව මගේ මතයයි.


මේ චිත්‍රපටය තුළ මම උදාන් ව සිටින බව මට දැනුනේ එහි වන පසුබිම් සංගීතයෙනි. ආඛ්‍යාන ප්‍රකාශ කරන්නාගේ භාෂණය ඉක්මවා යමින්, ඔහු තුළ 17626148 10154894915674473 2033754554675190357 n removebg previewපවතින බැඳීම්, චිත්තවේග, භාවයන් සංක්‍රමණ කතිකාවට එකතු කිරීමට එම පසුබිම් සංගීතයදායක වී ඇත. එසේම එහි වන සංකේතිය භවිතා, කතිකයා නවතා තබන අවස්ථා, සිගරට්ටු ව සහ එහි ධුමය යනාදී මේ සියලු භාවිතයන් හරහා මට පෙනී ගියේ, චිත්‍රපටය වෙතට උදාන් එකතුවන ආකාරයයි.
එහිදී ඔහු ධුරාවලියේ ඉහල සිට චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නා වෙනුවට, ඒ තුළ සිටින කතිකයා ගේ සැඟව ගිය හැඟීම් ප්‍රකාශ කරන්නා බවට පත් ව ඇත.

මෙම සම්මර්ශනය අවසන් කිරීමට ප්‍රථම , නැවත එකතුවන ලසන්ත ගේ නියෝජනය ගැනද කෙටියෙන් යමක් පැවසිය යුතුය. රතුපාට සැටියේ සිට, කලක් තමන් සමඟ එකට ටිමෝරයේ සිටි සගයන් ගේ රූපරාමු නරඹමින් , ඔවුන් ව කරුණුමය වශයෙන් නිවැරදි කිරීමට උත්සහ කරන ලසන්ත මට සිහි ගැන්වුයේ ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයයි. ලසන්ත කලක් එකට සිට පසුව වෙන්ව ගොස්, එම කාල ඉතිහාසය සහ එහි වූ දේශපාලනය කියවීමට උත්සහකරමින් සිටින කෙනෙකු ලෙස, මම නිර්වචනය කරමි. නමුත් එම කියවීමේ දී මම ලසන්ත ව ඉහළ සිට පහළ බලන්නෙකු ලෙස නොව, තමන් ද පහළ ට බැස එම දේශපාලනය කියවීමට උත්සහ කරන්නේ කු ලෙස ට හඳුන්වා දෙමි.

මෙම ලිපිය අවසන් කරමින් මම අවධාරණය කරන ප්‍රධාන කරුණ නම්, උදාන් ප්‍රනාන්දු  , ඉතිහාසයේ කිසිදිනක නමක් සඳහන් නොකරණ මෙන්ම, ගොඩ නගන ඉතිහාසයේ හිමිකම්ද බොහෝ දුරට අහමි, ජනයා හරහා, සංක්‍රමණික කතිකාව කියවීමේ නව දේශපාලනයක් ගොඩ නැගීමට සමත් වී ඇති බවයි. නමුත් එහිදී "ස්ත්‍රීය ගේ කතා ව "අමතක ව යාම බරපතළ දේශපාලනික කරුණකි . එසේම ඉතිහාස කාල රාමු සහ එම රාමු තුළ සිදුවන දේශපාලනික සිදුවීම් දෛයිනික ජිවිත වෙතඇතිකරන බලපෑම මෙන්ම ඒ හරහා මිනිස් සම්බන්දතා ගොඩ නැගීමේ ස්වරූපය ද මෙම චිත්‍රපටය ඇසුරින් හඳුනා ගත හැකිය. අවසානයේ මට කිව හැක්කේ, අජිත් කියන ලෙස ටිමෝර වැසියන් , සංක්‍රමණික ප්‍රජාව හදුන්වන්නේ, 'මලයි ' ලෙසය. මේ ඒ මලයි ගේ නොමළ කතාවය.

Aruni Samarakoon
(අරුණි සමරකෝන්)
(කථිකාචාර්‍ය, දේශපාලන අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය,
ආචාර්ය උපාධි අපේක්ෂිකා, හල් විශ්වවිද්‍යාලය, මහා බ්‍රිතාන්‍යය)

සබැඳි ලිපියක්
සංක්‍රමණ කතාවේ නොදුටු පැතිකඩක් ? උදන්ගේ වාර්තා චිත්‍රපටය තිරගත කිරීම

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්