සුන්දරත්වයට පසු කලාව ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය සහ LUST STORIES 02 චිත්‍රපට නොමිලේ ප්‍රදර්ශනය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී අද (28) සවස 4.00 පැවැත්වේ.

මේ ඒ ගැන යි,

405530471 676692621320372 7613706184766983388 n

යථාර්ථය යනු ප්‍රබන්ධයකි, ඒ ප්‍රබන්ධය අපි විශ්වාස කරන්නේ නම් ඉන් අපට ලැබෙන්නේ සැරයටියකි. එය අපිට වාරැ ගෙන දෙයි. අපි මේ ප්‍රබන්ධමානයට එහායින් ඇති දේ සොයායන්නේ නම් අපිට ලැබෙනු ඇත්තේ යථයි(Real). එය අපි සියලුම දෙනාට ක්ෂතිමය අත්දැකීමකි.

භෞතිකවාදියෙකු කතරගම දේවාලයට යාම ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබ භෞතිකවාදියෙකු නොවේ. සියල්ල දැනුමට උරාගත හැකි යයි ඔබ සිතන්නේ නම් විශ්වාස, ඇදහැලි, යාතුකර්ම, හා ආගම් සියල්ල ඔබෙන් ඉවතට පෙරී යන ශේෂයයි, අතිරික්තයයි. ඔබභෞතිකවාදියෙකු වන්නේ මේ අතිරික්තය, ශේෂය ඔබේ ආත්මය ලෙස පිලිගන්නේ නම් පමනි.

කල යුත්තේ බුදුන්වහන්සේ පිලිගැනීමයි, අන් සියලු දේ ඉවතට පෙරීයන අතිරික්තය වන බව වටහා ගැනීමයි. අන් අයට මෙන්ම මටද ආත්මයක් ඇති බව වටහා ගැනීමයි. ඒ අශ්ලීල කොටස පිළිගැනීමයි. ඔබට අවස්ථාවක් ලැබුනු වහා ඔබ තුල ඇති මේ කුනුකන්ද පිටාර ගලනු ඇත.

ලෝකය නිර්මාණය වී ඇත්තේ මේ කුනු කන්ද සමගමය. ධනවාදය, අන් සියලු දේ මෙන්ම මේ කුනුකන්ද ද වෙලදපල මත තබා ඇත. සියලු ඝන දේ වාෂ්ප වී යන විට අපි තුලම ඉතිරි වන මේ කුනුකන්ද අපිට කොපමණ විනෝදයක් සපයනවාද ? එය නීතියක් සේ ඔබේ ජීවිතය තුල වර නැගී ඇද්ද ? දැන් ලෝකය පාලනය වෙන්නේ යථාර්ථය තුල ඇති නීතීන් වලින් නොව අපේම මේ අශ්ලීල, විනෝදජනක කුනු කන්දේ නීතියෙන් බව ඔබට වැටහෙනවාද ?

406192158 678114451178189 6841934842159669805 n

2023/11/28 තරංගනී සිනමාශාලාවට සවස 04ට එන්න, යථාර්ථය දෙස ඔබ පමනක් නොව යතාර්තයද ඔබ දෙස බලාගෙන සිටින වග දීප්ති, ඔබට කියාදෙනු ඇත.

"සුන්දරත්වයට පසු කලාව" කෘතිය එලි දැක්වීම හා සාකච්ජාව දීප්ති කුමාර ගුණරත්න සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඔබට සීතල වතුර වීදුරැවක් අවශ්‍යද ?.........

  


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්