අලෙවිකරණ ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් පෙරලමින්, IESC, Audacity සහ K & D Media Partners

යන සමාගම් ත්‍රිත්වයේ සංකලණයක් ලෙස බිහිවූ, “යූලීඩ් ජෙනරේශන් අවේක්” (Youlead Generation Awake) තරුණයන් සවිබල ගැන්වීමේ ව්‍යාපාරය; 2023 ස්ලිම් එෆී (SLIM Effie Awards 2023) සම්මාන උළෙලේදී, සම්මාන රැසක් ජයග්‍රහනය කිරීමට පසුගියදා සමත් විය.

එෆී සම්මාන උළෙල (Effie Awards), 1968 සිට පැවෙත එන, අලෙවිකරණයේ විශිශ්ටයන් ඇගයීම සඳහා නිව් යොර්ක් ඇමෙරිකානු අලෙවිකරණ සංගමය ආරම්භ කල සම්මාන සහ ඇගෙයීම් උලෙලකි.

එෆී සම්මාන උලෙල 2008 සිට අඛන්ඩව ශ්‍රී ලංකාවේ SLIM ආයතනය විසින් පවත්වනු ලබයි.

Youlead Generation Awake ව්‍යාපෘතිය; “අට පාස්” නම්වූ, යූටියුබ් හා ෆේස්බුක් හරහා ජනතාව වැලඳගත් රූප නාට්‍ය මාලාව තුලින්, ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සවිමත් කිරීමට දැරු උත්සහය, මෙසේ සම්මාන පිට සම්මාන ලබමින් සියළු දෙනාගේම ආකර්ශනය දිනාගත්තේ ය.


IESC Youlead Generation Awake ව්‍යාපෘතිය, විසින් Data Driven කාණ්ඩයේ රන් සම්මානය ද, Non-Profit/Probono Public Services, Social Good – Non Profit යන කාන්ඩ වල රිදී සම්මාන ද, Youth Marketing කාන්ඩයේ ලෝකඩ සම්මානය ද හිමිකරගන්නා ලදි.


අරෝෂ පෙරේරා (IESC), ඇලිනා ඕමාර් (Audacity) සහ කැලුම් පාලිත මහීරත්න (K & D Media Partners) අතර මෙම ව්‍යාපෘතිය සඳහා වු සුසංයෝගයේ සාර්ථකත්වය පිළිබඳ තවත් ටීකා ලිවීමට අවශ්‍ය නොවන බවට තව තවත් පැහැදිලි කරවමින් සම්මාන උළලේ ප්‍රධානම ගෞරව සම්මානයන් වන; "Most Effective Brand" සහ "Most Effective Marketer" සම්මාන ද්විත්‍යම ද දිනාගැනීමට Youlead සන්නාමය සමත් විය.

Youlead Generation Awake ව්‍යාපෘතිය ජනතාව වැලඳගත් ආකරයෙන් සහ එය මෙසේ ගෞරව සම්මාන වලින් පිදුම් ලැබීමෙන් පිලිඹිබු වන්නේ, සමාජ සුභසිද්දිය උදෙසා සිදුවන ව්‍යාපෘති සමාජය උදෙසා ධනාත්මක බලපැමක් සිදුකරණවා සේම, නිර්මානශීලීත්වය මගින් ජනතාවගේ සේම, ක්ශේත්‍රයේ දැවන්තයන්ගෙන්ද පැසැසුම් ලැබීමට සමත්වන බවය.

 
All Videos

සබැඳි පුවත් :
අට පාස් : විශාල තරුණ ප්‍රේක්ෂක අවධානයක් (වීඩියෝ)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image