ජනාධිපති කාර්යාලයේ හිටපු අතිරේක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරල් කේ. බී. එගොඩවෙලේ විසින් රචිත "අරගලය, ආදරයෙන් ප්‍රචණ්ඩත්වයට"
යන කෘතිය පසුගිය දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මිරිහානේ දී පිරිනමනු ලැබුවා.
හිටපු අමාත්‍යාංශ ලේකම් නිමල් පෙරේරා, හිටපු අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු, හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර, හිටපු ජනාධිපති නීති අධ්‍යක්ෂක ජෙනරාල් හරිගුප්තා රෝහණධීර, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් එම්. ආර්. ඩබ්. ද සොයිසා ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම පිළිගැන්වීම සිදුකෙරිණි.