පතිරාජ සිනමාවේ සමීපතමයෙකු වූ, රංගනවේදි ලයනල් වික්‍රම ජීවිත රඟ මඩලින් සමුගනී. 


ජිවිතයෙන් සමුගන්නා විට ඔහු 77 හැවිරිදිය. 

ධර්මසේන පතිරාජගේ ගඟුලෙන් එගොඩට ටෙලි නාට්‍යයෙන් සිය රුපවාහිනි රංගන ජීවිතය ඇරඹි ලයනල්, ඇල්ල ළඟ වලවුවෙන් ජනප්‍රිය විය.

සෝමසිරි දෙහිපිටියගේ ආරාධනාවෙන් තිස්ස අබේසේකරගේ කරුමක්කාරයෝ චිත්‍රපටයේ රඟ පෑ ඔහු ගාමිණි ෆොන්සේකාගේ සාගරයක් මැද සහ සක්විති සුවය චිත්‍රපටවල ද පතිරාජගේ සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේද රඟ පෑවාය.

2016 05 19 ENT 53
ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් ලෙස සේවයේ යෙදී සිටි ඔහු අනතුරුව රංගනයට එකතු විය. 

බට්ටි දීර්ඝ ටෙලි නාට්‍යයේ ඔහු ආටි හාමු විය. පතිරාජ, දයා තෙන්නකෝන් සහ ලයනල් වික්‍රම යහළුවන් විය. ඔවුන් එක්ව  නිර්මාණ කාරණයේද යෙදුණි.

දැන් ඒ මිතුරු සමාගම වැසි ඇත .
ඔබට සුබ ගමන් !

-මිරර් ආට්ස් මුහුණු පොතෙනි  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්