'සිම්පල් සයිමන්' කතුවර විෂ්ණු වාසු විසින් රචිත නවතම නවකතාව "සාරි ඇ‍ඳපු පිරිමි" හෙට (20) දින දොරට වැඩීමට නියමිත ය.


ජනගත කිරීම එදින සවස 4 සිට 6 දක්වා, නුගේගොඩ, විජේරාම හන්දියේ, රෝයල් තැප්‍රොබේනියන් කලාගාරයේදී සිදු කෙරෙනු ඇත.

සරසවි ප්‍රකාශනයක් වන 'සාරි ඇ‍ඳපු පිරිමි' ගැන කතුවරයා මෙලෙසින් සිය ෆේස්බුක් ගිණුමෙහි අදහස් දක්වා තිබුණි, 

411010189 7659970567360900 7662689392048880986 n"මා ලියූ "සාරි ඇ‍ඳපු පිරිමි" නවකථාව දොරට වැඩීම එළඹෙන 20 වැනි බදාදා සවස 4 සිට 6 දක්වා, නුගේගොඩ, විජේරාම හන්දියේ, රෝයල් තැප්‍රොබේනියන් කලාගාරයේදී සිදුවෙනවා. හරබරදේශන කිසිවක් නැහැ. හැන්දෑවේ හතරත් හයත් අතර ඕනෑම වෙලාවක එන්න. විවෘත මයික්‍රෆෝනයක් තියෙනවා. Open Mic කැමති කෙනෙකුට, කැමති තැනකින් පොතේ පිටුවක් කියවන්න පුළුවනී. මොන වැඩේ තිබුනත් එදාට නොවරදවාම එන්න. ඔබ එනතුරැ මං බලං ඉන්නවා. වැඩි විස්තර ඕනේ අය 077 226 226 7 අමතන්න. ජීවිතේ සුන්දරයි. අතහරින්න එපා ඒ ආනන්දය.

ඉතා නිහතමානී සිතින් යුතුව

විෂ්ණු වාසු
Vishnu Vàsu"


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්