ඔස්කාර් සම්මානිත ''Parasite'' චිත්‍රපටයේ රඟපෑ දකුණු කොරියානු නළු ලී සුන් ක්යුන් මිය ගොස් තිබේ.


ඔහු ගේ සිරුර සෝල් හි උද්‍යානයක මෝටර් රථයක් තුළ තිබිය දී  සොයා ගෙන ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලී ගේ මරණය සිය දිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති නමුත් ඔහු සිය නිවසින් පිටව ගොස් ඇත්තේ ලිපියක් ලියා යැයි එරට පොලිසිය සඳහන් කරයි.  

48 හැවිරිදි ලී සුන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී සිටි අයෙකු බවද කොරියානු මාධ්‍ය වාර්තා කරයි.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්