විදර්ශන ප්‍රකාශන ආයතනයේ සංකල්පයකට අනුව සංවිධානය කෙරෙන ''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024" පළමු අදියර සඳහා අත්පිටපත් බාර ගැනීම ජනවාරි 12 වැනිදා ආරම්භ කර තිබේ.


මුද්‍රණයෙන් එළි නොදැක්වූ නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ සහ පරිවර්තන (ඉංග්‍රීසි) අත්පිටපත් භාරගැනීම ඒ අනුව, 2024 මැයි මස 31 දක්වා සිදු කෙරෙන අතර නිර්මාණකරණයෙහි නිරත ප්‍රවීණ/ආධුනික ලේඛක ලේඛිකාවන්ට මේ සඳහා ඉදිරිපත්වීමට අවකාශය සලසා දී ඇත. 

මෙම සාහිත්‍ය ත්‍යාගය විදර්ශන ප්‍රකාශන ආයතනයෙන් පූර්ණ ස්වාධීන ව්‍යුහයක් බවත් සාහිත්‍ය නිර්මාණ ඇගයුම් කෙරෙහි අදහස්මය හෝ එබඳු ආකාරයේ වෙනත් කිසිදු මැදිහත් වීමක් විදර්ශන ප්‍රකාශකයන් සිදු නොකරන අතර ආයතනයෙන් ඉටු කෙරන්නේ හුදු පහසුකම් සැපයීමේ සහ සම්බන්ධීකාරක භූමිකාව පමණක් බවත් සංවිධායකයෝ පවසති.

එසේම, නිර්මාණකරණයෙහි නිරත ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ කාර්යයන් වෙත පුළුල් සමාජ ආකර්ෂණයක් ඇති කරමින් අත්පිටපත් අදියරෙන් මුද්‍රිත අදියරට ඒමට පළමුව එකී කෘති පාඨක අවධානය දිනාගන්නා තත්ත්වයට පත් කරමින් මෙරට සාහිත්‍ය-පාඨන ක්‍රියාවලිය වඩා උද්‍යෝගිමත් තලයකට ඔසවා තැබීමට විදර්ශන සාහිත්‍ය ත්‍යාගය ඉවහල් වනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.

නූතන සාහිත්‍යයේ විචාරාත්මක පාඨකයා - (ජයසිරි අලවත්ත)

ත්‍යාග:

ජයග්‍රාහී අත්පිටපත් වෙනුවෙන් විදර්ශන සාහිත්‍ය සම්මානය සහ රු. 150,000/- බැගින් මුදල් ත්‍යාග සෑම තරඟ අංශයක් සඳහාම පිරිනැමේ.

අවසන් වටය සඳහා තේරීපත්වන අනෙකුත් කෘති සඳහා රු. 50,000/- බැගින් මුදල් ත්‍යාග හා සම්මාන ඵලක හිමි වේ.

ජයග්‍රාහී අත්පිටපත් මෙන්ම අවසන් වටය සඳහා තේරී පත්වන අත්පිටපත් ප්‍රකාශනයට පත් කිරීම කතුවර කතුවරියන්ගේ අභිමතය පරිදි සිදු කළ හැකිය.

කොන්දේසි:

* තරඟය සඳහා ඉදිරිපත් කළ හැක්කේ මීට ප්‍රථම මුද්‍රිත මාධ්‍යයෙන් පළ නොකළ නිර්මාණ පමණි.

* වෙනත් තරඟයක් සඳහා ඉදිරිපත් කළ අත්පිටපත් 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' සඳහාද ඉදිරිපත් කළ හැක.

* ඇගයුම් ක්‍රියාවලිය සිදු කෙරෙන කාලය ඇතුළත එම නිර්මාණ මුද්‍රණයෙන් එළිදැක්වීම විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා නුසුදුසුකමක් සේ සැලකේ.

* ඉදිරිපත් කරන සිංහල අත්පිටපත් Fmabhaya 12 ප්‍රමාණයෙන්ද, ඉංග්‍රීසි අත්පිටපත් Times New Roman 11  ප්‍රමාණයෙන්ද පරිගණක යතුරුලියනය (computer typeset) කර තිබිය යුතුය. (එක් අත්පිටපතක් සෑහේ)

* මුද්‍රිත අත්පිටපතක් (Hardcopy)e හෝ මෘදු පිටපතක් යන ආකාරවලින් පහසු ආකාරයකින් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. 

* මුද්‍රිත පිටපත් නම් A5 ප්‍රමාණයේ කඩදාසියේ තනිපැත්තේ මුද්‍රණය කර තිබිය යුතුය.

* අත්පිටපතේ කිසිදු තැනක ලේඛකයාගේ/ලේඛිකාවගේ නම හෝ අනන්‍යතාව හැඟවෙන වෙනත් කිසිදු තොරතුරක් හෝ ඇතුළත් නොකළ යුතු අතර අත්පිටපත සමඟ ලේඛකයාගේ/ලේඛිකාවගේ තොරතුරු ඇතුළත් අයදුම්පත්‍රයක් වෙනම යොමු කළ යුතුය. 

* පරිවර්තන (ඉංග්‍රිසි) අත්පිටපත් ඉදිරිපත් කිරීමේදී ඊට අදාළ මුල් කෘතිය සංවිධායකයන් ඉල්ලා සිටියහොත් ලබාදිය යුතු අතර එම කෘතියේ කතුවරයාගෙන් හෝ එහි අයිතිය ප්‍රකාශන ආයතනයකට තිබෙන්නේ නම් එම ආයතනයෙන් තත් කෘතිය පරිවර්තනය කිරීමට ලිඛිත අවසරය ලබාගෙන තිබිය යුතුය. (එසේ ලබාගත් අනුමැති ලිපියේ මුද්‍රිත පිටපතක් අත්පිටපත සමග ඉදිරිපත් කළ යුතුය.)  

* නවකතා, කාව්‍ය හා කෙටිකතා අංශයන්හී ජයග්‍රහණය ලබන අත්පිටපත් ඉංග්‍රීසි භාෂාවට ඉක්මනින්ම පරිවර්තනය කිරීමට සංවිධායකයන් බලාපොරොත්තු වන අතර අයදුම්කරුවන් ඊට අනුමැතිය ලබා දීමට එකඟ විය යුතුය. එසේ පරිවර්තනය වන කෘතිවල සම්පූර්ණ අයිතිය අදාල අත්පිටපතේ මුල් කතුවර/ කතුවරියන් සතු වේ.

* විදර්ශන සාහිත්‍ය ත්‍යාග ප්‍රධානයෙන් අනතුරුව සංවිධායකයන් විසින් ජයග්‍රාහී කෘතීන් වෙළඳපල තුළ සාර්ථක කර ගැනීම උදෙසා සංවිධානය කර ඇති පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙළට සහයෝගය ලබාදීම ජයග්‍රාහී ලේඛක ලේඛිකාවන් වෙතින් සංවිධායකයන් බලාපොරොත්තු වේ.

නූතන සාහිත්‍යයේ විචාරාත්මක පාඨකයා - (ජයසිරි අලවත්ත)
අයදුම් කිරීමේ තොරතුරු:

අයදුම්පත්‍රයට අදාළ ආකෘතිය 2024 ජනවාරි 16 සිට www.vidarshanalitprize.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0701004283 අංකයට කෙටි පණිවිඩයක් එවීමෙන් ලබාගත හැකි අතර මාර්ගගත (online) ක්‍රමය ඔස්සේද සම්පූර්ණ කළ හැකිය.

අත්‍පිටපත් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයට එවිය යුතුය.

මුද්‍රිත පිටපත් ලෙස ඉදිරිපත් කරන අත්පිටපත් අයදුම්පත්‍රය සමග පහත ලිපිනයට තැපැල් මාර්ගයෙන් හෝ ගෙනවිත් බාරදිය හැකිය.

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය
33,
පන්සල පාර,  කළුබෝවිල.
ඇගයුම් මණ්ඩල:

2024 ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ සඳහා නම්කර ඇති ඇගැයුම් මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙසේය:

418456373 7747705731920716 1289603454547125979 n418457956 7747705851920704 31651244584784948 n418518660 7748027651888524 4839148630289850950 n418519112 7748027795221843 2567943937907469925 n
විමසීම්:
0112765024 | 0112765020 | 0703771343


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්