'කොයිකෝඩේ' යනු ඉංග්‍රීසි භාෂාවෙන් කැලිකට් යනුවෙන් හඳුන්වන ඉන්දියානු නගරයකි.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි මලබාර් වෙරළ තීරයට අයත් බිම් කොටසකි.

ජනගහනය 609,224කට අධික සංඛ්‍යාවක් ජීවත් වන මෙය කේරළයේ දෙවන විශාලතම නගරය වන අතර ඉන්දියාවේ 19 විශාලතම නගරයයි.

cal 1

මෙකී කැලිකට් නගරය පාදකව නිර්මාණය වන චිත්‍රපටයක් පසුගියදා මරදාන දුම්රිය ස්ථානයේදී චිත්‍රපටයක් රූගත කෙරුණ අතර එහි විශේෂත්වය වූයේ 1940 වර්ෂයේ කේරළයේ කැලිකට් දුම්රියපොළ හැටියට එම ස්ථානය නිර්මාණය වීමයි.

කැලිකට්හි සිද්ධියක් පාදක කොටගත් අරාබි චිත්‍රපටයක් සඳහා මෙම රූගත කිරීම සිදු කර ඇති බව පැවසේ.

WhatsApp Image 2024 01 17 at 10.38.19 AMWhatsApp Image 2024 01 17 at 10.38.21 AM
රික්ෂෝ රථ, ඉන්දීය පොලිස් නිලධාරීන් ලෙස සැරසුණු නළුවන් දුම්රිය ස්ථානයේ තැන තැන රඳවා සිටින අයුරූ දක්නට ලැබී තිබුණ අතර ලංකාදීප පුවත්පතේ සහෝදර ඡායාරූප මාධ්‍යවේදී ශාන්ත රත්නායක මෙය ඡායාරූපගත කර තිබිණි.

cal 2

බ්‍රිතාන්‍ය යුගයේ මලබාර් දිස්ත්‍රික්කයේ අගනුවර වූ මෙය මධ්‍යකාලීන යුගයේ, කුළුබඩු සඳහා ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය විය. කොයිකෝඩේ වරාය චීන, පර්සියා, අරාබි සහ අවසන් වශයෙන් යුරෝපීයයන් වෙනුවෙන් පිහිටි මධ්‍යස්ථානයක් විය. 

2009දී ඉන්දියාවේ දෙවන හොඳම නගරය වූ මෙය යුනෙස්කෝ සංවිධානය විසින් නිර්මාණාත්මක නගර ජාල ලයිස්තුවට ඇතුළත් කළ පළමු ඉන්දියානු නගරය විය. 

WhatsApp Image 2024 01 17 at 10.38.20 AM

 

සටහන - ශිවන්ති ප්‍රනාන්දු

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්