ශ්‍රී ලංකාවේ ඉපදුණු සිනමාකරු සොමී ධරන්ගේ යුද්ධය මැද ඉපදුණු සහ යුද්ධය මැද ඉහළට එසවුණු පරපුරේ එක් පරිච්ඡේදයක් ගැන කතාබහට

ලක් කරන චිත්‍රපටයක් වන 'නීලිරා' ළඟදීම නෙට්ෆ්ලික්ස් ප්‍රදර්ශනයට නියමිත ය.

ශ්‍රී ලාංකික සිනමාකරු ජෙනෝසන් රාජේස්වර් සහාය අධ්‍යක්ෂණයෙන් දායකත්වය දක්වන අතර කාර්තිකේයන් සාන්තනම් සහ කාර්තික් සුබ්බරාජ් නිෂ්පාදන දායකත්වය සපයයි.

 


යුද්දයේ ඛේදවාචකය සජීවීව අත්දුටු දරුවන්ගේ කතාවක් හැටියට චිත්‍රපටය විවරණය කෙරෙන අතර ලාංකේය දෙමළ සිනමාව නව තලයකට ගෙනෙන සිනමාපටයේ පළමු පෝස්ටරය පසුගියදා එළිදැක්විණි.


ඒ සමග නෙට්ෆ්ලික්ස් ප්‍රදර්ශනය සිදුවීමද චිත්‍රපටය ගැන නොඉවසිල්ල තවත් තියුණු කරවයි. ශ්‍රී ලාංකික දෙමළ සිනමාවේ නව පරිච්ඡේදයක් ගැන බලාපොරොත්තු තබන 'නීලිරා' එළිදැක්වෙන දින පසුව දැනුම් දෙනු ලැබේ.

 අධ්‍යක්ෂ සොමී ධරන්

අධ්‍යක්ෂ සොමී ධරන් මේ සඳහා වසර 10කට අධික කාලයක් වෙහෙස වූ බව කියයි.


සටහන - ශිවන්ති ප්‍රනාන්දු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image