නොවැම්බර් 1 වන දින වරෙෆ් අබු -කුබා Waref Abu-Quba විමියෝ හි දී ඔහුගේ කෙටි චිත්‍රපටය වන "In Damascus" එළි දැක්වුවේය.

එතැන් සිට වාර 40,000 කට වඩා නරඹා ඇති එය "Vimeo Staff Pick" ලෙස ලේබල් කර ඇත.

ඔහුගේ රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමට ටික කලකට ඉහත 2011 දී , අබු -කුබා මෙම දර්ශන රූගත කරන විට අපව ඉතා සුන්දර ලෙස දමස්කස් වෙතට චිත්‍රපටය හරහා ගෙන යයි. 

පහත දැක්වෙන්නේ, වරෙෆ් අබු -කුබා සහ 'උම්මා වයිඩ්' (Ummah Wide) හි විධායක කර්තෘ ඩස්ටින් ක්‍රවුන් අතර පැවැත්වුනු කෙටි සම්මුඛ සාකච්ඡාවකි.

වරෙෆ් අබු -කුබා


•ඔබට හැකිද ඔබ ගැන ටිකක් කතා කරන්න, ඔබ කවුද සහ මෙම ව්‍යාපෘතිය ඔබ ආරම්භ කළේ කෙසේද යන්න? 

මම සිරියානු චිත්‍රපට නිෂ්පාදකයෙක් සහ චලන ග්‍රැෆික් නිර්මාණකරුවෙක්, මට දමස්කස් විශ්ව විද්‍යාලයෙන් ග්‍රැෆික් කලාව පිළිබඳ උපාධියක් තියෙනවා. මම එතැන් සිට නිදහස් චිත්‍රපට නිෂ්පාදකයෙකු සහ චලන ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් විදියට සේවය කරලා තියෙනවා වගේම මම ජාතික හා ජාත්‍යන්තරව ප්‍රධාන සමාගම් එක්ක ව්‍යාපෘති ගණනාවක් කරලා තියෙනවා.

10362757 1562995850581366 383102364668665483 o`මට නිතරම දමස්කස් ගැන චිත්‍රපටයක් කරන්න අවශ්‍ය වෙලා තිබුනත් ඒ වන විට මට අත්දැකීම් හෝ අවශ්‍ය මෙවලම් තිබුණේ නැහැ. මට ඕනෙ වුනේ දමස්කස් වල විද්‍යාමාන නොවුනු පැත්තක් ලෝකයට පෙන්වන චිත්‍රපටයක් හදන්න, සමහර විට සමහර සිරියානුවන්ටත් මඟහැරුණා වෙන්න පුලුවන්. “සමහර වෙලාවට දේවල් පැහැදිලිව දකින්න නම් ඔයා දුරස් වෙන්න ඕනෙ” කියන කියමන වගේ සමහර විට නැවේ ඉන්න කාලය මට මේ චිත්‍රපටිය ඉවර කරන්න හොඳ උදව්වක් වුණා. දමස්කස් ගැන ඔයාට වෙනත් නගර ගැන සොයා ගන්න පුලුවන් තරම් හොඳින් හදපු චිත්‍රපට මං කිසි දවසක දැකලා නැහැ, ඒ නිසා එහෙම එකක් සෑදීම මගේ වගකීම වෙන්න පුලුවන් කියලා මම මටම කියා ගත්තා.

 

•ඔබට චිත්‍රපටය සඳහා ඔබේ ආශ්වාදයන් ගැන කතා කළ හැකි ද, ඔබ එය රූගත කළ කාලය ගැන කතා කරන්න. අද අපට සිරියාව ගැන අසන්නට ලැබෙන සෑම දෙයක්ම පාහේ පවතින සිවිල් යුද්ධය ගැන යි, සිරියාවේ බිමෙහි ජීවිතය නිරූපණය කරන ඔබේ චිත්‍රපට ගැන ඔබට කතා කළ හැකිද? 


damauscus 1

 

මේ ව්‍යාපෘතියේ ආයු කාලය වසර 3 කට වඩා වැඩි වුනා, ඒක නැවේ රැඳී ඉන්දැදී මගේ සහායකයා වුනා. මම 2011 සැප්තැම්බර් මාසයේදී සිරියාවෙන් පිටත් වුනා, මට දේවල් සමථයකට පත් කරගෙන ඒකෙ වැඩ කරන්න පටන් ගන්නා තෙක් දර්ශන මා ළඟ තියාගෙන වුනත් මම ඒකෙ වැඩ කරන්න උත්සාහ කරන සෑම අවස්ථාවකම, මට ඒ බය, නොස්ටැල්ජියානු බිය ඇති වුනා, ඒ වගේම මම සාමාන්‍ය වැඩ කරන්න බයයි. මම මධ්‍යස්ථභාවයේ දිශාවට යනවා කියලා මට හැඟෙන සෑම අවස්ථාවකම මම වහාම වැඩ කිරීම නැවැත්වූවා, නැවත ඒ සඳහා තද ආශාවක් දැනෙන තෙක් මාස ගණනක් ඒක අත්හැරලා හිටියා, ඒවගේම එම වසර ගණනාව නිදහස් සේවකයෙකු/ෆ්‍රී ලාන්සර් කෙනෙක් විදියට වැඩ කිරීමෙන් එක් අවස්ථාවක කල් මැරුවා.

මම ඒ වසර තුළ අන්තර්ජාලය හරහා දැකලා තිබුනු බොහෝ කෑලි බෑලි වලින් ආශ්වාදයක් ලැබුවා. ඩැනියෙල් මනෝලි විසින් රචිත 'ෆ්‍රැග්මන්ට් ඔෆ් ටයිම්’ වුනත් මගේ මනසේ ගැඹුරින් රැඳී තියෙන එකක්. මෙම චිත්‍රපටය රූගත කරලා තියෙන්නෙ 2011 මාර්තු සහ අප්‍රේල් මාසවල, වර්තමාන සිදුවීම් පටන් අර ගත්ත මාස වලම, ඒක අද මහපොළොවේ ජීවයේ නිරූපණයක් කියලා කියන්න මට බැහැ, ඒක එදා ජීවිතය නියෝජනය කරන්නක්.

 

1bgZIZj3PdPbW7pvjs0kZmg

•ඔබේ චිත්‍රපටය පුරාවටම සදාකාලික හැඟීමක් තියෙනවා, වසර 11,000ක් පැරණි නගරයකට ගීයක ස්වරූපයෙන් චිත්‍රපටය නරඹන මිනිසුන් තුළ ඔබ චලනය කිරීමට උත්සාහ කරන හැඟීම් ගැන කතා කළ හැකි ද?

හේතු දෙකක් නිසා මට පැහැදිලි රූපයක් හදන්න අවශ්‍ය වුනේ නැහැ, පළමුව මට ඒ වෙනුවෙන් අවශ්‍ය මෙවලම් තිබුණෙ නැහැ, දෙවනුව මට අවශ්‍ය වුනේ වාර්තා චිත්‍රපටයක් විදියට නැතිව ඩ්‍රීම් සීකුඑන්ස් *එකක් (කතන්දර කීමේ දී, විශේෂයෙන් රූපවාහිනියේ සහ චිත්‍රපටයේ, ප්‍රධාන කතාවෙන් කෙටි අතුරු කතාවක් වෙන් කිරීමට භාවිතා කරන තාක්ෂණය) වගේ දෙයක් කරන්න. දමස්කස් වීදිවල ඇවිදින කොට ඔබට ඇති වන ඒ ෆැන්ටසි හැඟීම ලබා දෙන්න මට ඕනා වුනා, ඒ මායා ගෝලය හරහා එහෙම නැත්නම් දමස්කස් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන පැල්ලම් ගැහුනු වීදුරු හරහා බලන බවක් පෙනෙන්න සලස්වන්නයි මට අවශ්‍ය වුනේ. 

1VilYKgM7ast1jvmlkFuaug

 

•චිත්‍රපටයේ ඇති මහමුද් ඩාර්විෂ් කවියේ අවසාන පේළිය ඇත්තෙන්ම මට තදින්ම කාවැදී තියෙනවා, “දමස්කස්හි වර්තමාන කාලය දිගටම පවතී, එහි උම්මායාද් ක්‍රියා කරයි. අපේ අතීතයේ හිරු ගැන විශ්වාසයෙන් යුතුව අපි අපේ හෙට දවස දෙසට පා නගමු.  අපිත් සදාකාලිකත්වයත් මේ භූමියේ පදිංචිකරුවෝ වෙමු.” ඔබ චිත්‍රපටය සඳහා මෙම කවිය තෝරාගත්තේ ඇයි සහ මෙම වචන ඔබට දෙන අදහස කුමක්ද?

මහමුද් ඩාර්විෂ් කියන්නේ ලෝක ප්‍රකට පලස්තීන ලේඛකයෙක් සහ කවියෙක්, ඔහු විස්තර කර තියෙන්නේ "ඉස්ලාමීය කවියාගේ දේශපාලන සම්ප්‍රදාය, කාව්‍ය ක්‍රියාවක් වන ක්‍රියාවේ මිනිසා" ලෙස ආත්මභාවයක් සහ පුනරාවර්තනය කිරීමක් විදියටයි. ඔහු දමස්කස් ගැන "දමස්කස්හි" In Damascus නමින් කවියක් ලියුවා, ඒක ඔහුගේ කටහඬින් කියවනු ලැබෙනවා, ඉතින් මට තවත් ඉල්ලන්න තියෙන්නෙ මොකක්ද? මම ඒක ඇහුම්කන් දුන්න ගමන්ම, ඒක මගේ පළමු තේරීම වුනා.

ඔහුගේ වචන කාව්‍යාත්මක වුනත් ඒවා සත්‍යතාවයත් පිළිබිඹු කරනවා, දමස්කස් වල පෞරාණික ගොඩනැගිලි, ගෙවල්, මුස්ලිම් පල්ලි, නාන තැන්, පාසල්, රෝහල්, නටබුන්, සුක් (වෙළඳපොල) යනාදී හෑම තැනකම, අද වෙනකල්ම ඒවා නැඟී හිටිනවා. "අපි සහ සදාකාලිකත්වය මේ භූමියේ පදිංචිකරුවන්" කියන ඔහුගේ කවි පදයෙන් ඔහු අදහස් කළේ ඒකයි, එහෙමයි මම සලකන්නේ. 

1qrDgA6oUeYQlJM30RJ2YPw

 

•සිරියාවේ යුද්ධය චිත්‍රපටියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී තියෙන බවක් පෙනෙන්නට තිබුණත්, ඔබට විවිධ ස්ථානවල වෙඩි හඬ ඇසෙන බව පෙනෙනවා. අවසාන රාමු තුළ ගුවන් යානා පියාසර කරන විට  සිරියානුවන්ට නිමක් නැති යුද්ධයක් සේ පෙනෙන කාලයක බලාපොරොත්තුව සහ සුන්දරත්වය ගැන ඔබේ චිත්‍රපටය ප්‍රකාශ කරන්නේ කුමක්ද?

කිසිම අවස්ථාවක වත් වෙඩි හඬක් තිබුනෙ නැහැ, ඔබට කරන්න පුලුවන් එකම දෙය වෙන්නේ අවසාන දර්ශනයේ ජෙට් ශබ්දය, යුද්ධය ගැන ඇති එකම සඳහන මේකයි. ප්‍රවෘත්ති සහ අන්තර්ජාලයේ සැබෑ වීඩියෝ ඕනෑ තරම් තියෙන නිසා ගොඩක් නිර්දේශ තියන්න මගේ අරමුණ වුනේ නැහැ. මට අවශ්‍ය වූයේ සිරියාවේ බෝම්බ ප්‍රහාරයට ලක් වූ තවත් බොහෝ ස්ථානවලට වගේම මේ නගරයට (මෙම සුන්දරත්වයට) බෝම්බ හෙලන්න තියෙන හැකියාව සම්බන්ධව හැඟීමක් ඇති කිරීමටයි.

 

1jCsOyYbVpZv1kkUQbm6JxA
•ඔබ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක්, මේ කලා ආකෘතීන් දෙක ෆිල්ම් එකේ ලස්සනට ඕවර්ලැප් වෙනවා, ඔබ චිත්‍රපටය නිර්මාණය කරපු ආකාරය ගැන ටිකක් කතා කරන්න පුළුවන්ද?

මම චිත්‍රපට නිර්මාණ කර්‍රයයට ග්‍රැෆික් කලාකරුවෙකු විදියය මගේ පසුබිම පිළිබිඹු කරන්න උත්සාහ කරනවා, මොකද චිත්‍රපට නිෂ්පාදනයට යොමුවෙන්න කලින් මම විශ්ව විද්‍යාලයේ ඉගෙනගෙන තියෙන්නේ ඒක, ඔයා දන්නවනේ...විචිත්‍ර අක්ෂර කලාව calligraphy, චිත්‍ර ඇඳීම, පින්තාරු කිරීම, මුද්‍රණය කිරීම, ශිලා මුද්‍රණ ශිල්පය lithography, මුද්‍රණක්ෂර විද්‍යාව typography, ස්ක්‍රීන් මුද්‍රණ ශිල්පය serigraphy, දැව කැපීම වගේ දේවල්. මම සෑම අංශයකින්ම වේදනාවක් විදියට සෑම දර්ශනයකම වැඩ කරන්න මම උත්සාහ කරනවා, සංයුතිය, වර්ණය, ස්ථර, සමතුලිතබව වගේ තවත් දෙවල් ... මේ ශෛලිය කර්මාන්තයේ අවුරුදු 8 කට වැඩි කාලයක ආභාෂයන් සහ අත්දැකීම්වල ප්‍රතිඵලයක්.

“දමස්කස්හි, වර්තමාන කාලය එහි උම්මායාද් ක්‍රියා දිගටම කරගෙන යයි. අපේ අතීතයේ හිරු ගැන විශ්වාසයෙන් අපි අපේ හෙට දවස දෙසට පා නගමු. අපිත් සදාකාලිකත්වයත් මේ භූමියේ පදිංචිකරුවෝ වෙමු.”

1vicTqYQYqL7TA6wEZSOJ5g

•මහමුද් ඩාර්විෂ් (දමස්කස් හිදී කවි පන්තියෙන් කොටසක්)

*  උම්මා වයිඩ් යනු මුස්ලිම් සංස්කෘතික හා ජීවන රටාවේ බොහෝ සමානකම් බෙදා හදා ගන්නා ගෝලීය ඩිජිටල් මාධ්‍ය සමාගමකි.

*Waref Abu Quba උපත ලැබුවේ 1986 ජනවාරි 17 වන දින සිරියාවේ දමස්කස් උප නගරයේදීය. ඔහු අධ්‍යක්ෂකවරයෙක් සහ සිනෙමොටෝග්‍රැෆර් වරයෙක් වන අතර ඔහුගේ කලා නිර්මාණයන් වන , Four Acts for Syria (2019), In Damascus (2014) සහ Silent Thoughts (2009) සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

පරිවර්තන සටහන themedium.com ඇසුරෙන්

ගයාත්‍රී නදීෂානි තන්තිරිවත්ත


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image