ප්‍රංශ ජතික jean pierre martinez විසින් රචිත critical but stable යන නාට්‍යය ‘‘බරපතළයි එහෙත් ස්ථාවරයි’’ යන නමින් තුෂාර දිල්හාන්

ගොඩගේ සිංහලයට පරිවර්තනය කර ඇත. 

එහි මංගල දර්ශනය 2024 ජනවාරි 26වන දින සවස 06.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී රංග ගතකෙරනු ඇත.

මෙම නාට්‍ය තුළ ප්‍රහසනය සහ කුතුහලය ප්‍රකට කරමින් ප්‍රේක්ෂක ප්‍රජාව ග්‍රහණය කරගැනීමට රචකයා උත්සාහ දරා ඇත. නමුදු මෙය ප්‍රහසනය සහ කුතුහලය අභිභවන යටි පෙළක් සහිත දේශපාලනමය ප්‍රහසනයක් යැයි පැවසීම වඩාත් උචිත ය. 

මිනිසාගේ අභ්‍යන්තර කෑදරකම් වෙනුවෙන් අනෙකාව පෑගීම, භාවිත කිරීම, සුරා කෑම යනාදි අවස්ථා වෙත ප්‍රේක්ෂක ප්‍රජාව රැගෙන යන්නට රචකයා සමත්කම් දක්වා ඇත. 

නූගත් සමාජ සමාජික ප්‍රජාව කරන සමාජ විරෝධී ක්‍රියා උගත් සමාජ සමාජික ප්‍රජාව විසින් සූරා කනු ලබන අකාරය ඔහු මෙම නිර්මාණය තුළ ඉතා සූක්ෂ්ම අන්දමට ඇතුළත් කර ඇත. එය වර්තමාන අප සමාජයට සාපේක්ෂ ද, නැති ද, එසේ නම් ඒ කොපමණක් ද යන්න නරඹන ප්‍රේක්ෂක ප්‍රජාව ම තීරණය කළ යුතු ය.

උදේනි අලවිස්, සමිත සුධිෂ්වර, ඇතිනා ශෙනෝලි, ඉරෝෂා වෙත්තසිංහ, දිලුනි රණසිංහ, සුමේධ හේවාවිතාරණ සහ එම්. එමිල් මෙම නාට්‍ය නිර්මාණය සඳහා රංගනයෙන් දායක වන අතර වේදිකා පරිපාලනය සුසිල් විජේසේකර ගෙනි. 

විජිත හෙට්ටිගේ

 අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය විජිත හෙට්ටිගේ ය.

d6b02df4 39a3 4b15 836e f9fdc2e5c6e0 

WhatsApp Image 2024 01 23 at 10.55.14


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image