ජීවිතය කියන එක ආරම්භ වෙන්නෙම තාල පදනම් කරගෙනය.
ඒක "මචං මල්ලි" පට්ට වැඩක්. මේ ගැන විචාර හෝ ගැරහීමක් කරන්නවත් ඔය කුහක සමාජ ප්‍රවීනයන් ඉදිරිපත් වෙන්නේ නම් නෑ මචංලා. මම මේ උබලා කරපු වැඩේ ගැන ලියන්නේ මට ඒක ලාංකීකයකු විදියට වටින නිසා සහ දැනුන නිසා. රඛිත කොල්ලනේ උබලා ඔය කලේ ජාත්‍යන්තරය තුල සංගීත විෂයේ සහ සංගීත නිර්මාණ විෂයේ විශ්වීය කිඳා බැසීමක්. ඒ අවසරයෙන් ලියමි.
තාල කියන්නෙම, මිනිස් ජීවිත නම් සංධ්වනියේ අදෘශ්‍යමාන මෙහෙයවන්නායි. හිතන්න ඔබේ හෘදසපනධනයේ “ලබ්-ඩබ්” තාලය. මේ තලය අනූව ඔබේ ජීවිතය කොච්චර කියවන්න පුළුවන්ද? තාල කියන්නේ විශ්ව භාෂාවක් කියන්න ඕක තමයි හොඳම උදාහරණය. අපගේ සෑම ක්‍රියාවකම පසු පස ඇති ගාමක බලය වෙන්නේ තාලයයි. තාලයෙන් චලනයද, චලනයට රිද්මය එක් වූ විට චමත්කාරයද ඇති වේ. අපගේ ජීවිත වල හැබෑම ගාමක බලවේගය වන්නේ තාලයි.
ඉහතින් මා ගොඩනගන තර්කය රඛිත විසින් ඔහුලේ “තාල සංචාර” සංගීත පර්යේෂනය තුලින් මනාව පෙන්වනවා. ඔහු අපිට යෝජනා කරනවා තාලයෙන් තොර ජීවිතයක් නැති බව. අප්‍රිකානු, ඕස්ට්‍රේලියානු, අමරිකානු ගෝත්‍ර විසින් භාවිතා කල සංගීත හරහා ලෝකයේ දියුණු විශ්ව විද්‍යාල විසින් විශාල මුදල් කන්දරාවක් යට කරමින් පර්යේෂන කරමින් සිටින මේ තාලයෙන් තොර ජීවිතයක් නෑ කියන ප්‍රස්තුතය නව්‍ය දිසාවකට ලංකාවේ රඛිත ඔහුගේ මිතුරන් සහ ගෝලයන් එකතුකරගෙන සුපිරියට කලා. ඔවුන් අතීත සමාජයට යනවා වෙනුවට සමකාලීන සමාජ ජීවිත වල සුසුමේ තාලය ග්‍රහනය කරගන්න උත්සුක උනා. ඔවුන් ඒවාට මහප්‍රාණ යොදලා බර කරන එක වෙනුවට ඒක ඒ විදියටම ගෙනත් දැනෙව්වා. එක හරි අපූරු වැඩක්. එ් ආපු පිරිස් තුල විඳවීම වෙනුවට, විඳීම විදින්න දොරටු විවර කර දුන්නා කියලා මට හිතෙන්නේ. නගරයේ, පොලේ, ගෙදර තාච්චියේ කර කරස් තාලයේ රටාව රඛිතට පුළුවන් උනා සහෘද මනසට අළුත් විඳීමකට හුරුකරන්න.
මම මුලින් තිව්වා තාලයට පුළුවන් උත්තේජනයක් කරන්න. ඒක එතකොට චලිතය ලෙස එළියට එන බව. එහෙනම් මේ චලිතය පාලනය කරන්නේ තාලයි. එක තමයි ඇත්තම මූලධර්මය. ඔබ හිතන්න ඔබ බැලේ ගැන හෝ සංගීතය ගැන මෙලො අලබෝලයක් දන්නේ නෑ කියලා. නමුත් ඔබට බැලේ නර්ථනයක් බලන්න අවස්ථාව ලැබෙනවා. මෙහිදී ඒ පිළිබඳව මෙලෝ අලබෝලයක් නොදන් ඔයා සංගීතයේ තාලයට පාද නොතබන, ඒහි රිද්මයට චලනය නොකිරීම එක තත්ත්පරෙන් ග්‍රහනය කර ගන්නවා. එහෙනම් ඔබේ ඇස් වල සහ කන්වල ඔටෝ දත්ත ටිකක් ගබඩා වෙලා තියෙනවා. මේ දත්ත හරිම සූක්ෂම ලෙස ඔබේ මනසේ ගබඩා වෙලා තියෙනවා. මේක නිවැරදිව අවබෝධ කර ගත්ත රඛිත එක ජන විඥානයෙන් එළියට ගන්න තාල සංචාරය පර්යේෂන කටයුත්ත කල බවයි මගේ හැගීම.
රංග කලා ක්ෂේත්‍රයෙන් ඔබ්බට, අපගේ දෛනික අන්තර්ක්‍රියා සහ ක්‍රියාකාරකම් හැඩගැස්වීමේදී තාල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ක්‍රීඩා වලදී, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ චලනයන් සම්බන්ධීකරණය කිරීමට සහ ප්‍රශස්ත කාර්ය සාධනය ලබා ගැනීමට තාලය මත රඳා පවතී. එය ධාවකයෙකුගේ පිබිදීමේ වේගය හෝ පැසිපන්දු ක්‍රීඩකයෙකුගේ බෝලය පැස වෙත දැමීමේ වේලාව වේවා, තාලය නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාව සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරන බවයි මගේ අදහස.
ඇත්තටම, තාලය ස්වභාව ධර්මය තුලටද බලපෑම විහිදුවයි, එහිදී වඩදිය බාදිය, සෘතු චක්‍රය සහ පෘථිවියේ හෘද ස්පන්දනය යන සියල්ල තාල රිද්මයානුකූල රටා වලට අනුගත වේ. මෙම ස්වාභාවික තාල භෞතික ලෝකය පාලනය කරනවා පමණක් නොව, මානව මනෝභාවය තුළ ගැඹුරින් අනුනාද වන අතර, සමගිය සහ සමතුලිතතාවය පිළිබඳ හැඟීමක් ඇති කරන බවයි මගේ අදහස. රඛිත විසින් මේ ආරම්භ කරන ලද පර්යේෂනය තුළින් තවත් පර්යේෂන ගනනාවකට දොරටු විවර කර ඇත. ශබ්ධය හා තාලය අතර ඇති අවියෝජනීය සහසම්බන්ධතාව ඔහු ආයාසයකින් තොරව මතු කරයි.
තාල යනු සංගීත විෂයේ කොඳු නාරටිය ලෙස ප්‍රධාන තැනක් ගනී. අප්‍රිකානු බෙර වාදනයේ ස්පන්දනීය තාලයේ සිට බටහිර සහ ඉන්දීය සම්භාව්‍ය සංධ්වනිවල සංකීර්ණ තාල දක්වා, සංගීතය හැඟීම් ප්‍රකාශ කිරීමට, සිතුවිලි අවුලුවාලීමට, සිතුවිලි සෞම්‍ය කිරීමටත් සහ චලනය ප්‍රබෝධමත් කිරීමට තාලයේ බලය යොදා ගනී. ඇත්ත වශයෙන්ම, ආකර්ශනීය තාලයකට කෙනෙකුගේ පාදයට තට්ටු කිරීමේ ක්‍රියාව රිද්මය සහ චලනය අතර සහජ සම්බන්ධයට හොඳම සාක්ෂියක්.
සංගීත භාණ්ඩයක් නොවන එකකින් නිකුත්වෙන හඩ කටෝර ලෙස කන් හකුළුවා ගැනීම වෙනුවට ඒ හඬ තුල ඇති තාල රටා මතුකර සාම්ප්‍රධායික කඨෝර මානසීක අවුල වෙනුවට මනසට තාල රටා විද්‍යාවක් පිළිබඳ අදහසක් රඛිත ඉදිරිපත් කරයි. කෙනෙක්ට මෙම “තාල සංචාරය” යනු ඩඩාවාදී දෘෂ්ඨිකොණයකින් වූවද මීට සමගාමී කියැවීමක් කල හැකිය.
නමුත් සමහර විට රිද්මයේ වඩාත්ම ගැඹුරු ප්රකාශනය මිනිස් සිරුර තුළම පවතී. අප ගන්නා සෑම හුස්මක්ම, අප ගන්නා සෑම පියවරක්ම එයටම ආවේණික වූ රිද්මයානුකූල ස්වභාවයකින් යුක්ත වන අතර එය මනස සහ ශරීරය අතර සහජීවන සබඳතාවයේ සාක්ෂියකි. යටි සිතින් වුවද, අපගේ අභ්‍යන්තර රිද්මයන් අප අවට ලෝකය සමඟ අපගේ අන්තර් සම්බන්ධතාව පිළිබඳ නිරන්තර සිහිගැන්වීමක් ලෙස සේවය කරමින් එදිනෙදා ජීවිතයේ දෝලනය හා ගලායාම හරහා අපට මඟ පෙන්වයි.
ඇත්තටම “තාල සංචාර” පර්යේෂනය තුළින් ලාංකීය සංගීත නිර්මාණ වේදීන්ගේ සිතීමේ පරාසය පුළුල් කිරීමක් කලා යැයි මට හිතෙනවා සහ හැඟෙනවා.
තමන්ගේ අදහසට අනූව නිර්මාණය කරන සංගීතයට අවශ්‍ය තාල, සීමා සහිත වාදක භාණ්ඩ වලින් ඔබ්බට ගොස් නිර්මාණය කරගත හැකි බව රඛිත පෙන්වලා දෙන්නේ ඒ තුල තියෙන ශබ්ධ මාධූර්ය හා ස්වර විචල්‍ය (Tone variation) පිළිබඳ අර්ථ ගන්වමින්ය. තම සංගීත නිර්මාණයට නිර්මාණාත්මකම තාලය යොදා ගැනීම සඳහා තාල භාණ්ඩ නිර්මාණය කිරීම හා දැනට සමාජය තුළ ඇති “දේවල්” සංගීත භාණ්ඩ විදියට උපයෝගී කර ගැනීම ඵිළිබඳ රඛිත මේ පර්යේෂනයෙන් ගෙනහැරපායි. එහෙම සංගීත නොවන භාණ්ඩ සංගීත භාණ්ඩ ලෙ තම සංගීත නිර්මාණ සඳහා යොදාගන්නා ශිල්පීන් ලොව පුරා සිටිති. (මුදල් නැති කම නිසා වෙනත් දේවල් සංගීත භාණ්ඩ කර ගැනීම නෙවෙයි මේ කියන්නේ.) චීනයේ උණ බට ආශ්‍රයෙන් සහ ජපානයේ සෙරමික් උපයෝගී කරගෙන තම සංගීත නිර්මාණයට වඩාත්ම ගැලපෙන තාලය සකස්කර ගන්නා ශිල් පීන් දැකිය හැකිය. එසේම ඉන්දියාවේ ඒ.ආර්. රහුමාන් සංගීත නිර්මාපකයා තම නිර්මාණ සඳහා සංගීත භාණ්ඩ නොවන භාණ්ඩ සංගීත භාණ්ඩ ලෙස යොදා ගන්නා බව මා අසා ඇත.
තාලය යනු පැවැත්මේ අසමාන මූලද්‍රව්‍ය එකට බැඳෙන, අර්ථය සහ අරමුණ සමඟ චලනය එක් වෙන අදෘශ්‍යමාන හුයක්ලෙස සේවය කරන්නක් බව “තාල සංචාරය” තහවුරු කරයි. තවද තාලයක් නොමැතිව ජීවිත එකතැන පල්වෙන, ජීව ශක්තියෙන් හා ප්‍රකාශනයෙන් තොර එකක් බව රඛිත මේ පර්යේෂනයෙන් පෙන්වා දෙයි. මේ තාල සංචාරය සංගීත නිර්මාණය කොළඹ 07 ඔබ්බට, ගම්, නගර, වෙල් එළි වලට ගෙන්න ගෙන රස විඳින්න ඔබේ චින්තන ධාරාවේ නිම් වලලු පුළුල් වී විඳවීම වෙනුවට විඳීමට ඔබට හැකි වනු ඇත.
(ඉන්ද්‍රජිත් වෑවලගේ)
පරියේෂක හා නිදහස් ලේඛක