එජාප නායකයෝ සියල්ලෝම පාහේ ඊට සහභාගී වී සිටියහ.
මෙහිදී ශ්‍රී ලංකාව පුරා සියලුම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධීකාරකවරුන් (Digital Ward Coordinators) පත් කිරීම නිල වශයෙන් ඇරැඹුණු අතර මූලිකව පාලක සම්බන්ධීකරණ නිලධාරීන් දහසක් පත් කෙරිණි.
ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ නව යු.එන්.පී ජංගම යෙදුම (UNP App) ඉදිරියේදී නිල වශයෙන් හඳුන්වා දීමට නියමිතව තිබේ. මෙම යෙදුම මගින් පක්ෂ සාමාජිකයන්ට, සංවිධායකයන්ට සහ ජනතාවට තොරතුරු හුවමාරු, දැනුවත් කිරීම සහ සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා නව ඩිජිටල් වේදිකාවක් සැපයීම අරමුණු කරයි.
මෙම ඩිජිටල් දියත් කිරීමේ තවත් වැදගත් අංගයක් ලෙස, සිරිකොත පක්ෂ මුලස්ථානයේ 'ස්ටාර් ලින්ක්' අධිවේගී අන්තර්ජාල පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීමද සිදු කෙරිණි.
හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් සංවිධානය කර තිබු මෙම ඩිජිටල්කරණ වැඩසටහන අමතමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ පැවසුයේ, ජෙන් -Z පරම්පරාව සමඟ එක්සත් ජාතික පක්ෂය නව ගමනක් ආරම්භ කළ බවයි.
බුද්ධිමත් දේශපාලනය වැළඳ ගන්නා නව පරම්පරාවේ නායකත්වයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙමින් සිටින බව ද ඔහු පැවසිය.
පක්ෂය සහ සමස්තයක් ලෙස ජාතිය අනාගතයේදී නව පරම්පරාවේ තරුණයින්ට භාර දිය යුතු බව බවද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.
“මගේ වයස අවුරුදු 70 ට වැඩියි. මෙහි අවුරුදු 70 ට වැඩි අය ඉන්නවා, සමහරුන් අවුරුදු 60 ට වැඩියි, තවත් සමහරු අවුරුදු 50 ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු බිහි වූ පරම්පරාව ගැන සිතීමට කාලය පැමිණ තිබෙනවා.ඒ පරම්පරාවේ අයට පක්ෂ සහ දේශපාලනය භාර දීමේදී එක්සත් ජාතික පක්ෂයටත් නායකත්වය දීමට සිදුවනු ඇති යනුවෙන්ද නායක රනිල් එහිදී පැවසීය.
Gen Z සමග UNPය අලුත් ගමනක
රනිල් වික්‍රමසිංහ මෙසේද කීවේය.
“අපේ නායක ඩී.එස්. සේනානායක මැතිතුමා නිදහස් ලංකාවක් බිහිකරලා 78 වැනි සංවත්සරය සමරන අවස්ථාව. එතුමාගේ ඉඳන් අද වෙනකම් වසර 78ක් මේ රට හදන්න ගිය නායකයන් සියලු දෙනාම අපි අගය කරනවා. එතුමා ආරම්භ කළේ මධ්‍ය මහ විද්‍යාල 50යි. අද තියෙනවා 1, 400කට වඩා. එදා විශ්වවිද්‍යාල එකයි. අද රජයේ විශ්වවිද්‍යාල 19යි, රජයේ නොවන විශ්වවිද්‍යාල 27යි. අද රෝහල් 550ට වඩා තිබෙනවා. දැන් හයසියය අල්ලන්න යනවා. අපි හාල්වලින් දැන් ස්වයංපෝෂිතයි, සිංහල අපේ රජරට රාජධානියෙන් පස්සේ. විදුලි බලය හැම තැනම තියෙනවා. වාහන තියෙනවා. අපි අලුත් යුගයක ඉන්නේ. අපි දැන් අනාගතය ගැන හිතන්න ඕන. ඒ වෙනුවෙන් නිදහස් හා බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. ඒකෙන් තමයි මේ රට දියුණු වුණේ. ඒ සඳහා හැම බලගවේගයකටම එකතු වෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. මේ රටේ ආර්ථිකය 2022 කඩා වැටුණා. මං භාරගෙන ස්ථාවරභාවයක් ඇති කළා.
ජනතාව එදත් ජීවත් වුණේ අමාරුවෙන්. අපේ වැඩසටහන තිබුණේ ඊළඟ අවුරුදු 5 තුළ තවත් සහන ලබාදෙන්න. ජීවත් වෙන්න අවශ්‍ය ආදායමක් අතේ තියන්න. ඩොලරයට 185ක් තිබූ රුපියල එක රැයකින් ඩොලරයට 330ක්, 360ක් වුණාම මොකද කරන්නේ. දීර්ඝ ලෙස 2048 ගැන බැලිය යුතුයි. අලුතෙන් එන ඡන්දදායකයන් යුද්ධය අවසන් වුණාට පස්සේ ඉපදුණු අය. එහෙම ලෝකෙක ඉන්නේ.
අපි ඊට ලෑස්ති වෙන්න ඕන. ඩී.එස්. සේනානායක මැතිතුමා ඇති කළේ අපේ පරම්පරාව. යුද්ධයෙන් පස්සේ විශාල ජනගහනයක් ඇති වුණා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා හැදුවේ මිලේනියම්ලා. දැන් මිලේනියම්ලා නෙමෙයි ඉන්නේ ජෙන්-Z කියන සමාජය. ඒක ඩිජිටල් සමාජයක්. අප දුන්නු විදුලිබලයෙන්, අපි දුන්නු ජංගම දුරකථන භාවිතයෙන්, අපි දුන්නු කොම්පියුටරයෙන්, අපි දුන්නු ඉන්ටනෙට් එකෙන් අද ඩිජිටල්යු ගයකට ගිහින් තිබෙනවා. ජෙන්සී කියන්නේ තාක්ෂණ යුගයට ඉපදුණු පරම්පරාව. මේ පරම්පරාව එක්ක තමයි ඉදිරියට යන්න තියෙන්නේ. රට එතැනට එක්සත් ජාතික පක්ෂය තමයි ගෙන ගියේ. 48, 77 ගෙනිච්චේ අපි. ආපහු ගෙනියන්න තියෙනවා.මේ පක්ෂය ඒකට ලෑස්ති වෙන්න. 70දී අපිට දුසිමකට වඩා තිබුණේ. ඊළඟ සැරේ රට හැදුවා.
අද අපි ඉන්නේ ජේ.ආර්. යුගයේ නෙමෙයි. අපි ඉන්නේ ට්‍රම්ගේ ලෝකයේ, කැමැති වුණත් නැති වුණත්. ට්‍රම්ප් එක්ක තරග කරන චීනය ඉන්න ලෝකයේ. අසල්වැසි ඉන්දියාව ඉන්න ලෝකයේ. මේ යථාර්ථය පිළිගන්න ඕන. අපි ඒ යුගයට යන්න ඕන. ඒකට සුදුසු සමාජයක් අපි ඇති කරන්න ඕන. එදා අපි ඇති කළේ ගොවිතැන දියුණු කරලා. ඊට පස්සේ ඇති කළේ කර්මාන්ත හා සංචාරක ව්‍යාපාරය දියුණු කරලා. අද යන්නේ එතනට නෙමෙයි.”
මේ අතර එම වැඩසටහන අතරතුරදී එජාප නායකයාගේ ඉල්ලීම මත විකාශය කළ ගීතය හා තරුණියන්ගේ නර්තනය සමාජ මාධ්‍යවල වයිරල් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික චින්තන ධර්මදාස මෙසේ සඳහන් කර ඇත.





