The Leader News
BREAKING
Top Ad
පුවත්

හැම ජීවිතයකටම වටිනාකමක් දෙමින් මුදා ගැනීම් කරනවා - ජනපති NGO නියෝජිතයන්ට පවසයි

T

The Leader Desk

November 30, 2025 • 6:11 AM

හැම ජීවිතයකටම වටිනාකමක් දෙමින් මුදා ගැනීම් කරනවා - ජනපති NGO නියෝජිතයන්ට පවසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ සමග හමුවකට ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී එක් වෙමිනි.
  • අසීරු අවස්ථාවේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින සියලුදෙනා වෙත මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා, ජාතික වැඩපිළිවෙළක් ඔස්සේ මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරමින් හෘද සාක්ෂියට අනුවම අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට කැපවෙමු යැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
  • විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තම සංවිධාන සහ ආයතන විසින් සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ මෙහිදී පැමිණ සිටි නියෝජිතයෝ අදහස් ඉදිරිපත් කළ අතර තම දායකත්වය අගයමින් මෙම සාකච්ඡාවට ආරාධනා කිරීම පිළිබඳව ඔවුහු ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ සමග හමුවකට ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී එක් වෙමිනි.

අසීරු අවස්ථාවේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින සියලුදෙනා වෙත මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා, ජාතික වැඩපිළිවෙළක් ඔස්සේ මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරමින් හෘද සාක්ෂියට අනුවම අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට කැපවෙමු යැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

විපතට පත් සියලු ජනතාව වෙනුවෙන් කිසිදු බේදයකින් තොරව අවශ්‍ය පහසුකම් සලසමින් සහ ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් ලබා දෙමින් මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කර ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක, රටේ ජාතික සමගිය සහ සංහිදියාව ඇති කිරීමේ වැඩපිළිවෙළ සඳහාද මෙම අසීරු අවස්ථාවේදී පූර්වාදර්ශයක් සපයා තිබෙන බව සඳහන් කළේය.

විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව රජය අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙන අතර අවතැන්වූවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීම, ජන ජීවිතය යළි ස්ථාපිත කිරීම සහ තෝරාගත් යටිතල පහසුකම් සංවර්ධනය සියලුදෙනාගේ සහාය ඇතිව ඉදිරියට ක්‍රියාත්මක කළයුතු බවත්, එහිදී සියලුදෙනා අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යමින් ජාතික වැඩපිළිවෙළක් ඔස්සේ එම කටයුතු ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

 

විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තම සංවිධාන සහ ආයතන විසින් සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ මෙහිදී පැමිණ සිටි නියෝජිතයෝ අදහස් ඉදිරිපත් කළ අතර තම දායකත්වය අගයමින් මෙම සාකච්ඡාවට ආරාධනා කිරීම පිළිබඳව ඔවුහු ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළේය.

 

එමෙන්ම මෙවන් ජාතික අවස්ථාවලදී රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය සහාය පමණක් නොව ඔවුන් සතු අත්දැකීම් සහ නිපුණතාවයන් උපයෝගී කර ගැනීමේ හැකියාවද මෙහිදී ඔවුහු පෙන්වා දුන් අතර මෙය ආර්ථික වශයෙන් රටට අසීරු අවස්ථාවක් වුවද ශ්‍රී ලංකාව තුළ පවතින ආචාරධාර්මික පිබිදීම හේතුවෙන් මෙම අභියෝගයට ශක්තිමත්ව මුහුණ දිය හැකි බවට විශ්වාසය පළ කළහ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු පිරිසක් සහ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ngo 1


ngo 2

ngo 3

ngo 4

ngo 5

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...