The Leader News
BREAKING
Top Ad
පුවත්

හයේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට හේතුව හෙළිවෙයි - NIE පත්වීම් දේශපාලන ළැබැඳියාවක් නිසා ද ?

T

The Leader Desk

January 20, 2026 • 3:58 AM

හයේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට හේතුව හෙළිවෙයි - NIE පත්වීම් දේශපාලන ළැබැඳියාවක් නිසා ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික අධ්‍යාපන ආයතනය විසින් පත්කරන ලද පරීක්ෂණ කමිටුව විසින් මේ බව අනාවරණය කරගෙන ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේය.
  • ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික අධ්‍යාපන ආයතනය විසින් මූලික පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබීය.
  • එම පරීක්ෂණ කමිටු වාර්තාවට අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇත.
  • මේ සම්බන්ධයෙන් ඊයේ (19) රාත්‍රී ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය බිමල් රත්නායක, "මේ ගැන පරීක්ෂණ කරන්න ජාතික අධ්‍යාපන ආයතනයෙන් කමිටුවක් පත්කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාතික අධ්‍යාපන ආයතනය විසින් පත්කරන ලද පරීක්ෂණ කමිටුව විසින් මේ බව අනාවරණය කරගෙන ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේය.

06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික අධ්‍යාපන ආයතනය විසින් මූලික පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබීය.

එම පරීක්ෂණ කමිටු වාර්තාවට අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇත.

ඊට අමතරව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අනිවාර්ය නිවාඩු යැවීමට ද පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (19) රාත්‍රී ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය බිමල් රත්නායක,

"මේ ගැන පරීක්ෂණ කරන්න ජාතික අධ්‍යාපන ආයතනයෙන් කමිටුවක් පත්කළා. ඒ අනුව 8 දෙනෙකුගෙන් ප්‍රකාශ කරගෙන තියෙනවා. ඉන් තිදෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගන්න යෝජනා කරලා තියෙනවා. ඒ විනය ක්‍රියාමාර්ග දැන් ක්‍රියාත්මකයි. පොතක් ගහනකොට 12 පාරක් මේක චෙක් වෙනවා. ඊට පස්සේ තුන්පාරක් සෝදුපත් බලනවා. ඊට පස්සේ NIE0 එකෙන් proof reading කරනවා. ඊට පස්සේ අවසන් කොපිය බලනවා ප්‍රින්ට් කරන්න කලින්."

ප්‍රශ්නය 
මෙච්චර ක්‍රමවේදයක් තිබුණා කවුරුත් දැක්කේ නැත්තේ ඇයි ? මේක පිටුපස කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන් ද ?


"කුමන්ත්‍රණයක් වුණාද කියලා හොයන එක ඉතාම තර්කානුකූලයි. පරීක්ෂණයේ ප්‍රතිඵලය තමා මේ තියෙන සම්පූර්ණ ක්‍රියාවලිය අවසාන මොහොතේ දී අනුගමනය කරන්නේ නැතුව කරපු සංශෝධනයක් නිසා. මේ හරහා ගිහින් තමා මොඩියුල කරලා තියෙන්නේ, හැබැයි අවසාන මොහොතේ කරන සංශෝධනය මේ හරහා ගිහින් නෑ."


අදාළ නිලධාරීන්ගේ සුදුසුකම් ප්‍රමාණවත් නොවුණ ද ඔවුන්ට ජාතික අධ්‍යාපන ආයතනයේ ස්ථීර පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ද බිමල් රත්නායක අමාත්‍යවරයා එහිදී පිළිතුරු ලබාදුන්නේය.

ප්‍රශ්නය 
සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් ගැන පැහැදිලි තොරතුරු හෙළිදරව් වී තියෙන නිලධාරීන් දෙදෙනෙක් මේ වගේ ජනතාවගේ ඡන්දයෙන් පත්වුණ ආණ්ඩුවක් සිරකිරීම ප්‍රශ්න සහගතයි. එතැන එක් අයෙකුගේ දුවක් පන්නල ප්‍රාදේශීය සභාවට මාලිමාවට ඡන්දය ඉල්ලනවා. දේශපාලන ළැබැඳියාවක් නිසාද මේ අය ස්ථිර වෙන්නේ ?


"කොහෙත්ම නෑ. අපි එහෙම බල බල වැඩ කරන්නේ නෑ. ඉතා පැහැදිලියි එයා ඡන්දය ඉල්ලුවත් නැතත් එයා අපේ පක්ෂය පටන් ගත්ත කෙනා වුවත්, මට සියයට දාහක් කියන්න පුළුවන් අපි කිසිම ආකාරයෙන් මැදිහත් වෙන්නේ නෑ. මෙතෙන වැරැද්දක් සිදුවෙලා තියෙනවා නේ මට තේරෙන විදියට ඔහුගේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නය වෙනම එකක් ඒක මේකට බලපාලා ඇති සුදුසුකම් අඩු අය වැඩක් කරද්දි සිදුවෙන වැරදි තියෙනවා. නමුත් මේක අපිට පේන දේ තමයි මෙතැන බරපතළ වැරැද්දක් වෙලා තියෙනවා. මුළු මොඩියුලය දිහා බැලුවට පස්සේ පේනවා දරුවන් අසබ්ය දෙයකට යොමුකිරීමේ අරමුණින්, වෙන වෙන තැන්වල දේවල් එකතු කරලා නෑ. ඒකයි මම සජිත් ප්‍රේමදාස මහත්තයාට අභියෝග කරන්නේ මේ සතියේ බැරි නම් පෙබරවාරියේ පෙන්නන්නකෝ ඔය මොඩියුලයේ ලින්ක් එක ඇරුණහම ඒ මොඩියුලයේ වෙන අසැබි දෙයක් නෑ."




| adaderana

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...