‘කුලී නිවාස පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (Occupants Protection Bill) දැනට අත්හිටුවීමටත්, ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමටත් ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තාවේ.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 2026 පෙබරවාරි මස 05 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා විසින් එම පනත් කෙටුම්පතේ පවතින නෛතික දෝෂ සම්බන්දයෙන් සිදුකළ කරුණු දැක්වීම සහ පෙබරවාරි 06 වැනිදා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඒ සම්බන්ධයෙන් ලබාදුන් ප්‍රතිචාරයෙන් පසුව මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.
පසුගිය පෙබරවාරි 05 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා, මෙම පනත් කෙටුම්පත "යකාගේ නීතියක්" ලෙස හඳුන්වනු ලැබීය. මෙම පනත මගින් කුලී නිවාස පදිංචිකරුවන් නීත්‍යානුකූල නොවන මට්ටමේ සිටියදී පවා ඔවුන්ට ජලය, විදුලිය සහ අනෙකුත් පොදු පහසුකම් ලබාගැනීමේ නෛතික අයිතියක් හිමිවන බවත්, එය ඉතා භයානක තත්ත්වයක් බවත් ඔහු කියා සිටියේය.
විශේෂයෙන්ම, බදු ගිවිසුම් උල්ලංඝනය කරමින් කුලී නොගෙවා රැඳී සිටින කුලී නිවාස පදිංචිකරුවන් පවා මෙම පනත යටතේ රැකවරණය සැලසෙන බවත්, ඒ හරහා දේපළ හිමිකරුවන් සහ ආයෝජකයින් දැඩි බියකට පත්ව ඇති බවත් ඔහු පැවසීය.
"නෛතික පදිංචිකරු" යන්න මෙහි නිවැරදිව අර්ථකථනය කර නොමැති වීම විශාල අඩුපාඩුවක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මෙමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහ ආර්ථිකයට දැඩි පහරක් එල්ල විය හැකි බවටද අනතුරු ඇඟවීය. මෙම පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති බවද ඔහු අනාවරණය කළේය.
මෙම පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සඳුදා දිනයේ අධිකරණය වෙත පෙත්සමක් ගොනු කිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.
මේ අතර පෙබරවාරි 06 වැනිදා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ, මෙම පනත් කෙටුම්පත වත්මන් රජයේ නිපැයුමක් නොව, 2024 වසරේදී එවකට සිටි අලි සබ්‍රි සහ විජේදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් විසින් සභාගත කරන ලද්දක් බවයි.
පනතේ අරමුණ සම්බන්ධයෙන් විකෘති අදහස් සමාජගත වී ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, බදු හිමියන්ට පවත්නා නෛතික අයිතීන් මෙමගින් වළක්වා නොමැති බව සඳහන් කළේය. කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස ජනතාවගෙන් සහ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ විරෝධය සැලකිල්ලට ගෙන පනත දැනට "යටපත් කිරීමට" හෙවත් අත්හිටුවීමට තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරියේදී මහජන අදහස් විමසීමටත්, අනෙකුත් නීතිමය කරුණු පදනම් කරගනිමින් එහි ඉදිරි ගමන තීරණය කිරීමටත් ආණ්ඩුව තීරණය කර ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය වරයා වැඩිදුරටත් සදහන් කරන ලදි.
ගෙවල් කුලී අලුත් පනත 'යකාගේ නීතියක්' ! - ෆයිසර් මුස්තාෆා
ගෙවල් කුලී අලුත් පනත 'යකෙක්' නොවේ - අධිකරණ ඇමති
වැඩි දුරටත් විස්තර :





