The Leader News
BREAKING
Top Ad
පුවත්

PTA පනතට බලයට ඒමට පෙර දැක්වූ විරෝධය ‘ඔලුවෙන් හිටෝලා’

T

The Leader Desk

January 23, 2026 • 3:41 AM

PTA පනතට බලයට ඒමට පෙර දැක්වූ විරෝධය ‘ඔලුවෙන් හිටෝලා’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම් ජනාධිපති නීතිඥ එම්.
  • ඒ සුමන්තිරන් චෝදනා කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගෙන ඒමට සුදානම් වන්නේ මේ වන විට පවතීන නීතියටත් වඩා භයානක නීතියක් බවයි.
  • ඒ සුමන්තිරන් සිහිකර තිබුනේ 2026 ජනවාරි 20 වැනිදා යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
  • "ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්න කියලා අපි දිස්ත්‍රික්ක විසිපහේම අරගලයක් කරද්දී අපිත් එක්ක අත්වැල් බැඳගෙන එකට හිටපු කට්ටිය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම් ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්තිරන් චෝදනා කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගෙන ඒමට සුදානම් වන්නේ මේ වන විට පවතීන නීතියටත් වඩා භයානක නීතියක් බවයි.

"ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමට කියලා පනත් කෙටුම්පතක් ගෙනත් තියෙනවා. දුන්නු පොරොන්දුව තමයි, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන එක. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන නීති ගේනවයි කියලා ඊට වැඩිය භයානක නීතියක් ගේන්න හදන එක කිසිම විදියකින් අනුමත කරන්න බෑ."

ත්‍රස්තවාදය වැළැක්වීමේ පතන වෙනුවට මීට ඉහත දී කෙටුම්පත් කළ පනත් දෙකකට ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර ජාතික ජන බලවේග රජයේ ප්‍රධානම පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වු ආකාරය ද ජනාධිපති නීතිඥ  එම්. ඒ සුමන්තිරන් සිහිකර තිබුනේ 2026 ජනවාරි 20 වැනිදා යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

"මේ සම්බන්ධයෙන් මීට පෙර දෙවරක් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කෙටුම්පත් ගෙනාපු වෙලාවෙත් ජේවීපි පක්ෂයේ උදවිය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කරන්න ඕනේ,  ඒ වෙනුවට වෙනත් නීතියක් ගෙන්න එපා කියලා අපිටත් ඉහලින් හිටපු අය. අපිටත් ඉහලින් කියලා කියන්න හේතුව තමයි - අපිත් ඒ ස්ථාවරයේම තමයි හිටියේ - ඒ වුනාට ගේන්න හදන සැලසුම් ගැන අපි සාකච්ඡා වල හිටියා. ඒගොල්ලෝ ඒ සාකච්ඡාවලටවත් ආපු නැති කට්ටිය. ඒකට හේතුව තමයි වෙනත් නීතියක් ගේන එක වැරදියි කියන එකම ස්ථාවරයේ එයාලා ඉඳීම."

සිය පක්ෂය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්පුර්ණයෙන්ම  අහෝසි කරන ලෙස බල කරමින් රටේ දිස්ත්‍රික්ක 25 පුරා දියත් කළ අරගලයේදී  තමන් සමග අත්වැල් බැඳගත් ජනතා විමුක්ති පෙරමුණ එදා සිටි ස්ථාවරය සම්පුර්ණයෙන්ම කන පිට හරවා ඇති බවට ජනාධිපති නීතිඥ  එම්. ඒ සුමන්තිරන් චෝදනා කළේ   ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය, සහ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) මාසිකව පවත්වනු ලබන දේශපාලන සාකච්ඡාවක් නිමා වීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හා EPRLF නායක හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සමග පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවේදීය.

"ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්න කියලා අපි දිස්ත්‍රික්ක විසිපහේම අරගලයක් කරද්දී අපිත් එක්ක අත්වැල් බැඳගෙන එකට හිටපු කට්ටිය. බොහෝ අවස්ථාවලදී ඒ ස්ථාවරය පැහැදිලිව එළිපිටම කියපු කට්ටිය. අද ඒක ඔලුවෙන් හිටෝලා තවත් පනත් කෙටුම්පතක් ගෙනල්ලා තියෙනවා. "

එම මාධ්‍ය හමුවේදී ජනාධිපති නීතිඥ  එම්. ඒ සුමන්තිරන් ආණ්ඩුවට දැඩිව අවධාරණය කර තිබුනේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු අතර ඒ වෙනුවෙන් විකල්ප පනතක් කිසිදු අයුරකින් අවශ්‍ය නොමැති බවයි.

"ඒකේ තියෙන සමහර දේවල් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතටත් වඩා භයානක එව්වා. ඒත් ඒ කරුණු ගැන අපි කතා කරන්න ඉස්සරවෙලා, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කරන්න ඕනේ, ඒ වෙනුවට කිසිම පනතක් ගෙන්න එපා කියන ස්ථාවරය අපි ආණ්ඩුවට දැනුම් දෙනවා."

දෙමළ ජනතාවගේ අභිලාෂ ලේඛනගත කිරීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය, සහ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) 2026 ජනවාරි 20 වැනිදා යාපනයේදී පැවැත් වු දේශපාලන සාකච්ඡාවේදී තිරණය කර තිබුනි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් අලුතින් කෙටුම්පත් කර ඇති,  http://moj.gov.lk වෙබ් අඩවියේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් පල කොට තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත  සම්බන්ධයෙන් මහජන මතය පෙබරවාරි 28 දක්වා ඉදිරිපත් කළ හැකි බව පවසන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර  ඉතා ඕනෑ කමින් ඒවා බලා රජයට සහාය වන ලෙස රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.

"මම ජනතාවට ආරාධනා කරනවා අපි ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා ජනතාවගේ අදහස් උදහස් ගැනීමට මෙහි තව සංශෝධනයන් සිදු කළ යුතු නම් ඒ කුමක්ද යන්න සම්බන්ධයෙන් අදහස් ගැනීමට මේ කාලය විවෘතව පවතිනවා. මා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා ඉතා ඕනෑ කමින් ඒවා බලලා රජයට සහාය වෙන්න කියලා අලුත් අදහස් උදහස් ලබා දී. "

පිටු 90 කින් යුත් එම කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් දැක්වීම  සඳහා මුලින් මාසයක කාලයක් පමණක් වෙන් කර තිබුණත් සමාජ මාධ්‍ය ඔස්සේ නැගුණු විරෝධයෙන් අනතුරුව කාලය දිගු කොට තිබේ.

එය අවසානාත්මක වු පනතක් නොව ජනතාවගේ අදහස් උදහස් සහ සංශෝධන යෝජනා ගැනීම සදහා වු කෙටුම්පතක් වශයෙන් ජනතාව ඉදිරියේ පවතින්නක් බව විඩියෝවක් නිකුත් කරමින් අමාත්‍යවරයා තව දුරටත්  අවධාරණය කර තිබුනි. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

PTA පනතට බලයට ඒමට පෙර දැක්වූ විරෝධය ‘ඔලුවෙන් හිටෝලා’ | The Leader