The Leader News
BREAKING
Top Ad
පුවත්

පාස්කු නඩුවට ගෙනා PTA පාපොච්චාරණයක් උසාවිය ඉවත දමයි

T

The Leader Desk

February 25, 2026 • 8:05 AM

පාස්කු නඩුවට ගෙනා PTA පාපොච්චාරණයක් උසාවිය ඉවත දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපොච්චාරණයක් සැකකරුවකුට එරෙහි සාක්ෂියක් ලෙස නඩු විභාගයකදී යොදා ගත හැකි එකම නීතිය වන්නේ PTA නමින් ප්‍රකට ත්‍රස්තවාදය වැළක්වීමේ පනතයි.
  • මෙය එවන් සාක්ෂියක් අධිකරණය විසින් ඉවත ලූ දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ.
  • ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරිවරයකු විසින් ලබා ගෙන ඇති පාපොච්චාරණය නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක, රාමනාදන් කන්නන් යන මහාධිකරණ විනිසුරු තුන් කට්ටුව විසින් ඉවත දමා ඇත්තේ එය විශ්වසනීයත්වයෙන් තොර එකක් යැයි ප්‍රකාශ කරමිනි.
  • ඊයේ, එනම් 24 දා නඩුව කැඳවු අවස්ථාවේදී විනිසුරන් විසින් මෙසේ ඉවත දමා ඇත්තේ පාස්කු ප්‍රහාර නඩුවේ අටවැනි සැකකාර අබ්දුල් මනාෆ් මොහොමඩ් සිරිදාවුස් ගේ පාපොච්චාරණය ලෙස ඉදිරිපත් කරන ලද සාක්ෂියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පාපොච්චාරණයක් සැකකරුවකුට එරෙහි සාක්ෂියක් ලෙස නඩු විභාගයකදී යොදා ගත හැකි එකම නීතිය වන්නේ PTA නමින් ප්‍රකට ත්‍රස්තවාදය වැළක්වීමේ පනතයි. මෙය එවන් සාක්ෂියක් අධිකරණය විසින් ඉවත ලූ දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරිවරයකු විසින් ලබා ගෙන ඇති පාපොච්චාරණය නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක, රාමනාදන් කන්නන් යන මහාධිකරණ විනිසුරු තුන් කට්ටුව විසින් ඉවත දමා ඇත්තේ එය විශ්වසනීයත්වයෙන් තොර එකක් යැයි ප්‍රකාශ කරමිනි.

ඊයේ, එනම් 24 දා නඩුව කැඳවු අවස්ථාවේදී  විනිසුරන් විසින් මෙසේ ඉවත දමා ඇත්තේ පාස්කු ප්‍රහාර නඩුවේ අටවැනි සැකකාර අබ්දුල් මනාෆ් මොහොමඩ් සිරිදාවුස් ගේ පාපොච්චාරණය ලෙස ඉදිරිපත් කරන ලද සාක්ෂියයි.  

එමෙන්ම එම පාපොච්චාරණයේ ස්වාධීනත්වය පිළිබඳව ද අධිකරණය විසින් සැක මතු කොට තිබේ.

 

ශ්‍රි ලංකාවේ බලාත්මක නීතිය අනුව සැකකරුවකුගෙන් ලබා ගන්නා පාපොච්චාරණයක් ඔහුට එරෙහිව යොදා ගත හැකි එකම අවස්ථාව වන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගැනීමකදී පමණක්ම වන බැවින්, එම නීතිය යොදාගනිමින් පාස්කු  ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලබාගන්නා ලද පාපොච්චාරණයක් විශ්වසණියත්වයෙන් තොර බවට විශේෂ මහාධිකරණ විනිසුරුවරුන් විසින් ම ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ වැදගත් නෛතික සංධිස්ථානයක් වන බව ප්‍රකට නීති විශාරදයකු විසින් අවධාරණය කරනු ලැබුණි.  

 

268 දෙනකුට මරු කැඳවමින් 2019 අප්‍රේල් මස 21 වන දින පුපුරා ගිය බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නඩු පවරා ඇති සැකකරුවන් 25 දෙනකු අතරින් එක් අයකු මේ වනවිට අත්අඩංගුවේදීම  මිය ගොසිනි.

අගවිනිසුරු නියෝගය පරිදි මෙම නඩුව සතියේ රාජකාරි දිනපතාම උදේ 10  සිට සවස 5 දක්වා විභාග කෙරෙන්නේ කොළඹ හත  බුලර්ස් මාවත කෙලවරක පිහිටි මාර්ග බාධකවලින් වට කෙරුනු හිටපු අමාත්‍යවරයකුගේ නිවස්නයකදී ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාස්කු නඩුවට ගෙනා PTA පාපොච්චාරණයක් උසාවිය ඉවත දමයි | The Leader