The Leader News
BREAKING
Top Ad
පුවත්

PTA යටතේ සුරේෂ් සලේ සිර කොට තැබීම නීති විරෝධී යයි උසාවි යාමේ සැලසුමක්

T

The Leader Desk

March 1, 2026 • 4:54 PM

PTA යටතේ සුරේෂ් සලේ සිර කොට තැබීම නීති විරෝධී යයි උසාවි යාමේ සැලසුමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දින 90කට රඳවා තබාගැනීමේ නීත්‍යානුකුල භාවයට අභියෝග කරමින් අධිකරණය හමුවට යාමට නීතිඥ මණ්ඩලයක් තීරණය කර තිබේ.
  • විමර්ශන නිලධාරීන් කරන ලද ඉල්ලීම පරිදි අධිකරණය විසින් ඔහු ඇතුළු පිරිසකට විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.
  • පැමිණිල්ලට පදනම් වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ (Channel 4) නාලිකාව විසින් 2019 පාස්කු බෝම්බ සමූහඝාතන මාලාව සම්බන්ධයෙන් කළ ගවේශනාත්මක හෙළිදරව්වකි.
  • මේ වන විට දින 90 ක රැඳවුම් භාරයකට යටත් කොට සිටි විශ්‍රාමික මේජර් ජනරාල් සලේ දැනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චුදිතයන් විසිපස් දෙනකුට එරෙහිව සතියේ දින පහේම විභාග වන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවක ප්‍රධානම පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ද වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දින 90කට රඳවා තබාගැනීමේ නීත්‍යානුකුල භාවයට අභියෝග කරමින් අධිකරණය හමුවට යාමට නීතිඥ මණ්ඩලයක් තීරණය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ පසුගිය බදාදා (25) පෙරවරුවේ පෑලියගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත්තේ ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වු විගසම අලුත් මහජන ආරක්ෂක ලේකම් වෙත කර ඇති පැමිණිල්ලක් ඔස්සේ අවුරුද්දකට වැඩි කලක විමර්ශනයකින් හෙළි කරගත් තොරතුරු මුල් කොටගෙන බව අනාවරණය වී තිබේ.

විමර්ශන නිලධාරීන් කරන ලද ඉල්ලීම පරිදි අධිකරණය විසින් ඔහු ඇතුළු පිරිසකට විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.

පැමිණිල්ලට පදනම් වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ (Channel 4) නාලිකාව විසින් 2019 පාස්කු බෝම්බ සමූහඝාතන මාලාව සම්බන්ධයෙන් කළ ගවේශනාත්මක හෙළිදරව්වකි.


මේ වන විට දින 90 ක රැඳවුම් භාරයකට යටත් කොට සිටි විශ්‍රාමික මේජර් ජනරාල් සලේ දැනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චුදිතයන් විසිපස් දෙනකුට එරෙහිව සතියේ දින පහේම විභාග වන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවක ප්‍රධානම පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ද වෙයි.

 

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ හිටපු බුද්ධි ප්‍රධානියා ගමන් කරමින් සිට ඇත්තේ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගෙන තිබෙන ‘පාත්ෆයින්ඩර්’ රාජ්‍ය නොවන සංවිධානයේ කටයුතු සඳහා සහභාගී වීම සඳහාය.

ශ්‍රි ලංකාවේ හා ජාත්‍යන්තරයේ ඇතැම් පාර්ශවවල දෝෂ දර්ශනයට ලක්ව තිබෙන බරපතල මානව හිමිකම් උල්ලංඝන සහ වධහිංසාවන්ට පාත්‍ර කිරීම් පිළිබඳ ප්‍රබල සාක්ෂි සහිත ඉතාම මර්දනකාරි නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින සන්නද්ධ සේවාවක ඉහළම නිලධාරියා වන්නේ සුරේෂ් සලේ ය.

ඊට විරුද්ධව අධිකරණය හමුවට යාම සම්බන්ධයෙන් මුල් පෙලේ නීතිඥ මණ්ඩලයක් සෙනසුරාද (28) තීරණය කොට ඇත.

"මේක තනිකරම නීති විරෝධි අත්අඩංගුවට ගැනීමක්. නීති විරෝධිව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමට විරුද්ධව අපි අනිවාර්යෙන්ම ඉහළ අධිකරණයකට ඇපෑලක් ඉදිරිපත් කරනවා" යනුවෙන් සිය අනන්‍යතාවය සඳහන් නොකරන ලෙස ඉල්ලමින් නීතිඥ මණ්ඩලයේ සාමාජිකයෙක් පැවසීය.


චැනල් ෆෝ ( Channel 4 ) නාලිකාව විසින් 2023 සැප්තැම්බර් මස 05 වන දින විකාශනය කරන ලද  SRI  LANKA'S EASTER BOMBINGS : DISPATCHES ආන්දෝලනාත්මක වාර්තා වැඩ සටහනෙන් හෙළිදරවු කරන ලද කරුණු පාදක කොට ගෙන තමන් විසින්  2024 ඔක්තෝබර් මාසයේ අදාල පැමිණිල්ල මහජන ආරක්ෂක ලේකම් රවි සෙනවිරත්න හට බාර දෙනු ලැබු පැමිනිල්ලක මහේස්ත්‍රාත් විභාගය සිදුකෙරෙමින් පවතින බව ශ්‍රි ලංකාවේ කතෝලික සභාවට අනුබද්ධිත සන්නීවේදන ආයතනයක ඉහළ තනතුරත් හොබවන පියතුමකු විසින් සනාථ කරනු ලැබුණි.

කතෝලික සභාවේ පැමිණිල්ල

"2024 දී අපි දාපු පැමිණිල්ල මේ වන විට ක්‍රියාකාරී මට්ටමේ තිබෙන බව පැහැදිලියි. අපියි ඒකේ පැමිණිලි පාර්ශවය. දැනට පොලිසිය ඒ සම්බන්ධයෙන් විටින් විට අධිකරණයට කරුණු වාර්තා කරනවා" යනුවෙන් එම පියතුමෝ පැවසුහ.

චැනල් 4 චෝදනා විභාග කරන ලෙස ඉල්ලා කතෝලික සංවිධානයක් විසින් කරනු ලැබු පැමිණිල්ල පාදක කොට ගෙන 2024 නොවැම්බර් 11 දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කරනු ලැබුණු  බව පොලිසිය විසින් ද තහවුරු කර ඇත .

එදිනම පැවති මාධ්‍ය හමුවකදි  එවකට සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව පවසා සිටියේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා නැගෙනහිර පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි. එහිදි අත්අඩංගුවට ගැණුනු පිල්ලයාන් දීර්ඝ කාලයක් රැඳවුම් නියෝග මත තබා ගනු ලැබුණි.


පාස්කු ප්‍රහාරවලින් මරාගෙන මැරුණු තවූහිද් ජමාත් සාමාජිකයන් පිරිසක් සහ සුරේෂ් සලේ අතර හමුවක් සංවිධානය කිරීමට පිල්ලෙයාන් 2018 ජනවාරියේදී තමන් මෙහෙයවූ බව ඔහුගේ මාධ්‍ය ලේකම් අසාද් මවුලානා චැනල් 4 නාලිකාව ඔස්සේ  චෝදනා කර තිබුණි.


ඒ අනුව රාජපක්ෂවරුන් යළි බලයට රැගෙන ඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්වයක් ඇති කිරීමට කටයුතු කිරීම අරමුණු කොටගෙන  පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිත මරාගෙන මැරෙන බෝම්බකාර සහරාන්ගේ සහෝදර සයිනී මවුලවි ද ඇතුළු පිරිසක් සමග පුත්තලමේ කරදිපුවල්හිදී රහසිගත මන්ත්‍රණයක් පැවැත්වූ බවට මවුලානා ප්‍රකාශ කළේය.

280 කට ආසන්න පිරිසකට මරු කැඳවූ 2019  පාස්කු ඉරිදා පිපිරුම් මාලාවෙන් දෙදිනකට පසු ඡන්දයට ඉදිරිපත් වන බව ප්‍රසිද්ධියට පත්කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ජය ගත්තේය.

ඉකුත් සතියේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් උදය කුමාර්  වුට්ලර් කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලින් අනාවරණය වී ඇති පැහැදිලි සාක්ෂි මත හිටපු බුද්ධි ප්‍රධානියාව අත්අඩංගුවට ගත් බවකි. නමුත් එම මාධ්‍ය හමුවේදීම කොළඹ ප්‍රදේශය භාර ඉහල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට හේතුව ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

"මට ස්ථිරවම කියන්න බැහැ. දීර්ඝ විමර්ශන සිදුවීය යුතු නිසා මට හිතෙනවා මේකට රැඳවුම් නියෝග ලබා ගෙන කටයුතු කරයි කියලා," යි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේය.

විදෙස් ගමන් තහනමක්

අදාළ පැමිණිල්ල පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් හිටපු රාජ්‍ය  බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ ඇතුළු සය දෙනකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුණි. එම හය දෙනා අතර සිවිල් වැසියන් දෙදෙනකු සහ සක්‍රිය හමුදා සේවයෙහි නිරතව සිටි නිලධාරින් සිවු දෙනකු ද ඇතුලත් ය. එම හමුදා සාමාජිකයන්  සිවු දෙනාගෙන් එක් අයකු වන යුද හමුදා හිටපු බුද්ධි නිලධාරි කර්නල් කැළුම් මද්දුමගේ විසින් පාස්කු ප්‍රහාරයට අදාලව තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.


පෙත්සම්කාර හිටපු හමුදා බුද්ධි අංසහ නිලධාරියා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින්නේ හිටපු අධිකරණ අමාත්‍යවරයකු මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ගේ සමීපතම දේශපාලන සගයකු ද වන ජනාධිපති නීතිඥ අලී සබ්රි ය.

සුරේෂ් සලේ අත් අඩංගුවට ගැනීම ජනාධිපති නීතිඥ සබ්රි එකී පෙත්සම් විභාගයේදී බරපතල විරෝධයක් පළකර තිබේ.

රැඳවුම් භාරයට පත් කොට සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානියාගේ නීතිඥවරුන් දැඩි ලෙස චෝදනා කරන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවතින නීති රීති උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටින බවටයි. විශේෂයෙන්ම සුරේෂ් සලේගේ නීතිඥවරුන්ට හෝ ඔහුගේ බිරිඳ සහ පියා ඇතුළු සමීප ඥාතීන්ට දෙදිනක් තිස්සේ සැකකරු හමුවීමට බාධාකළ රහස් පොලිසිය එම අවසරය ලබා දී ඇත්තේ දින අනුවේ රැඳවුම් නියෝගය ලබාගත් පසුය.


රාජ්‍ය බුද්ධි අංශය ඇතුළු ඔත්තු සේවා සහ ත්‍රස්ත මර්දන ආයතන විසින් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා සිටින පුද්ගලයන් හමුවීම සඳහා නීතිඥයන්ට හා ඥාතීන්ට ඉඩ නොදීමෙන් පුද්ගල අයිතිය උල්ලංඝනය කිරීම දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවේදීන්ගේ නිරන්තර දෝෂ දර්ශනයට ලක්වී ඇති අවස්ථා අපමණය.


සබැඳි පුවත් :

සුරේෂ් සලේගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම, දෙමළ ඩයස්පෝරාවේ උවමනා ඉටු කරන්න දියත් කළ 'දේශපාලන මෙහෙයුමක්' - විමල් වීරවංශ

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ආරක්ෂක ලොක්කන්ට නොකියා ! - ආණ්ඩුවේ රණවිරු ලොක්කෝ කලබල වෙති !!

සුරේෂ් සලේ: 'ආණ්ඩුව ගහන්නේ වැරදි ඉලක්කයකට' - වාසුදේව

'පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා කරන්න එපා ! - කතෝලික සභාව

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන දිලිත් තැබූ X සටහන

රටම කතාවෙන සුරේෂ් සලේව අත්අඩංගුවට ගත් හැටි

සලේට DO! නැගෙනහිර පළාතේ අන්තවාදී කල්ලි හදා ප්‍රහාර සිදුකළාට ළගදීම නඩු! - තරිඳු කියයි

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට පෙර සබැඳි  පුවත් :

සම්මුති විසම්මුති ; පාස්කු ප්‍රහාර නඩුව සහ සුරේශ් සලේ ගේ සාක්ෂිය | සුනන්ද දේශප්‍රිය

පාස්කු ඉරුදින ප්‍රහාරය: මේ දක්වා සිදුවූයේ කුමක් ද සහ විමර්ශනවල ප්‍රගතිය කුමක් ද?

පාස්කු මහ මොළකරු ගැන 'නවතම' සොයා ගැනීම සහ රනිල් ගේ ස්කොට්ලන්ඩ්යාඩ් පොරොන්දුව | Saroj Pathirana

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් වත්මන් ආණ්ඩුවෙත් ඉන්නවා - උදය ගම්මන්පිල

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් අලුතින් ආරම්භ කළ පරීක්ෂණය කුමක් ද?

උදය ගම්මන්පිල, පාස්කු ඉරිදා ප්‍රහාරයේ ‘ඉමාම් කමිටු වාර්තාව’ ජනගත කරයි

'මමයි දෙවන එමීර්වරයා' - පාස්කු සංහාරය ගැන නවුෆර් FBI යට කියල !

ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ ' මහමොළකරු' හෙළිකරයි !

බුද්ධි අංශ ප්‍රධානි සලේගේ නඩුව: යස්මින් සූකාට සහ වෙබ් අඩවිකරුවන්ට සිතාසි

පාස්කු ඉරුදින ප්‍රහාරය :සාරා ජෙස්මින්ගේ DNA ගැන මෙතෙක් නොදැන සිටි කතාව

තමන්ටත් දරුවන්ටත් විශාල තර්ජනයක්' - බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...