The Leader News
BREAKING
Top Ad
පුවත්

'ඉන්ධන සඳහා යළිත් QR ක්‍රමය ගේන්න වෙනවා' - විදුලිබල නි.ඇමති

T

The Leader Desk

March 2, 2026 • 8:43 AM

'ඉන්ධන සඳහා යළිත් QR ක්‍රමය ගේන්න වෙනවා' - විදුලිබල නි.ඇමති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රට තුළ දැනට මාසයකට වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් මහජනතාව කලබල විය යුතු නැති බවයි.
  • ලංකා IOC සමාගමෙන් නිවේදනයක් මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට කිසිදු බියක් ඇති කර නොගත යුතු බවට ලංකා IOC සමාගම නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
  • දිවයින පුරා පිහිටි සියලුම සැපයුම් මධ්‍යස්ථානවල ප්‍රමාණවත් තරම් පෙට්‍රල් සහ ඩීසල් තොග පවතින බව එම සමාගම අවධාරණය කරයි.
  • දැනට පවතින පෙට්‍රල් තොග ඉදිරි දින 34ක් සඳහා ප්‍රමාණවත් බව සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රට තුළ දැනට මාසයකට වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් මහජනතාව කලබල විය යුතු නැති බවයි.

කෙසේ වෙතත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන ලබාගෙන රැස් කිරීමට ජනතාව කටයුතු කළහොත් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියට බාධා එල්ල විය හැකි බවත්, එවැනි තත්ත්වයක් පාලනය කර නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා පමණක් QR ක්‍රමය යළිත් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කර ගබඩා කළොත් වැඩ වරදියි

රට තුළ අවශ්‍ය පරිදි තෙල් සංචිතයක් පවතින බවත් ගැළුම්, බෝතල් හා බාහිර බහාලුම් සඳහා ඉන්ධන  නිකුත් නොකිරීමට ඉන්ධනහල් කළමනාකාරිත්වය සමග සාකච්ඡා කරන අවශ්‍ය පිවයර ගැනීමට සියලුම පොලිස් ස්ථාන දැනුවත් කරන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
image 5e02edac7d
ලංකා IOC සමාගමෙන් නිවේදනයක්

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට කිසිදු බියක් ඇති කර නොගත යුතු බවට ලංකා IOC සමාගම නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයින පුරා පිහිටි සියලුම සැපයුම් මධ්‍යස්ථානවල ප්‍රමාණවත් තරම් පෙට්‍රල් සහ ඩීසල් තොග පවතින බව එම සමාගම අවධාරණය කරයි.

දැනට පවතින පෙට්‍රල් තොග ඉදිරි දින 34ක් සඳහා ප්‍රමාණවත් බව සඳහන් වේ.

එමෙන්ම පවතින ඩීසල් තොග ඉදිරි දින 26ක් සඳහා ප්‍රමාණවත් බව ලංකා IOC සමාගම පවසයි.

එබැවින් ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියෙන් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙසත්, සාමාන්‍ය පරිදි ඉන්ධන ලබාගන්නා ලෙසත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර Sinopec ඉන්ධන පිරවුම්හල්වල ද ප්‍රමාණවත් ඉන්ධන තොග සහ ස්ථාවර සැපයුමක් පවතින බව එම සමාගම දැනුම් දී තිබේ.

එමෙන්ම Sinopec ඉන්ධන පිරවුම්හල්වල ප්ලාස්ටික් කෑන් හෝ වෙනත් බාහිර භාජනවලට ඉන්ධන පිරවීම සිදු නොකරන බවත් අද  (02) පෝය දිනයක් වුවද ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදුකරන බවත් දැනුම් ද ඇත.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...