The Leader News
BREAKING
Top Ad
පුවත්

නොරොච්චෝලේ Real Time Data අනුව 9 වැනි ගල් අගුරු නැවත් බාලයි!

T

The Leader Desk

February 23, 2026 • 4:29 PM

 නොරොච්චෝලේ Real Time Data අනුව 9 වැනි ගල් අගුරු නැවත් බාලයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැනි ගල් අගුරු නැවත් බාල ගල් අගුරු සහිත නැවක් බවට දත්ත කේන්ද්‍රීයව වාර්තා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
  • පළමු ඒකකයේ මෙගාවොට් 250ත් තුන්වැනි ඒකකයේ මෙගාවොට් 275ක් නිපදවා ඇති බවත් මෙය මෙගාවොට් 300 විය යුතු බවත් දෙවැනි ඒකකයේ නිවැරදිව මෙගාවොට් 300 නිපදවා ඇති බවත් එයට හේතුව ඒ ගල් අගුරු රුසියාවෙන් ගෙන්වූ උසස් තත්ත්වයෙන් යුත් ගල් අගුරු නිසා බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
  • මේ රජය නැව් 25-27 අතර ප්‍රමාණයක් දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර ඇති නමුත් මේ ගල් අගුරු තත්ත්වයෙන් බාල බවට සාක්ෂි සාධක සහිතව ඔප්පු වී ඇති බවත් මේ තත්කාලීන වාර්තා අනුව ගල් අගුරු තුළින් බරපතල දුෂණයක් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
  • මහා සංඝරත්නයට වනචාරීන් ලෙස අපහාස කරන මේ රජය වනචාරීන්ටත් එහා ගොස් ගල් අගුරුවලින් සිදු කරන දූෂණය සහ වංචාව තුළ සිදු වන්නේ බරපතල හානියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

9 වැනි ගල් අගුරු නැවත් බාල ගල් අගුරු සහිත නැවක් බවට දත්ත කේන්ද්‍රීයව වාර්තා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, අද හෝමාගම ශ්‍රී කල්‍යාණධර්ම අභිනවාරාම විහාරස්ථානයේ බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් එක්කරමිනි.

බලගාරයේ දහන වාර්තා සහ විදුලි ඒකකයක් නිපදවීම සඳහා කිලෝවොට් පැයකට අවශ්‍ය ගල් අගුරු කිලෝ ග්‍රෑම් ප්‍රමාණයත් නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900 නිපදවන වාර්තා අනුව මෙගාවොට් 300 පළමු සහ තෙවැනි ඒකකයේ වාර්තා අනුව දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ 9 වැනි ගල් අගුරු නැවත් බාල බවට සනාථ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී පැවසීය.

පළමු ඒකකයේ මෙගාවොට් 250ත් තුන්වැනි ඒකකයේ මෙගාවොට් 275ක් නිපදවා ඇති බවත් මෙය මෙගාවොට් 300 විය යුතු බවත් දෙවැනි ඒකකයේ නිවැරදිව මෙගාවොට් 300 නිපදවා ඇති බවත් එයට හේතුව ඒ ගල් අගුරු රුසියාවෙන් ගෙන්වූ උසස් තත්ත්වයෙන් යුත් ගල් අගුරු නිසා බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

මේ රජය නැව් 25-27 අතර ප්‍රමාණයක් දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර ඇති නමුත් මේ ගල් අගුරු තත්ත්වයෙන් බාල බවට සාක්ෂි සාධක සහිතව ඔප්පු වී ඇති බවත් මේ තත්කාලීන වාර්තා අනුව ගල් අගුරු තුළින් බරපතල  දුෂණයක් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහා සංඝරත්නයට වනචාරීන් ලෙස අපහාස කරන මේ රජය වනචාරීන්ටත් එහා ගොස් ගල් අගුරුවලින් සිදු කරන දූෂණය සහ වංචාව තුළ සිදු වන්නේ බරපතල හානියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේය.


gdfgdg

සබැඳි පුවත් :

බාල ගල්අඟුරු පාඩුව වසර 40ක මන්ත්‍රී විශ්‍රාම වැටුප්වලට සමානයි - පුබුදු ජයගොඩ

බාල ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමෙන් රු. මිලියන 7000ක පාඩුවක් සිදුව ඇතැයි විදුලිබල මණ්ඩලය පිලිගනී

ගල් අඟුරු ටෙන්ඩරය දාපු කාලේ වයිෆ්ගේ අම්මාගේ ගිණුමට සල්ලි වැටුණේ කොහොමද? මරික්කාර් අසයි
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...