ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම බළකාය ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (31) පස්වරුවේ නිකුත් කර තිබේ.
මෙම කාර්ය සාධක බළකාය මඟින් ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහ තිරසාර විසඳුම් ලබාදීම, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සහ දීර්ඝකාලීන සංවර්ධන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගෙන ඇත.
අදාළ සියලු රාජ්‍ය ආයතන, පළාත් සහ පළාත් පාලන ආයතන සමඟ සමීප සම්බන්ධීකරණයකින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවද ගැසට් නිවේදනයේ සඳහන් වේ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමකින් මෙම බළකාය සමන්විත වේ.
ජනාධිපති කාර්ය සාධක බළකාය
1. හරිනි අමරසූරිය
(අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය)
2. එච්.එම්. විජිත හේරත්
(විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය)
3. ඒ.එච්.එම්.එච්. අබයරත්න
(රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය)
4. කේ.ඩී. ලාල් කාන්ත
(කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය)
5. උපාලි පන්නිලගේ
(ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය)
6. සුනිල් හඳුන්නෙත්ති
(කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය)
7. බිමල් රත්නායක
(ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය)
8. නලින්ද ජයතිස්ස
(සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය)
9. අනිල් ජයන්ත ප්‍රනාන්දු
(කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය)
10. පටබැඳිගේ ධම්මික
(පරිසර අමාත්‍ය)
11. සුසිල් රණසිංහ
(නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය)
12. හනීෆ් යුසුෆ්
(ආණ්ඩුකාරවර, බස්නාහිර පළාත)
13. අරුණ ජයසේකර
(ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය)
14. ආචාර්ය එන්.එස්. කුමානායක
(ජනාධිපති ලේකම්)
15. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
(ලේකම්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය)
16. එච්.එස්.එස්. තුයියකොන්තා
(ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය)
17. බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති
(අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ලේකම්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය)
18. ආචාර්ය හාන්ස් විජේසූරිය
(ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක)
19. එච්.එස්.කේ.ජේ. බණ්ඩාර
(රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්)
20. රෝහණ හෙට්ටිආරච්චි
21. මර්ලමති ගංගාදරන්
22. ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම
23. සමන්තා ද සිල්වා
24. මන්දනා ඉස්මයිල්
25. පරාක්‍රම දිසානායක
අදාල ගැසට් නිවේදනය මතු පළවේ.

Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයි
T
The Leader Desk
January 1, 2026 • 5:02 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම බළකාය ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (31) පස්වරුවේ නිකුත් කර තිබේ.
- මෙම කාර්ය සාධක බළකාය මඟින් ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහ තිරසාර විසඳුම් ලබාදීම, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සහ දීර්ඝකාලීන සංවර්ධන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගෙන ඇත.
- අදාළ සියලු රාජ්‍ය ආයතන, පළාත් සහ පළාත් පාලන ආයතන සමඟ සමීප සම්බන්ධීකරණයකින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවද ගැසට් නිවේදනයේ සඳහන් වේ.
- අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමකින් මෙම බළකාය සමන්විත වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



