සිකුරාදා හවස 4 සිට 6 දක්වා කොළඹ 2, කුමාරන් රත්නම් පාරේ පිහිටි 'නිපොන්' හෝටලයේදී පැවැත්වේ.
පළමු වටයේදී ආරාධිතයින් සීමිත පිරිසකට පමණක් සිමා වන මෙම දේශපාලනික වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලබන්නේ ප්‍රකට දේශපාලන සන්නිවේදකයකු වන මහාචාර්ය රොහාන් සමරජීව විසිනි.
වේගවත් වර්ධනයකට යතුර: ඉන්දියාව
ලෝක බැංකු ප්‍රක්ෂේපන අනුව අප ඉදිරියේ ඇත්තේ මන්දගාමී ආර්ථික වර්ධන ගමනකි. නමුත් මෙය 2020 විතර සිට ශ්‍රම හමුදාවට ඉදිරි වසර දහය තුල එකතු වන දස ලක්ෂයක් තරුණ තරුණියන්ට ව්‍යවසායක හෝ රැකියා අවස්ථා සැපයීමට ප්‍රමාණවත් නොවේ. දැනට ජනගහනයෙන් පහෙන් එකක් වන, කෙටි කලක් තුල හතරෙන් එකක් වන, වැඩිහිටියන්ට අවශ්‍ය රැකවරණ සැපයීමට අවශ්‍ය සම්පත් උත්පාදනය කිරීමට මදිය.
කෙටි කාලයක් තුල ආර්ථික වර්ධනය වේගවත් කිරීමට කල හැකි ප්‍රධානතම දෙය සියයට 11ක ආර්ථික වර්ධනයක් පෙන්වන යාබද තමිල්නාඩු ප්‍රාන්තය ප්‍රමුඛ දක්ෂිණ ඉන්දියාව සමග ආර්ථික සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමයි. මේ සඳහා සැපිරිය යුතු පූර්ව කොන්දේසි දෙකකි.
එකක් යටිතල පහසුකම් යා කර සන්ධීයත්වය දියුණු කිරීමයි. සියලු මාදිලිවල ප්‍රවාහනයේ පහසුව වැඩි කිරීම සහ වියදම අඩු කිරීම තුලින් ලංකාවේ සමාගම් වලට ඉන්දියාවේ ස්ථාපිත වෙමින් පවතින ගෝලීය සැපයුම් දාමයනට සහභාගී වීමට මග සැකසෙනු ඇත. දෙවැන්න දෙරටේ නීතිරීති සහ වගකීම් ගැන ඇති අවිනිශ්චිත බව (තීරු බදු ඇතුළු බාධක) අඩු කිරීමට ඉවහල් වන ගිවිසුම් වලට ඇතුළු වීමයි.
ප්‍රවාහනයට සහ බලශක්තියට අදාළ සන්ධීයත්වයට වැඩි බරක් දෙමින් ඉන්දියානු ආර්ථිකයට සහසම්බන්ධ වීම තුලින් ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සාකච්ඡා කෙරෙන පලමු විසඳුමයි.
කරුණු ඉදිරිපත් කිරීම සහ සංවාදය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් සම්මිශ්‍රිතව කෙරෙනු ඇත.




