ඇතැම් නිලධාරීන් මහජනතාවගෙන් ලබාගන්නා අල්ලස් මුදල් සතිපතා සියලු දෙනා අතර බෙදාගන්නා සංවිධානාත්මක ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බව මෙහිදී අනාවරණය විය.
කබඩ් එකක් තුළ තිබූ ලක්ෂ 41 ක සතිපතා “කලෙක්ෂන් එක”
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුකළ වැටලීමකදී එක්තරා නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුගේ කාර්යාලයේ තිබූ කබඩ් එකක් තුළ තිබී රුපියල් ලක්ෂ 41 ක මුදලක් සොයාගැනීමට හැකිවූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
“ඒ ලක්ෂ 41 කියන්නේ එම අංශයේ පමණක් සතියක අල්ලස් එකතුව. සාමාන්‍යයෙන් සිකුරාදා දවසට තමයි ඒ අංශයේ ඉන්න හැමෝම අතර මේ මුදල් බෙදාගන්නේ. අවාසනාවන්තම කාරණය තමයි ඒ අංශයේ සිටි කිසිදු නිලධාරියෙකු මේ මුදල් එපා කියා ප්‍රතික්ෂේප කර නොමැති වීමයි.” යැයි රංග දිසානායක තව දුරටත් සඳහන් කළේය.
වැටලීම වැළැක්වීමට මුළු පද්ධතියම අක්‍රිය කරලා
දූෂිත නිලධාරීන් මෙම අල්ලස් ජාලය ආරක්ෂා කරගැනීම සඳහා තාක්ෂණය පවා අවභාවිත කරන ආකාරය මෙහිදී හෙළි විය.
වැටලීම සිදුකරන අවස්ථාවේදී එයට බාධා කිරීම සඳහා මුළු RMV පරිගණක පද්ධතියම (System) පැය ගණනාවකට අක්‍රිය කර ඇති අතර, එහි තිබූ CCTV දර්ශන පවා මකා දැමීමට දූෂිතයන් කටයුතු කර තිබේ.
රජයේ ආයතනයක් තුළ දූෂණයට එරෙහි වීම කෙතරම් දුෂ්කර සහ අවදානම් කාර්යයක්ද යන්න මෙයින් පැහැදිලි වන බව ඔහු පෙන්වා දුන්නේය.
“ඇඟ බේරාගන්නා අය නොව එරෙහි වන මිනිසුන් අවශ්‍යයි”
තමන් වරදක් නොකර නිහඬව සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බව අවධාරණය කළ රංග දිසානායක, රටක් ලෙස දූෂණයෙන් මිදීමට නම් වැරදිවලට එරෙහි විය හැකි සක්‍රීය පුරවැසියන් අවශ්‍ය බව පැවසීය.
“අපිට ඕනේ ‘එපා’ කියලා ඇඟ බේරාගන්න මිනිස්සු විතරක් නෙවෙයි, වැරැද්දට එරෙහි වෙන්න පුළුවන් මිනිස්සු. අනිත් මිනිස්සු වැරදි කරනකොට අපි බලාගෙන හිටියා නම්, ඒ පෝලිම්වල රඳා සිටීමට සිදුවන පීඩාව අපිටත් විඳින්න වෙනවා. නිද්‍රාශීලීව සිටින මිනිසුන්ටත් මේ දූෂණයේ අමිහිරි ප්‍රතිඵල භුක්ති විඳින්න සිද්ධ වෙනවා.”
අල්ලස නීත්‍යානුකූල යැයි සිතන සමාජය
සමහර රාජ්‍ය ආයතනවල පවතින තත්ත්වය කෙතරම් දරුණුද යත්, සාමාන්‍ය ජනතාව ඇතැම් අවස්ථාවල අල්ලස් මුදල් ලබාදීම නීත්‍යානුකූලව ගෙවිය යුතු මුදලක් ලෙස වරදවා වටහාගෙන ඇති බව ද මෙහිදී අනාවරණය විය.
දූෂණයට එරෙහි වන අයට එවැනි ආයතන තුළ රැඳී සිටීමට පවා ඉඩක් නොලැබෙන වාතාවරණයක් පවතින බව පවසන රංග දිසානායක, මෙම තත්ත්වය වෙනස් කිරීමට සමස්ත සමාජයම අවදි විය යුතු බව අවධාරණය කළේය.
| lankalokaya
RMV මාෆියාවේ මෙහෙයුම් ගැන රංග දිසානායක හෙළිකරයි
T
The Leader Desk
February 4, 2026 • 6:18 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඇතැම් නිලධාරීන් මහජනතාවගෙන් ලබාගන්නා අල්ලස් මුදල් සතිපතා සියලු දෙනා අතර බෙදාගන්නා සංවිධානාත්මක ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බව මෙහිදී අනාවරණය විය.
- කබඩ් එකක් තුළ තිබූ ලක්ෂ 41 ක සතිපතා “කලෙක්ෂන් එක” මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුකළ වැටලීමකදී එක්තරා නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුගේ කාර්යාලයේ තිබූ කබඩ් එකක් තුළ තිබී රුපියල් ලක්ෂ 41 ක මුදලක් සොයාගැනීමට හැකිවූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
- “ඒ ලක්ෂ 41 කියන්නේ එම අංශයේ පමණක් සතියක අල්ලස් එකතුව.
- අවාසනාවන්තම කාරණය තමයි ඒ අංශයේ සිටි කිසිදු නිලධාරියෙකු මේ මුදල් එපා කියා ප්‍රතික්ෂේප කර නොමැති වීමයි.” යැයි රංග දිසානායක තව දුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



