The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

රුපියල් කෝටියක් වන්දි ගෙවීමට Seagull Property Developers සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

T

The Leader Desk

April 2, 2026 • 4:38 AM

රුපියල් කෝටියක් වන්දි ගෙවීමට Seagull Property Developers සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාළ වන්දි මුදල සහශ්‍ර නිවාසකළමනාකරණ අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ පවතින ගිණුමක තැන්පත් කළ යුතු බවත් අදාළ සුපිරි වෙළඳසැල ඉවත් කිරීම ඇතුළු කටයුතු අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන ලදි.
  • මෙම කටයුතු අධීක්ෂණය කර ඒ සම්බන්ධයෙන්වන ප්‍රගති වාර්තාවක් මාස හතරක් ඇතුලත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයාට නියම කෙරිණ.
  • ඩී නවාස් මහතා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබිය.
  • සහශ්‍ර කළමනාකරණ අධිකාරිය, කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ශීගල් ප්‍රොපටි ඩිවෙලපර් සමාගම ඇතුළු පිරිසක් පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නම්කර සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):


අදාළ වන්දි මුදල සහශ්‍ර නිවාසකළමනාකරණ අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ පවතින ගිණුමක තැන්පත් කළ යුතු බවත් අදාළ සුපිරි වෙළඳසැල ඉවත් කිරීම ඇතුළු කටයුතු අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන ලදි.

මෙම කටයුතු අධීක්ෂණය කර ඒ සම්බන්ධයෙන්වන ප්‍රගති වාර්තාවක් මාස හතරක් ඇතුලත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයාට නියම කෙරිණ.

 

අදාළ මහල් නිවාසයේ සැලැස්මට අනුකූලව නොවන පරිදි සුපිරි වෙළෙඳ පවත්වාගෙන යාම හේතුවෙන් එහි පදිංචිකරුවන්ට රථ වාහන ගාල් කිරීමට අවහිර වී ඇති බව සඳහන් කරමින් අදාළ මහල් නිවාසයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගයන් කරන ලදි.

 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ එකඟත්වයෙන් යුතු නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච්.එම්. ඩී නවාස් මහතා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබිය.

වැල්ලවත්ත හැම්ප්ඩන් ප්‍රදේශයේ පිහිටි සහශ්‍ර මහල් නිවාසයේ පදිංචි වෛද්‍ය මහේන්ද්‍ර රාජා සහ කේ. බාලෙන්ද්‍ර යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනුකර තිබූ අතර නීතිඥ නියෝජනයකින් තොරව ඔවුන් විසින්ම පෙත්සම් විභාගයේද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

 සහශ්‍ර කළමනාකරණ අධිකාරිය, කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ශීගල් ප්‍රොපටි ඩිවෙලපර් සමාගම ඇතුළු පිරිසක් පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නම්කර සිටියහ.

 

වැල්ලවත්ත හැම්ප්ඩන් ප්‍රදේශයේ පිහිටි සහශ්‍ර  මහල් නිවාස සම්බන්ධයෙන් ''සිගල් සමාගම'' විසින් සිදු කරන ලද ප්‍රසිද්ධ කිරීම් හා දැන්වීම් අනුව පෙත්සම්කරුවන් විසින් එහි නිවාස මිලදීගෙන ඇති අතර එම ගිවිසුම අනුව පෙත්සම්කරුවන්ට රථ වාහන ගාල්කිරීම සඳහා නිසි පරිදි රථගාල් දිය යුතු බවද සඳහන්වේ.

 

මෙම සහස්‍ර මහල් නිවාසයේ මූලික සැලැස්මෙහි අවන්හලක් ඉදිකිරීමට යෝජිතව තිබූ අතර එම සැලැස්මට අනුකූලව කටයුතු නොකර සුපිරි වෙළෙඳ පවත්වාගෙන යාමට අදාල සමාගම සංශෝධිත සැලසුම් ඉදිරිපත් කර තිබුනද එය අනුමත කිරීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බව නඩු තීන්දුව මගින් පෙන්වා දී ඇත.

එහෙත් ඒ පිළිබඳ සැලකීමක් අදාළ සුපිරි වෙළඳසැල පවත්වාගෙන යාමට එම සමාගම කටයුතු කර ඇති අතර ඒ හේතුවෙන් පදිංචිකරුවන්ට තමන්ගේ වාහන නැවැත්විමේ පහසුකම අවහිර වී ඇති බවද නඩු තීන්දුවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් බලධාරීන්ට කර ඇති අතර ඉන් කිසිදු සහනයක් ලැබී නොමැති අතර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේද මීට අදාළ නඩුකරයක් විභාග වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මූලික නිවාස සැලසුම සංශෝධනය කරමින් මෙම සුපිරි වෙළඳ සැල සහිත සැලසුමට අදාළ අනුකූලතා සහතිකයක් නිකුත් කිරීමද නාගරික සංවර්ධන අධිකාරී ප්‍රතික්ෂේප කර ඇති නමුත් අදාළ සුපිරි වෙළඳසැල පවත්වාගෙන යාමට බලධාරීන් කටයුතු කර ඇති බව පෙත්සම් විභාගයේදී අනාවරණය වූ බවද නඩු තීන්දුව මගින් පෙන්වා දී ඇත.

මූලික නිවාස සැලසුමට සහ පදිංචිකරුවන් සමග එකඟ වූ ගිවිසුමට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් වගඋත්තරකාර සමාගම විසින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවට විනිසුරු මඩුල්ල විසින් තීරණය කර තිබේ.

එසේම අදාළ කරුණු සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සහ අදාළ සමාගමේ කටයුතු අධීක්ෂණය නොකිරීම මගින් සහස්‍ර නිවාස කළමනාකරණ  අධිකාරිය, කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින්ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරනු ලැබිය.


| නෙල්කා මැදගෙදර
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී

nelindum41@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රුපියල් කෝටියක් වන්දි ගෙවීමට Seagull Property Developers සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග | The Leader