The Leader News
BREAKING
Top Ad
පුවත්

කොළඹ අයවැයට පක්ෂව ඡන්දය දුන් SLMC මන්ත්‍රීනියට අධිකරණයෙන් සහනයක්

T

The Leader Desk

January 13, 2026 • 4:09 PM

 කොළඹ අයවැයට පක්ෂව ඡන්දය දුන් SLMC මන්ත්‍රීනියට අධිකරණයෙන් සහනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ නාගරික මන්ත්‍රීනී සොහාරා බුහාරී ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
  • අදාළ මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
  • මෙම වාරණ නියෝගය දින 14ක් බල පැවැත්වෙන අතර මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් සහ මහ ලේකම් නිසාම් කාර්යාප්පර් යන අයට නොතිසි නිකුත් කිරීමටද නියම කර ඇත.
  • ඉකුත් දෙසැම්බර් 31වනදා පැවති කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී තමා ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව පැමිණිලිකාරිය කියා සිටියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ නාගරික මන්ත්‍රීනී සොහාරා බුහාරී ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම වාරණ නියෝගය දින 14ක් බල පැවැත්වෙන අතර මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් සහ මහ ලේකම් නිසාම් කාර්යාප්පර් යන අයට නොතිසි නිකුත් කිරීමටද නියම කර ඇත.

ඉකුත් දෙසැම්බර් 31වනදා පැවති කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී තමා ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව පැමිණිලිකාරිය කියා සිටියාය.

එදින සිය පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කෙරුණු අතර එතැන් පටන් දින හතක් තුළ දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පක්ෂයෙන් තමන්ට නියම කළ බවත් ඇය සඳහන් කළාය.

එම ලිපිය තමන්ට ලැබුණේ ජනවාරි මස 02වනදා බවත් ඇය මෙහිදී කියා සිටියාය.

ඉන් පසුව පසුගිය 09 වනදා තමන් පක්ෂ මූලස්ථානයට ගොස් සිය විරෝධතා භාරදීමට ගිය අවස්ථාවේදී ද්වේශ සහගත ලෙස එය භාර ගැනීම ප්‍රතික්ෂේප කෙරුණු බවත් ඉන් පසුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ලිපියක් නිකුත් කෙරුණු බවත් ඇය සිය පැමිණිල්ලෙන් කියා සිටියාය.

සාධාරණ කරුණු විමසීමකින් තොරව සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීතියට පටහැනි බවත් එබැවින් එම තීරණය බල රහිත බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාරිය කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

| adaderana

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොළඹ අයවැයට පක්ෂව ඡන්දය දුන් SLMC මන්ත්‍රීනියට අධිකරණයෙන් සහනයක් | The Leader