එහිදී රනිල් වික්‍රමසිංහ ට ද උණුසුම් සුබ පැතුම් එක් කළ සජිත් ප්‍රේමදාස ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ද සාකච්ඡා කර ඇත.
මෙම සුබ පැතුම නව වසරේ අලුත් ආරම්භයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.
එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් පසුගිය 30 දා සිදුවිය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මෙම සාකච්ජාවට එක්ව සිටියේය.
මෙම හමුවේදී සිදුවූ කතාබහ පිළිබඳව එජාප ජ්‍යෙෂ්ඨ නායකයින් සිව්දෙනා ඊයේ එජාප නායක රනිල් හමුවී පැහැදිලි කර තිබිණ.
සබැඳි පුවත් :
එජාප නායකයින් හා සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් !




