නීතියේ අවසන් වගවිභාගය ශ්රේෂ්ඨාධිකරණයෙන්
පාර්ලිමේන්තුව පනවන නීති අනුව නීතිපති දෙපාර්තමේන්තුව හා අල්ලස් කොමිසම නඩු පවරන බවත්, පොලිසිය සහ රහස් පොලිසිය ඒ සඳහා අවශ්ය විමර්ශන සිදුකරන බවත් ජනාධිපතිවරයා ප්රකාශ කළේය.
එම නීතිමය ක්රියාවලියේ අවසන් වගවිභාගය සිදුකරන්නේ ශ්රේෂ්ඨාධිකරණය වන බැවින්, අධිකරණය දෙන තීන්දු වෙනස් කරන ලෙස බලපෑම් කිරීමෙන් නීතියේ ආධිපත්යයක් පැවතිය නොහැකි බව හෙතෙම සඳහන් කළේය.
අධිකරණ පද්ධතිය දෙන තීන්දු නීතිය පිළිබඳ නිවැරදිම නිගමන ලෙස රජය පිළිගන්නා බවත්, ස්වාධීනව නීතිය ක්රියාත්මක කිරීමට අදාළ ආයතනවලට පූර්ණ බලය ලබාදී ඇති බවත් ඔහු පැවසීය.
නීතිය ඉදිරියේ සැමට සමානත්වය
මෙතෙක් තමන් වෙත නීතිය ක්රියාත්මක නොවනු ඇතැයි සිතූ වරප්රසාදිත පුද්ගලයින්ට එරෙහිවද මේ වන විට නීතිය ක්රියාත්මක වෙමින් පවතින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මහජන දේපළ කොල්ලකෑ සහ දූෂණ-වංචාවලට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව නීතිය ක්රියාත්මක කර අධිකරණය හමුවට පමුණුවන බවද ඔහු අවධාරණය කළේය.
කිසිදු දේශපාලන කුමන්ත්රණයකට හෝ ජාතිවාදී, ආගම්වාදී උසිගැන්වීම්වලට ඉඩ නොතබා ජාතික සමගිය සුරකින පාලනයක් ඉදිරියට ගෙනයන බවද හෙතෙම කියා සිටියේය.
පාතාලය හා මත්ද්රව්ය මර්දනය
පැවති දේශපාලන රැකවරණ හේතුවෙන් පාතාලය සහ මත්ද්රව්ය ජාලයන් රට පුරා ව්යාප්ත වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා, සිය රජය යටතේ ඊට කිසිදු ඉඩක් නොමැති බව සඳහන් කළේය.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ක්රියාත්මක කළ විශේෂ මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් ද්රව්ය පිළිබඳ සංඛ්යාලේඛන ජනාධිපතිවරයා මෙහිදී ඉදිරිපත් කළේය:
* හෙරොයින්: කිලෝ 2,484ක්
* අයිස් (Methamphetamine): කිලෝ 3,301ක්
* කොකේන්: කිලෝ 297ක්
* ගිනිඅවි: T-56 අවි 93ක්, පිස්තෝල 141ක් සහ රිවෝල්වර් 105ක්
අනාගත පරපුරේ සුරක්ෂිතතාව වෙනුවෙන් මත්ද්රව්ය හා පාතාල ක්රියාකාරකම් මුළුමනින්ම තුරන් කිරීම රජයේ අරමුණ බවද ඔහු පැවසීය.
පාසල් 6,000කට අන්තර්ජාල පහසුකම්
ගෝලීය ශ්රම වෙළෙඳපොළට ගැළපෙන නිර්මාණශීලී දරුවෙකු බිහිකිරීම උදෙසා සාම්ප්රදායික අධ්යාපන ක්රමයේ කඩිනම් වෙනසක් සිදුකළ යුතු බව ජනාධිපතිවරයා ප්රකාශ කළේය.
ඒ වෙනුවෙන් පාසල් පද්ධතිය ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සඳහා මේ වන විටත් දිවයිනේ පාසල් 6,000කට අධික සංඛ්යාවකට අධිවේගී ෆයිබර් තාක්ෂණික සබඳතා ලබාදී ඇති බවත්, ඉදිරියේදී එම තාක්ෂණික පහසුකම් තවදුරටත් පුළුල් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
(සටහන - රාධිනි )



