The Leader News
BREAKING
දකුණු ආසියාවේ පළමු රාජ්‍ය සේවා සංවාද රාමුව ශ්‍රී ලංකාවෙන් ඇරඹේ●පොලී අනුපාත 9.00% දක්වා ඉහළට: ආර්ථිකයට වෙන දේ●චීන පුහුණු දැනුම මෙරට සංවර්ධනයට යොදවන නව ඩිජිටල් පාලම ඇරඹේ●බදු අල්ලස් චෝදනාවට වරදකරු වූ නිලධාරියාට සිරදඬුවම් සහ ප්‍රජා අයිතිය අහිමි වෙයි●යාපනයේ කසළ අර්බුදයට විසඳුම් සොයා නගර සභාව අධිකරණයට●වසර 10ක් තුළ ලංකාවේ දරු උපත් 36%කින් පහළට: හෙට දවසේ වෙළඳපොළට කුමක් වෙයිද?●පැය දෙකකින් රෝග හඳුනාගන්නා ජපන් AI තාක්ෂණය මෙරටට●න්‍යෂ්ටික අවි සීමාව තවමත් දුරයි: ට්‍රම්ප් - ෂී - පුටින් හමුවේ ඇතුළාන්තය●ඉසුමි අපොන්සුගේ රිද්මයානුකූල ආමන්ත්‍රණය: ‘දේවී’ අන්තර්ජාලයට මුදාහැරේ●පාරාදීසය : අයවැය විවේචන මැද නිහඬ ආණ්ඩුව සහ කොළඹ සුපිරි පැලැන්තිය●
Top Ad
පුවත්

දකුණු ආසියාවේ පළමු රාජ්‍ය සේවා සංවාද රාමුව ශ්‍රී ලංකාවෙන් ඇරඹේ

Pasan

Pasan

November 20, 2026 • 11:59 PM

දකුණු ආසියාවේ පළමු රාජ්‍ය සේවා සංවාද රාමුව ශ්‍රී ලංකාවෙන් ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය ආර්ථික අර්බුදයත් සමඟ ඉහළ ගිය බදු බර, බඩු මිල සහ මිලදී ගැනීමේ ශක්තිය හීන වීම මෙරට වැඩකරන ජනතාවට දැඩි පීඩනයක් එල්ල කළේය.
  • ‘ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය’ නමින් වසර දෙකක් පුරා ක්‍රියාත්මක වූ එම ඒකාබද්ධ ව්‍යාපෘතිය අවසන් කරමින්, රාජ්‍ය සේවයේ සමාජ සංවාදය පිළිබඳ ප්‍රකාශනය අද (නොවැම්බර් 20) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සම්මත කෙරිණි.
  • ගැටලු විසඳන අදියර තුනේ ඉණිමඟ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සමඟ එක්ව රාජ්‍ය සේවකයින් ලක්ෂ 14කට (මිලියන 1.4) සිය ගැටලු ඉදිරිපත් කිරීමට නිශ්චිත වේදිකාවක් දැන් නිර්මාණය වී ඇත.
  • මෙහි විශේෂත්වය වන්නේ ගැටලු විසඳීම සඳහා හඳුන්වා දී ඇති අදියර තුනේ ඉණිමඟ (Three-tier ladder)යි: | ආයතනික මට්ටම: උසස්වීම් ක්‍රියාවලියේ සිට සේවා ස්ථානයේ ආරක්ෂාව දක්වා ආයතන අභ්‍යන්තර ප්‍රශ්න විසඳීමට සේවා ස්ථාන සංසද 82ක් පිහිටුවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය ආර්ථික අර්බුදයත් සමඟ ඉහළ ගිය බදු බර, බඩු මිල සහ මිලදී ගැනීමේ ශක්තිය හීන වීම මෙරට වැඩකරන ජනතාවට දැඩි පීඩනයක් එල්ල කළේය.

එම පීඩනය මහපාරේ ගැටුම් හෝ වැඩවර්ජන දක්වා දුරදිග යාම වළක්වා, සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳා ගැනීමේ නව සංස්කෘතියක් මෙරට ස්ථාපිත කිරීමට රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ.

‘ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය’ නමින් වසර දෙකක් පුරා ක්‍රියාත්මක වූ එම ඒකාබද්ධ ව්‍යාපෘතිය අවසන් කරමින්, රාජ්‍ය සේවයේ සමාජ සංවාදය පිළිබඳ ප්‍රකාශනය අද (නොවැම්බර් 20) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සම්මත කෙරිණි. ඒ සමඟම දකුණු ආසියාවේ පළමු ජාතික රාජ්‍ය සේවා සංවාද රාමුව ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් ස්ථාපිත විය.

ගැටලු විසඳන අදියර තුනේ ඉණිමඟ

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සමඟ එක්ව රාජ්‍ය සේවකයින් ලක්ෂ 14කට (මිලියන 1.4) සිය ගැටලු ඉදිරිපත් කිරීමට නිශ්චිත වේදිකාවක් දැන් නිර්මාණය වී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ ගැටලු විසඳීම සඳහා හඳුන්වා දී ඇති අදියර තුනේ ඉණිමඟ (Three-tier ladder)යි:

| ආයතනික මට්ටම: උසස්වීම් ක්‍රියාවලියේ සිට සේවා ස්ථානයේ ආරක්ෂාව දක්වා ආයතන අභ්‍යන්තර ප්‍රශ්න විසඳීමට සේවා ස්ථාන සංසද 82ක් පිහිටුවා තිබේ.

| ක්ෂේත්‍ර මට්ටම: ආයතන මට්ටමින් විසඳාගත නොහැකි ගැටලු විභාග කිරීම සඳහා ක්ෂේත්‍රීය සංසද 7ක් ක්‍රියාත්මක වේ.

| ජාතික මට්ටම: ක්ෂේත්‍ර කිහිපයකට බලපාන සහ මධ්‍යම රජයේ මැදිහත්වීම අවශ්‍ය පොදු ප්‍රශ්න ජාතික රාජ්‍ය සේවා සංවාද සංසදය හරහා සාකච්ඡාවට ගැනේ.

කාන්තා නායකත්වය සහ සුරක්ෂිත සේවා පරිසරයක්

පෞද්ගලික අංශයේ සහ වතු ක්ෂේත්‍රයේ සේවා ස්ථාන වඩාත් සාධාරණ කිරීමට ලංකා සේව්‍ය සම්මේලනය, ජාතික වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්ත ජාලය සහ ජාතික කම්කරු උපදේශක සභාව මීට එක් විය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) මැදිහත්වීමෙන් සේවා ස්ථානවල සිදුවන ලිංගික හිංසන වැළැක්වීමට, දුක්ගැනවිලි යාන්ත්‍රණ ශක්තිමත් කිරීමට සහ කාන්තා නායකත්වය ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

කම්කරු ආරවුල් විභාග කිරීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සාධක සැලකිල්ලට ගැනීම සඳහා කම්කරු විනිශ්චය සභා විනිසුරුවරුන් සහ වතු කළමනාකරුවන් ද මේ යටතේ දැනුවත් කෙරිණි.

ගමේ හඬ දිස්ත්‍රික් නිලධාරීන් වෙත

මෙරට ශ්‍රම බලකායෙන් තුනෙන් දෙකක් පමණ අයත් වන්නේ ස්ථිර වැටුපක් හෝ විධිමත් රැකියා සුරක්ෂිතතාවක් නොමැති අවිධිමත් ආර්ථිකයටයි.

යුනෙස්කෝ (UNESCO) සංවිධානය, දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA), ඇතුළත් බලපෑම් සඳහා වූ සන්ධානය (Coalition for Inclusive Impact) සහ වර්ල්ඩ් විෂන් ලංකා (World Vision Lanka) යන ආයතන එක්ව කාන්තාවන්, තරුණයින් සහ ආන්තික ප්‍රජාවන් බලගැන්වීමට කටයුතු කළේය.

ගම්පහ, බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල පිහිටුවූ ප්‍රජා සංසද 33ක් හරහා පුහුණුව ලැබූ 180කට අධික පිරිසක් දැන් ධීවර, කෘෂිකාර්මික සහ වතු ප්‍රජාවන්ගේ ගැටලු දිස්ත්‍රික් මට්ටමේ තීරණ ගන්නා නිලධාරීන් වෙත සෘජුවම ඉදිරිපත් කරති.

සවන්දීම ක්‍රියාවට නැංවීමේ වගකීම

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය තුළින් වඩා හොඳ රාජ්‍ය සේවාවක් සහ සාධාරණ සේවා කොන්දේසි ජනතාවට හිමිවිය යුතු බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රෑන්ච් (Marc-André Franche) මෙහිදී පෙන්වා දුන්නේය.

"දැන් තිබෙන වගකීම වන්නේ සවන්දීම ක්‍රියාවට නැංවීමයි. එවිට තම ගැටලුවලට විසඳුම් ලැබෙන බව ජනතාවට දැනෙනු ඇති අතර, තමන්ට සේවය කරන ආයතන කෙරෙහි ඔවුන් තුළ විශ්වාසය ගොඩනැගෙනු ඇත."

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තිරසර සංවර්ධන අරමුදලේ (UN Sri Lanka SDG Fund) මූල්‍ය දායකත්වයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), යුනෙස්කෝ (UNESCO) සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය.

ව්‍යාපෘති කාලය අවසන් වුවද, රජය, හාම්පුතුන්, සේවකයින් සහ ප්‍රජාවන් අතර ගොඩනැගුණු මෙම සංවාද යාන්ත්‍රණය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම රටේ සමාජ සංහිඳියාවට තීරණාත්මක වනු ඇත.

(සටහන | හර්ෂ උදයකාන්ත පීරිස්)
2026 නොවැම්බර් 20


වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳි:

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ව්‍යාපෘති වාර්තාව

යුනෙස්කෝ (UNESCO) ව්‍යාපෘති පැතිකඩ

එක්සත් ජාතීන්ගේ අරමුදල් සහ ප්‍රගති වාර්තා (MPTF Office)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...