The Leader News
BREAKING
යාපනයේ කසළ අර්බුදයට විසඳුම් සොයා නගර සභාව අධිකරණයට●වසර 10ක් තුළ ලංකාවේ දරු උපත් 36%කින් පහළට: හෙට දවසේ වෙළඳපොළට කුමක් වෙයිද?●පැය දෙකකින් රෝග හඳුනාගන්නා ජපන් AI තාක්ෂණය මෙරටට●න්‍යෂ්ටික අවි සීමාව තවමත් දුරයි: ට්‍රම්ප් - ෂී - පුටින් හමුවේ ඇතුළාන්තය●ඉසුමි අපොන්සුගේ රිද්මයානුකූල ආමන්ත්‍රණය: ‘දේවී’ අන්තර්ජාලයට මුදාහැරේ●පාරාදීසය : අයවැය විවේචන මැද නිහඬ ආණ්ඩුව සහ කොළඹ සුපිරි පැලැන්තිය●දෙමළ වින්දිතයන් එපා කියූ රාජ් සෝමදේවගේ චෙම්මනි වාර්තාව උසාවියේදී හිරවේ●ඉන්දීය සහල් අතිරික්තය නිසා මධ්‍යම රජය මූල්‍ය අවුලක●රොහාන් වැලිවිටගේ ‘මම තනියම’ චිත්‍රපටයට අන්තර්ජාතික සම්මාන ත්‍රිත්වයක්●අයවැය ඉලක්කම් යට සැඟවුණු ආර්ථිකයේ නිශ්ශබ්ද සුනාමිය●
Top Ad
Life

පැය දෙකකින් රෝග හඳුනාගන්නා ජපන් AI තාක්ෂණය මෙරටට

Pasan

Pasan

November 20, 2026 • 9:35 PM

පැය දෙකකින් රෝග හඳුනාගන්නා ජපන් AI තාක්ෂණය මෙරටට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බරපතළ රෝග ලක්ෂණ මතු වී රෝහල්ගත වන තුරු බලා නොසිට, ඊට බොහෝ කලකට පෙර රෝග හඳුනාගැනීම අද දියුණු ලෝකයේ ප්‍රධානතම සෞඛ්‍ය පුරුද්දකි.
  • පිළිකා ඇතුළු බෝ නොවන රෝග මූලික අවධියේදීම හඳුනාගැනීම මෙහි ප්‍රධාන ඉලක්කයයි.
  • දින ගණනක පරීක්ෂණ පැය දෙකකට සීමා වෙයි සාමාන්‍යයෙන් සම්පූර්ණ ශරීර සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා දින කිහිපයක් රෝහල් තුළ කාලය වැය කිරීමට සිදුවුවත්, NURA මධ්‍යස්ථානයේදී සමස්ත ක්‍රියාවලියටම ගත වන්නේ මිනිත්තු 120ක් පමණි.
  • මෙම පරීක්ෂණ සඳහා පෙර දින සිට නිරාහාරව සිටීම වැනි දැඩි පූර්ව සූදානම් අවශ්‍ය නොවන බව එම ආයතනය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

බරපතළ රෝග ලක්ෂණ මතු වී රෝහල්ගත වන තුරු බලා නොසිට, ඊට බොහෝ කලකට පෙර රෝග හඳුනාගැනීම අද දියුණු ලෝකයේ ප්‍රධානතම සෞඛ්‍ය පුරුද්දකි.

ජපානයේ සුපතල FUJIFILM සමාගමේ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය පදනම් කරගත් NURA සෞඛ්‍ය පරීක්ෂණ ජාලය, හේලීස් සමූහය සමඟ එක්ව ළඟදීම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වේ.

හේලීස් සමූහයට අනුබද්ධ Innovative Health Solutions (Pvt) Ltd සමාගම සහ FUJIFILM DKH LLC ආයතනය එක්ව මෙම ව්‍යාපෘතිය මෙරටට හඳුන්වා දෙයි. පිළිකා ඇතුළු බෝ නොවන රෝග මූලික අවධියේදීම හඳුනාගැනීම මෙහි ප්‍රධාන ඉලක්කයයි.

90-1536x864.jpeg

දින ගණනක පරීක්ෂණ පැය දෙකකට සීමා වෙයි

සාමාන්‍යයෙන් සම්පූර්ණ ශරීර සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා දින කිහිපයක් රෝහල් තුළ කාලය වැය කිරීමට සිදුවුවත්, NURA මධ්‍යස්ථානයේදී සමස්ත ක්‍රියාවලියටම ගත වන්නේ මිනිත්තු 120ක් පමණි.

මෙම පරීක්ෂණ සඳහා පෙර දින සිට නිරාහාරව සිටීම වැනි දැඩි පූර්ව සූදානම් අවශ්‍ය නොවන බව එම ආයතනය පවසයි. පරීක්ෂණ වාර්තා එදිනම ලබා දෙන අතර, එම ප්‍රතිඵල පිළිබඳව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු සමඟ සෘජුවම සාකච්ඡා කර උපදෙස් ලබා ගැනීමට ද පාරිභෝගිකයාට අවස්ථාව හිමි වේ.

අවම විකිරණ සහිත ජපන් තාක්ෂණය

CT ස්කෑන් පරීක්ෂණවලට යොමු වීමට බොහෝ දෙනෙකු මැළි වන්නේ ශරීරයට ඇතුළු වන අධික විකිරණ මාත්‍රාව පිළිබඳ ඇති බිය නිසාය. NURA හි ස්ථාපිත Ultra-low-dose CT පද්ධතිය මගින්, සාම්ප්‍රදායික CT ස්කෑන් පරීක්ෂණයකට සාපේක්ෂව විකිරණ මාත්‍රාව 97%කින් පමණ අඩු කර තිබේ.

FUJIFILM සමාගමේ දශක ගණනාවක වෛද්‍ය දත්ත මත පදනම් වූ AI තාක්ෂණය මෙහිදී ස්කෑන් රූප ඉතා සියුම්ව විශ්ලේෂණය කරයි. ඉන් පියවි ඇසට හසු නොවන ශරීරයේ සැඟවුණු සියුම් රෝගී තත්ත්වයන් පවා නිවැරදිව හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට විශාල සහයෝගයක් ලැබේ.

0-1-1-1536x1229.jpegNURA හි ශ්‍රී ලංකා මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබඳව එහි නිර්මාතෘ සහ අධ්‍යක්ෂ Masaharu Morita මහතා

අධික ප්‍රතිකාර වියදම් වළක්වන සෞඛ්‍ය සංස්කෘතියක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්තවලට අනුව මෙරට සිදුවන මරණවලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයකට හේතු වී ඇත්තේ හෘද රෝග, දියවැඩියාව සහ පිළිකා වැනි බෝ නොවන රෝගයි. රෝගය උත්සන්න වූ පසු ප්‍රතිකාර කිරීමට යන අධික මුදල සහ ජීවිත අවදානම වළක්වා ගැනීමට ඇති හොඳම විසඳුම කල්තියා රෝග හඳුනාගැනීමයි.

මේ පිළිබඳව අදහස් දක්වන NURA නිර්මාතෘ සහ අධ්‍යක්ෂ මසහාරු මොරිටා (Masaharu Morita) මහතා පවසන්නේ මෙවැන්නකි:

"ජපානයේදී රෝගයක් ගැන සැකයක් ඇති වීමටත් පෙර සිටම සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීම එදිනෙදා ජීවිතයේ කොටසක්. ඉන්දියාව, ඩුබායි, තායිලන්තය වැනි රටවලින් පසුව ශ්‍රී ලංකාවටත් එම පහසුකම රැගෙන ඒමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා."

2021 වසරේ ඉන්දියාවේ බැංගලෝර් නුවරින් ඇරඹි NURA ජාලය මේ වන විට රටවල් කිහිපයකම ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කිරීමට පෙර ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමට කැමති මහජනතාව වෙනුවෙන් https://nurahealth.lk/waitlist/ වෙබ් අඩවිය හරහා පූර්ව ලියාපදිංචි වීමේ පහසුකම ද මේ වන විට විවෘත කර තිබේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...