දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 94 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කළේ, බදු ගෙවිය යුතු සියලු දෙනා නිසි ලෙස බදු දැලට ඇතුළත් කර ගනිමින් බදු පදනම (Tax Base) පුළුල් කිරීම රජයේ මූලික උපායමාර්ගය බවයි.
එමඟින් බදු අනුකුලතාවය ඉහළ නංවා, අනාගතයේදී දැනට පවතින බදු අනුපාත (Tax Rates) තවදුරටත් පහත හෙළීමට රජය සුබවාදීව බලාපොරොත්තු වන බව ද ඔහු අවධාරණය කළේය.
"වසර 94 ක අභිමානය - Taxes - for a Better Future" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සංවත්සරයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, පසුගිය වර්ෂය ශ්‍රී ලංකා බදු ඉතිහාසයේ සුවිශේෂී වසරක් වූ බවත්, එහිදී ඉතිහාසයේ ඉහළම බදු ආදායම වාර්තා කිරීමට හැකි වූ බවත් පැවසීය. මෙම ජයග්‍රහණය රටේ මූල්‍ය ස්ථාවරත්වය උදෙසා තැබූ දැවැන්ත පියවරක් බව ඔහු පෙන්වා දුන්නේය.
රජය සහ පුරවැසියා අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය ආර්ථික සංවර්ධනයේ පදනම බව සඳහන් කළ ජයවීර, මහජනතාව ලබාදෙන බදු මුදල් පාසල්, රෝහල් සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ප්‍රායෝගිකව ආයෝජනය වන ආකාරය රජය පෙන්වා දී ඇතැයි පැවසීය. රජයේ අවසාන අරමුණ වන්නේ මහජනතාව ස්වේච්ඡාවෙන් බදු ගෙවීමට පෙළඹෙන පරිවර්තනීය ජාතික බදු සංස්කෘතියක් මෙරට තුළ ස්ථාපිත කිරීමයි.
මෙම ආර්ථික පරිවර්තනයේ නියමුවන් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව වෘත්තීයමය හා තාක්ෂණික වශයෙන් සවිබල ගැන්වීමට රජය ප්‍රමුඛතාවය ලබා දෙන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. වසර 94ක් පුරා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වූ නිලධාරීන්ට සහ තම යුතුකම ඉටුකරන සියලුම බදු ගෙවන්නන්ට මෙහිදී අමාත්‍යවරයාගේ ගෞරවය හිමි විය.
''දැනට බදු ගෙවන පිරිස මත පවතින පීඩනය අවම කිරීමටත්, බදු අනුපාත පහළ දැමීම කෙරෙහි අවධානය යොමු කිරීමටත් රජය බලාපොරොත්තුවයි''

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
'දැනට බදු ගෙවන පිරිස මත පවතින පීඩනය අවම කිරීමටත්, බදු අනුපාත පහළ දැමීම කෙරෙහි අවධානය යොමු කිරීමටත් රජය බලාපොරොත්තුවයි'' දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 94 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ශ්‍රී ලංකා රජයේ ප්‍රධානතම ආදායම් එකතු කිරීමේ ආයතනය වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වර්තමානය වන විට දැවැන්ත ව්‍යුහාත්මක සහ සංකල්පීය වෙනසකට භාජනය වෙමින් පවතින බව ලේකම්වරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම, ස්වේච්ඡා බදු අනුකූලතාවය (Voluntary Compliance) දිරිමත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ පූර්ණ මඟපෙන්වීම යටතේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය වේගවත් කරමින් පවතින බව ඔහු සඳහන් කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉකුත් වසරේදී ඉතිහාසයේ ඉහළම බදු ආදායම වාර්තා කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගෙන ඇති අතර, 2026 වර්ෂය සඳහා වන ආදායම් ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ උපායමාර්ගික සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
තාක්ෂණික දියුණුව කොතරම් සිදු වුවද, සමස්ත ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතින්නේ නිලධාරීන්ගේ කැපවීම සහ කාර්යක්ෂමතාව මත බව ලේකම්වරයා අවධාරණය කළේය. ඒ අනුව, බදු ගෙවීමේ කාර්යබහුල කාලසීමාවන්හිදී නිලධාරීන් මුහුණ දෙන පීඩනය අවම කර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපිරි සේවා පරිසරයක් සහ විධිමත් පුහුණුවක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය ප්‍රමුඛත්වය ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
"Taxes - for a Better Future" තේමාව යථාර්ථයක් බවට පත්කිරීමට කැපවන ලෙස ඉල්ලා සිටි ලේකම්වරයා, වසර 94ක් පුරා මෙරට රාජ්‍ය මූල්‍ය පද්ධතිය සුරක්ෂිත කිරීමට දායක වූ කොමසාරිස් ජනරාල්වරිය ඇතුළු සමස්ත නිලධාරී මණ්ඩලයට සිය කෘතඥතාව පළ කර සිටියේය.

(සටහන | ජේ.මුණසිංහ)